රාජ්‍යය නිළධාරීන්ටත් එන්නත්කරණයේදී ප්‍රමුඛතාවක් ලබා දීම සම්බන්ධයෙන් බළධාරීන් සමඟ සාකච්ජා කරන බව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි
Posted on June 9th, 2021

තිසර සමල් – අනුරාධපුර 

රාජ්‍යය යාන්ත්‍රනය ඇත්තටම දැන් දුවන්නේ ප්‍රාදේශීය ලේකම්කාර්යාල ප්‍රාදේශීය සභා, සෞඛ්‍ය අංශ නිසා, මේ ටික අපි බේරා ගත්තේ නැත්නම්, මේක කඩා වැටුනොත් එහෙම ඊළඟට සේරම ටික ඉවරනේ, මේ ටික තමයි අපි ඉස්සරලාම ආරක්ෂා කර ගන්න ඔ්න. ඒ නිසා රාජ්‍යය නිළධාරීන්ටත් එන්නත්කරණයේදී ප්‍රමුඛතාවක් ලබා දීම සම්බන්ධයෙන් බළධාරීන් සමඟ සාකච්ජා කරන බව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, තිරප්පනය ප්‍රාදේශීය කොවිඩ් කමිටුව අමතමින්ය.තිරප්පනය ප්‍රාදේශීය ලේකම් සජිදා භාණු, තිරප්පනය ප්‍රාදේශීය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ, තිරප්පනය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමන්  යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ රාජ්‍යය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන්  මෙම කමිටු රැස්වීම තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී එන්නත්කරණ වැඩපිළිවෙල, රෝගීන් හදුනාගැනීම නිරෝධායනය කිරීම, අඩුආදායම්ලාභීන්ට හා නිරෝධායන පවුල් සඳහා මුදල් හා ද්‍රව්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් හා මහජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් සාකච්ජා කෙරිණි.

එහිදි අදහස් දැක්වූ තිරප්පනය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමන්,

තිරප්පනය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයේ වැඩිම ආසාධිතයින් ප්‍රමාණයක් වාර්ථා වුනේ කඩ වීදියෙන්, 18 දෙනෙක් ආසාධිතයින් වාර්ථා වුණා, ඊට පස්සේ අලිස්ථානයේ 08 දෙනෙක්, වන්නම්මඩුව, වනමල් උයන ඇතුළුව නගරය ආශ්‍රිතව ගම්මාන වල 61 දෙනෙක් ආසාධිතයෝ බවට පත් වුණා. යැයි පැවසීය.

රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

රජය මන් ලබා දෙන රුපියල් 5000 සඳහා ලැයිස්තු සකස් කර අවසන්ද? පවුල් කීයක් සුදුසුකම් ලබලා තියෙනවාද යැයි එහිදී රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු අදාළ නිළධාරින්ගෙන් විමසීය.

පවුල් 9520 ක් රජය මගින් ලබා දෙන රුපියල් 5000 ක දීමනාවට සුදුසුකම් ලබා ඇති බව එහිදී නිළධාරීන් පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ තිරප්පනය ප්‍රාදේශීය ලේකම්තුමිය කියා සිටියේ සමෘද්ධීලාභීන්ට දෙනවා,වැඩිහිටි දීමනා, වකුගඩු දීමනා ලබන්නන්,ආබාධිත දීමනා ලබන්නන් හා පොරොත්තු ලේඛණයේ අය, ක්ෂය රෝග ඇතුළු රෝග සඳහා ආධාර ලබා ගන්නා අය හා මහජන ආධාර ලබා ගන්නා අය තමයි අදාළ කර ගන්න කියලා තියෙන්නේ.ඊට අමතරව රැකියා අහිමි පවුල් හා අනු පවුල් වලටත් 5000 ක දීමනාව දෙන්න කියලා තියෙනවා. මේ වන විට යම් ආධාරයක් ගන්නා අයට අවම ආධාර මුදලේ සිට රුපියල් 5000 ට ගලපලා දෙන්න කියලා තමයි උපදෙස් දීලා තියෙන්නේ.උදාහරණයක් විදිහට සමෘද්ධිය රුපියල් 3500 ක් ගන්නා පවුලකට  දෙන්න වෙන්නේ රුපියල් 1500 ක් පමණයි. වකුගඩු ආධාර ආබාධිත ආධාර ආදී සියල්ල ලබා ගෙන රුපියල් 5000 ක්ම ගන්නවා නම් සානුකම්පිත දීමනාවක් ලෙස රුපියල් 2500 ක් දෙන්න කියලා උපදෙස් ලැබිලා තියෙනවා යැයි පැවසුවාය.

සංචරණසීමා පනවා ඇති අවස්ථාවේ ජනතාවට භාණ්ඩ මිලදී ගැනීමට වෙළඳසැල් විවෘත කිරීම කෙසේද සිදු වන්නේ යැයි රාජ්‍යය අමාත්‍යයතුමන් එහිදී නිළධාරීන්ගෙන් විමසා සිටියහ.

ගම්මාන වල වෙළඳසැල් ඇරලා තියෙනවා කිසි ගැටලුවක් නෑ, නගරයේ වෙළඳසැල් ලෙස තොග කඩ පමණයි විවෘත වෙලා තියෙන්නේ, තොග ගෙන ඒමට යාමට අවසර පත්‍ ලබා දීම කරනවා යැයි නිළධාරීන් පෙන්වා දුන්හ.

මිනිස්සුන්ටත් ගැටලුවක් නොවන, සංචරණ සීමා දැම්ම ඒකේ ප්‍රථිපලයක් තියෙන විදිහට අපි මේ වැඩ ටික හදාගන්න අවශ්‍යයි. සුදුසු විදිහට සෞඛ්‍ය අංශ වලින් උපදෙස් අරගෙන සෞඛ්‍ය නීතී රීතී අනුව ජනතාවට තියෙන බලපෑම අවම වන විදිහට තීන්දු ටික ගමු යැයි දුමින්ද දිසානායක මහතා පැවසීය.

එන්නත්කරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමන්,

ග්‍රාම නිළධාරී කොට්ඨාශ මට්ටමින් වැඩිම ආසාධිතයින් වාර්ථා වීමට ප්‍රමුඛතාවය දීලා එන්නත්කරණය ආරම්භ කරනවා, යම්කිසි ප්‍රථිශතයක් අපි අත්‍යවශ්‍ය සේවා සපයන රජයේ නිළධාරීන්ට ලබා දෙන්න තීරණයක් තියනවා. සංචරණසීමා දැම්මත් ග්‍රාමසේවක මහත්වරු, ප්‍රාදේශීය ලේකම්කාර්යාල නිළධාරීන්, හදිසි මරණ පරීක්ෂකවරුන් එන්නත් කරණය කළ යුතුයි.එන්නත් ලැබුණු පසු ග්‍රාම නිළධාරී තුළාන මට්ටමින් එන්නත් කරණය කරනවා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

රාජ්‍යය යාන්ත්‍රනය ඇත්තටම දැන් දුවන්නේ ප්‍රාදේශීය ලේකම්කාර්යාල ප්‍රාදේශීය සභා, සෞඛ්‍ය අංශ නිසා, මේ ටික අපි බේරා ගත්තේ නැත්නම්, මේක කඩා වැටුනොත් එහෙම ඊළඟට සේරම ටික ඉවරනේ, රුපියල් 5000 දෙන එක වෙන්න පුළුවන්, බඩු මළු බෙදන එක වෙන්න පුලුවන් මේ ටික තමයි අපි ඉස්සරලාම ආරක්ෂා කර ගන්න ඔ්න.රටේ සියලුම දෙනාව එන්නත්කරණය කරන්න ඔ්න බව ඇත්ත,ඒ වගේම මේ රාජ්‍යය යාන්ත්‍රණය වැටු‌නොත් එහෙම සේරම ටික කඩා වැටෙනවා, මේ වගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වහන්න වුණොත් මුකුත්ම කර ගන්න බැරි වෙනවා.මේ ගැන ඉහළට යෝජනාවක් කර තීන්දුවක් ගන්නම්.රජයේ නිළධාරීන් තමයි වැඩියෙන්ම ජනතාවට සමීප වෙන්නේ.

මේක අපිට ඉක්මනින්ම ඉවර කර ගන්න තමයි සැලසුම් හදන්න ඔ්න,ඒකට අපි සෞඛ්‍ය අංශයේ උපදෙස් ටිකත් අරගෙන  මේකෙ ඉක්මනින් ඉවර කර ගන්න ඔ්න, සමහර විට මේක තව ටිකක් කල් තියෙයි.හැමෝම එකතු වෙලා මේක පාලනය කර ගත්තොත් තමයි අපි හැමෝගෙම වැඩේ ඉස්සරහට සාර්ථක වෙන්නේ.එහෙම නැත්නම් අපි තනියම ජීවත් වෙලා මොනවා කරන්නද? අපි අභ්‍යන්තරයේ ගන්නා තීන්දු තීරණ ටික හැමෝටම පහසු වෙන විදිහට හැබැයි සෞඛ්‍ය පැත්තෙන් ඒ සීමා පැනවීම් වලදී රෝගය බෝ වෙන්න අවම ඉඩක් ලැබෙන විදිහට කොහොමද අපි කටයුතු කරන්නේ කියන එක තීන්දුවක් ගන්න. යැයි පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress