ජාත්‍යන්තර කාන්තා දින ආශිර්වාද පූජාව අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කැලණිය රජ මහා විහාරයේ දී පැවැත්වෙයි
Posted on March 7th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමීව පවත්වන ආශිර්වාද පූජාව කැලණිය රජ මහා විහාරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද 2021.03.07 දින පස්වරුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණ මෙම ආශිර්වාද පිංකම සංවිධානය කර තිබිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය බෝධීන් වහන්සේට මල් පහන් පූජාකිරීමෙන් අනතුරුව කැළණිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ගරු අග්‍රාමාත්‍යතුමා අතින් ආලෝකමත් කෙරිණි.

ආලෝක පූජාවෙන් අනතුරුව කැලණිය චෛත්‍යරාජයාණන් අභියස දී මෙම ආශිර්වාද පූජාව පැවැත්විණි.

කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය ආශිර්වාද පුජාව පැවැත්වූහ.

අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නය උදෙසා අටපිරිකර පූජා කළේය.

ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණට සිවු වසරක් සැපිරීම, කොවිඩ්-19 රෝගය වැළඳුණු රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම සහ මෙම වසංගතය තුරන් වී සියලු ලක් වැසියන්ට ඉන් ආරක්ෂාවීමට ආශිර්වාද  එක් කිරීම මෙම පිංකමේ ප්‍රධාන අරමුණකි.

අමාත්‍යවරුන්වන මහාචාර්ය ජී.එල් පීරිස්, ප්‍රසන්න රණතුංග, ශ්‍රි ලංකා පොදුජන කාන්තා පෙරමුණේ සභාපතිනි අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන්වන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ප්‍රනාන්දු, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න, ප්‍රාදේශිය සභා සභාපතිවරුන්,මන්ත්‍රිවරුන් ඇතුළු මහජන නියෝජිතයන් සහ ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ සමාජික සාමාජිකාවන් ඇතුළු මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress