නිදහසට එක්වෙමු-වැඩබිම ජයගමු යෝජනාව අග්‍රාමාත්‍යතුමාට භාරදෙයි
Posted on April 30th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තිය සමිති එක්ව සකස් කළ යෝජනා 21කින් යුතු ‘නිදහසට එක්වෙමු-වැඩබිම ජයගමු’ ජාත්‍යන්තර කම්කරු දින යෝජනාව ශ්‍රීලනිප සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා විසින් අද (30) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන ලදි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එවකට කම්කරු අමාත්‍යවරයා ලෙස ගෙන ආ කම්කරු ප්‍රඥප්තිය මගින් මෙරට වැඩකරන ජනතාවට සිදු වූ ඉමහත් සේවාව සහ කම්කරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා දැක්වූ දායකත්වය වෘත්තිය සමිති නායකයෝ මෙහි දී ඇගයීමට ලක් කළහ.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ වල වැටුප් වැඩිකීරීමට එවකට ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කිරීම ද මෙහි දී විශේෂයෙන් සිහිපත් කෙරිණි. 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍යවරුන්වන ජී. එල්. පීරිස්, ගාමිණි ලොකුගේ, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර, හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහත්වරු සහ ශ්‍රිලනිප වෘත්තීය සමිති නායකයෝ පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress