අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එන්නත්කරණ ජාතික වැඩපිළිවෙලට රාජ්‍ය අමාත්‍යංශ ඒකරාශි වෙයි
Posted on June 4th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

රාජ්‍ය අමාත්‍යංශ ඒකරාශි කරමින් ජාතික එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රමවත්ව හා විධිමත්ව ක්‍රියාවට නැංවීමට අදාළ සාකච්ඡාවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (03) දින පැවැත්විණි.

මෙහිදී දැනට එන්නත්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අදහස් විමසීමට ලක්විය.

ඒ අනුව එන්නත්කරණ වැඩසටහනට සියලු දෙනාට දායකවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී පැහැදිලි කළේය.

ජාතික එන්නත්කරණ වැඩපිළිවෙල කාර්යක්ෂම කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යංශ මට්ටමෙන් අවශ්‍ය සම්පත් ඒකරාශී කර ගැනීම හා අදාළ වැඩපිළිවෙල ක්‍රමවත් හා විධිමත්ව කිරීමට අදාළ තීරණයන්ට මෙහි දී එළැඹිණි.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වැඩි පිරිසක් සහභාගී වී සිටියහ.

මාධ්‍ය ඒකකය

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress