කොරෝනා පනත සූම් අධීකරණ සහ විපතේ වැටෙන රාජ්‍ය ආරක්ෂාව
Posted on June 30th, 2021
මතුගම සෙනෙවිරුවන්
අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ජූනි මස 08 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කොරෝනා වෛරස රෝගය (කොවිඩ් 19)(තාවකාලික විධි විධාන ) නම් පනත් කෙටුම් පත මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් වී ඇත. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් අදාළ විරෝධතාවය ඉදිරිපත් කර ඇති අතර මේ පිළිබඳ බරපතල සංවාදයක් මේ වන විට සමාජය තුළ හට ගැනී අත. කොරෝනා වසංගත හමුවේ අඩපණ වී ඇති නීතිමය කටයුතු පවත්වාගෙන යෑමට ගිවිසුම් පිළිබඳ ප්‍රශ්ණ නිරාකරණයට යන කරුණු බලාත්මක කිරීම සඳහා සහ විකල්ප අධීකරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම මෙම පනතේ අරමුණයි.බැලූ බැල්මට තත්කාලීන වසංගත තත්වයට අදාල සරල පනතක් යැයි සිතුවද මෙහි යටින් දිවෙන නෛතික තත්වය ඉතා බරපතලය.
කොටි ත්‍රස්තවාදයත් මුස්ලිම් අන්තවාදයත් මේ රටේ භෞමික අඛණ්ඩතාවයට බරපතල තර්ජනයක් එල්ල කිරීමට සමත් විය. යුධමය වශයෙන් කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කරනු ලැබූවද ජාත්‍යන්තර වශයෙන් ඔවුන්ට පවතින මුල්‍යමය ශක්තිය මත තව දුරටත් ඊළාම් මතවාදය ක්‍රියාත්මක වෙයි. එයට අමතරව මුස්ලිම් අන්තවාදී ගිනි පුපුරු නැග පැමිණි හැටි පසුගිය පාස්තු ප්‍රහාරයෙන් දක්නට හැකි විය.උතුරු සහ නැගෙනහිර පෙදෙස් වෙන් කර ගැනීමට කරන ලද ඊළාම් සටන යුද්දයකින් පරාජයට පත් කරන ලද නමුත් ඊළාම් මතවාදය ජගත් තලයේ අවසන් කර ගැනීමට මේ වන තෙක් රජයට හැකි වී නොමැත.එයට හේතුව ඊළාම් මිත්‍යාවට පදනම් වූ ඊනියා දෙමළ නිජ බිම ප්‍රතික්ෂේප කරලීමට මෙරට බලධාරීන් අපොහොසත් වීමයි.මුස්ලිම් අන්තවාදය ද පෝෂණය කරලීමට මෙරට දේශපාලනඥයන් උදව් වූ හැටි අපට පාර්ලිමේන්තු ඉතිහාසයෙන්ම සොයා ගත හැකිය. අශ්රොෆ් මහතාගේ ඉල්ලීම මත මනාප චන්ද අනුපාතය සියයට 12 සිට සියයට 5 දක්වා අඩු කිරීම මෙහිදී දැක්විය හැකිය. අනතුරුව රජයේ විශේෂ ඇමතිකම් ප්‍රදානය කිරීමත් ඒ පිහිටෙන් ධනයෙන් ද බලයෙන්ද අනූනව ඉඩම් මං කොල්කෑම් මත්ද්‍රව්‍ය වෙළදොම් මෙන්ම විවිධ අන්තවාදී ආයතන සඳහා පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදනය කර ගැනීමත් දැක්විය හැකිය. රවුෆ් හකීම් අධිකරණ ඇමතිවරයාගේ කාලයේ අයථා ලෙසට නීති විද්‍යාලයට බඳවා ගන්නා ලද මුස්ලිම් සිසුන් විශාල පිරිසක් සිටී. එසේම ඔහු විසින් නීති විද්‍යාලයේ අධ්‍යාපනයෙන් සිංහල මාධ්‍යය අහෝසි කරන ලද්දේය.හකීම් අමාත්‍යවරයාට වඩා වෙනස්මගක ගිය බද්යුදීන් අමත්‍යවරයා මන්නාරම් කලාපයේ කළ අනවසර පදිංචි කිරීම් මත මුස්ලිම් කොලණි පිහිටුවීමට සමත් විය. මේ ක්‍රියාකාරිත්වයේ අවසාන ප්‍රථිපලය බව පත් වූයේ පාස්තු ප්‍රහාරයයි.මේ මගින් නැගෙනහිර සහ වයඹ මුස්ලිම් කලාපයක් නිර්මාණය කර ගැනීමේ උත්සායක් තිබුණි.
මෙවැනි අන්තවාදී දේශපාලන පසුබිමකට දිය හැකි හොඳම පිළිතුර විශේෂ දෙමළ නීති සහ මුස්ලිම් නීති අහෝසි කොට දෙමළ සහ මුස්ලිම් ජනතාව මේ රටේ ජනතාවගේ කොටසක් බවට පත් කිරීමයි. එහෙත් ඒවැනි සාධාරණ පියවරකට යෑම වෙනුවට නීතිය තුළ සමානව කටයුතු නොකරමින් කල් මැරීම සහ ප්‍රශ්ණ යටපත් කිරීම වර්තමාන ආණ්ඩුවේද ප්‍රතිපත්තිය වී ඇත. වර්තමාන අධීකරණ ඇමති අලි සබ්‍රි කරළියට පැමිණෙන්නේ මෙවැනි තත්වයක් තුළය. වර්තමාන ආණ්ඩුව තනි සිංහල ආණ්ඩුවක් වශයෙන් ජනතා කැමැක්තෙන් ඉදිරියට පැමිණීයද දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්ට ආණ්ඩුව තුළ විශේෂයක් නොකළද අධිකරණ අමත්‍යංශය වැනි විශේෂිත අමාත්‍යංශයක් ජාතික ලැයිස්තු මන්ත්‍රී අලි සබ්‍රි මහතාට පවරා තිබේ..
මේ පත් කිරීම පිළිබඳව මහා සංඝ රත්නයෙන් පවා විරෝධය එල්ල වුවද අධිකරණ අමාත්‍යංශය මුස්ලිම් කරණයෙන් බේරා ගැනීමට නොහැකි විය. මෙම ඇමතිවරයා හකීම් අමාත්‍යවරයා අනුගමනය කරමින් නීති විද්‍යාල ප්‍රවේශයට සිංහල හා දෙමළ භාෂාවෙන් ඉදිරිපත් වීමට තිබූ අවස්ථාව අහෝසි කරන ලද්දේය.ඒ අනුව මින් ඉදිරියට නීති විද්‍යාලයෙන් බිහි වනුයේ ඉංග්‍රීසි උගත් සිංහල බසින් අධිකරණය ඇමතිය නොහැකි නීතිඥයන්ය. ඒ මගින් සාමාන්‍ය ජනතාවට විය හැකි අසාධාරණය කුමක්දැයි පිළිබඳ සාකච්ඡාවක් නැත. මේ පුද්ගලයා ඉන් නොනැවතී විහාර දේවාලගම් පනතද විවේචනයට ලක් කරන ලද්දේය. එසේම කොරොනා රෝගයෙන් මරණයට පත් වූ මුස්ලිම් ජනතාව අදාහනය කිරීමට විරුද්ධව අරගලයක් කොට භූමදානයට අවස්ථාවක් ලබා ගත්තේය.ඒ මුස්ලිම් ජනතාව මෙරට විශේෂ පිරිසක් යැයි තව දුරටත් අවධාරණය කරමිනි.
අලි සබ්‍රි අමාත්‍යවරයාගේ ඊලඟ තුරුම්පුව වී ඇත්තේ කොරෝනා වෛරස් රෝගය තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතයි. මේ පනතේ දක්වා තිබෙන්නේ මේ කොරෝනා වසංගත කාලය තුළ අධිකරණ කටයුතු පවත්වා ගෙ යෑමේදී සිදුවන අපහසුතා වැලැක්වීම වුවද එහි අර්ථ නීරූපණය තුල එනම් 12 වන වගන්තිය තුළ දක්වා තිබෙන දෙයින් රටේ නීතිය බලවත් කැළඹිමකට පත් වන බව කිව යුතුය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝණය කරමින් ඇතුල් කරන ලද මේ වගන්තිය තුළින් කොරොනා රෝගය පාලනය කිරීමට විදේශ නීති පවා(වෙනත්රටක වෙනත් දේශයක නීතියක් ) ගෙන ඒමට ප්‍රතිපාදන පණවා ඇත. මෙම විදේශි නීති යනුවෙන් අදහස් කරන්නේ කෙරෝනා සම්බන්ධ නීති යයි පැහැදිලිය. එහෙත් මෙම ප්‍රතිපාදනය සම්මත වුවහොත් අනාගතයේ දී පනත වෙනස් කොට තවත් නීතිද ආදේශ කළ හැකිය. අධිකරණ ඇමතිවරයා එහිදී අදහස් කරන්නේ කොරෝනා සම්බන්ධව විදෙස් රටවල දැනට අනුගමනය භූමදාන නිතිය සහ එන්නත් සම්බන්ධ නීති විය හැකිය. මැද පෙරදිග රටවලට බලපාන ශරියා නීතියද ඔහු අදහස් කරනවා යයි මොහොතකට සිතුවහොත් එයද විය හැකියි. නැතිනම් යුඅපරාධ විභාග කිරීමට අවශ්‍ය දෙමුහුම් අධිකරණයක් ස්ථාපිත කිරීමද අනාගතයේ සිදු විය හැකිය.පනත තුළ ඒ සඳහා පළමු පියවර තබා ඇත. විදේශ ඔත්තු සේවා වල අවශ්‍යතාවය ඉටුකරන පනතක් ලෙසට මෙය හඳුන්වාදීමට තවමත් සාක්ෂි ප්‍රමාණවත් නොවන නමුත් ඒ පිළිබඳ සැකය අපගේ සිත් තුළ පවතී. එම තත්වය තුළ ගෞරවනීය විනිසුරුවන් මේ පනතට අදාළව කුමන තීන්දුවක් දෙන්නේ දැයි අපට කිව නොහැකිය. නමුත් සමාන්‍ය සෞඛ්‍ය නීතියක් යටතේ ව්‍යවස්ථාදායකය නොමග යවා ගෙන එන නීති රීති කුමක් දැයි ඇසීමට මහජනතාවට අයිතියක් ඇත.
මෙම පනතේ අනෙක් බරපතල පැත්ත නම් විකල්ප අධිකරණ ක්‍රමයයි. වර්තමානයේ අධ්‍යාපනයට සම්මන්ත්‍රණ වලට පොදුවේ බහුලව යොදාගන්නා ක්‍රමයක් වන මාර්ගගත ක්‍රමය (සූම් තාක්ෂණය හෝ ටීම් තාක්ෂණය ) යටතේ අධිකරණ කටයුතු පවත්වා ගෙන යෑම ඉන් අදහස් කෙරේ. 2021 /06/29 දින සිට එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කලින්ම සැලසුම් කර තිබුණි. සූම් සමාගම හෝ මයික්‍රොසොෆ්ට් සමාගම ඇමරිකාවේ ෆෙඩරල් නීතිය තුළ ගිවිසගෙන ඇති ආයතනයන් වෙති. ඒවායේ කොන්දෙසි ගැන අප නොදනිමු. එවැනි තත්වයක් තුළ ලංකාවේ අධිකරණයත් ඇමරිකාවේ දුරස්ථ සංනිවේදන ආයතනයත් එඟග වන්නේ කුමන ගිවිසුමකටදැයි අප නොදනිමු.මේ ගිවිසුම කුමක්දැයි නීතිඥ අරුණ උණවටුන මහතා තොරතුරු පනත යටතේ විමසා තිබේ. සෑම සූම් සාකච්ඡාවක්ම ඉබේ පටිගත වන බැවින් අධිකරණයේ ගෞරවනීය බව මෙන්ම අතැම් විට රහස්‍ය බවද අවලංගු වී විවෘත ඩිජිටල් වේදිකාවක් නිර්මාණයය වන බව මෙහිදී පෙනේ.
ලංකාව වැනි ස්වාධීන රටක අභ්‍යන්තර කටයුතු අන්තර්ජාලය හරහා ඇමරිකාවේ රහස් ඔත්තු සේවා වලට යෑමේ බරපතල අවධානමක් මෙහි තිබේ.යුධ අපරාධ හෝ මානව හිමිකම් නඩු එහිදී විශේෂිතය. මීට වසර ගණනාවකට පෙර ඇමරිකාව ඉන්දියාවේ න්‍යෂ්ටික පිපිරීම් නිරීක්ෂණයට චන්ද්‍රිකා ස්ථානගත කළ ආකාරය මෙහිදී සිහිපත් කළ යුතුය. දැන් එවැනි ඔත්තු බැලීමකට තිබෙන සරලම ක්‍රමය දුරස්ථ සංන්වේදන ක්‍රමයයි. මේ තාක්ෂණය මගින් ලෝකයේ විවිධ තැන්වල පවතින සියලුම් දැනුම් මෙන්ම රහස්ද ක්ෂණයකින් උකහා ගත හැකිය.මෙම මාර්ගගත අධිකරණ ක්‍රමයේ තිබෙන අනෙක් භයානක තත්වය නම් විත්තිකරුවකුගේ සාක්ෂිය විකෘති කිරීම වෙනත් පුද්ගලයෙකු යෙදවීම වැනි දූෂණයන් සිදු කිරීමට අවස්ථාව සැලසීමයි. එම නිසා කොරෝනා පනත හරහා සිදු වන ව්‍යවස්ථාමය උල්ලංඝණය වීම මෙන්ම ජාතික ආරක්ෂාවට වන තර්ජනය පිළිබඳව ද අපට සුළුවෙන් තැකිය නොහැකිය.
මතුගම සෙනෙවිරුවන්