ඇයි ? ලංකාව දියුනුවෙනවාට විපක්ෂය මෙතරම් විරෝධය.
Posted on July 4th, 2021

චාර්ල්ස් පෙරේරා විසින් 

2015 දියුණුවෙමින් තිබුන රටක්  මාදොළුවාවේ සොබිත  හාමුදුරුවෝ ඇවිල්ල  යහපාලනයක් හදලා මේ රට විනාශය කළා. රට කුඩුකාරයන්ටයි පාතාලයටයි , ස්ත්‍රී දුෂකයින්ටයි, දරුවන් අපයෝජනය කරන්නන්ටයි,බැංකු හොරුන්ටයි , බාරදුන්න. අවුරුදු 30ක විනාශකාරී ත්‍රස්තවාදය තුරන්කරලා රට  දියුණුව කරා ගෙන යමින් තිබු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ පාලනය  පරාජය කළා. අවසානයේ මදොලුවාවේ සොබිත ස්වාමීන්වහන්සේටත්  උරුමවුයේ  විදේශයකදී  වූ  අකල් මරණයක්. රටට උරුම වුයේ අන්ත විනාශයක්. 

අවුරුදු 30කටත් වැඩි කාලයක්  මරණ බයෙන් සිටි  ජනතාවට 2005 සිට යහපත් ආරක්ෂිත වාතාවරණයක් ගෙනවිත් රට විවිධ අංශවලින් දියුණුකරමින්  රට දියුණුව කරා ගෙන  යන්නට හැකියාවක් පෙන්වුයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමයි.  දේශපාලන නායකත්වයට සෑම අතින්ම සුදුසු කම් තිබෙන බව ජනතාවගේ ඇස්  ඉදිරියේ ක්‍රියාවෙන්  පෙන්නුම්කරනලද  රාජපක්ෂ පවුලේ ගොටාබය රාජපක්ෂ මැතිතුමාට මේ යහපාලනය කල  විනාශය තේරුම් ගත්  69 ලක්ෂයක් ජනතාව, චන්දය දී එතුමා ජාතියේ  නායකත්වයට තෝරාගත්තා.  මිනිසුන්ගේ කැමැත්ත . 

එදා ජනතාව කලේ, 2015  මදොලුවාවේ සොබිත හාමුදුරු වන්ගේත්, රනිල් වික්‍රමසිංහ ගේත්,  මෛත්‍රපාල සිරිසේන ජනපති තුමාගේත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන්,   ජනතා විමුක්ති පෙරමුනේ සහයත් ඇතිව පත්වුණ යහපාලන යට ඔවුන්ගේ අප්‍රසාදය, අකමැත්ත , යහපාලනයේ තුච්ච නින්දිත  බව තේරුම්ගෙන ඔවුන්ට  කල අසාධාරණයට පලිගැනීමක්.   

එදා 69 ලක්ෂයක්  ජනතාව විසින් ප්‍රතික්ෂේපකල යහපාලනයේ  අවතාර දැන් වෙනත් පක්ෂ හදාගත්තත්  හමට ඇලවී තිබෙන යහපාලන  ඇඳුමින්ම ඇවිත්,  කොතරම් අපහසු කම් මද්‍යයේ  උනත්  රටට   නවජීවනයක් උදාකරන්නට අතිමහත් උත්සහයක් දරමින් විශිෂ්ට වැඩ කොටසක් කරන ගොටාබය රාජපක්ෂ ජනාදිපතිතුමන්ගේ රජයට විවිධාකාර විවේචන ගොනුකරයි.  

කිසිම අන්දමකින් රටට හෝ ජනතාවට වැදගත්  ප්‍රයෝජනවත් දෙයක් නොකරන සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් පැමිණ සිටින විපක්ෂය,   රටේ දියුණුවට ගොටාබය රාජපක්ෂ ජනාධිපතිතුමන් ගෙන යන රට දියුණුකිරීමේ වැඩපිළිවලට අවහිරකම් කරන බව ජනතාව නොදන්නවා නොවේ.  ජනතාව රවටන්න  මේ විපක්ෂයේ යහපාලන අවතාරවලට  බැරිබව ඔවුන්ට තේරෙන බැවින් නොයෙක්  දැන්  උන් අබෞද්ධ දර්ෂණ පෙන්නුම්කරන භික්ෂුන්වහන්සේලා රැස්කරගෙන ජනාධිපතිතුමන්ගේ සෞභාගයේ දැක්මට විරෝධය දක්වනවා. 

ඇයි මේ ? මේ ලියන මට හිතෙන හැටියට මේ එක්සත් ජාතික පක්ෂ  යහපාලන අවතාරවලටවත්,  මලකඩ කාපු ජනතා විමුක්ති පෙරමුණටවත්  දේශීය දැක්මක් නෑ.

 ඔවුන්ට . තේරෙන්නේ නෑ මොකක්ද මේ ගොටාබය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ ජාතිකත්ව  විප්ලවය කියලා. 

සමගි ජන බල වේගය කියන පරණ එක්සත් ජාතික පක්ෂ යහපාලන අවතාර  දේශ හිතයිශී  සන්වර්ධනයක් දන්නේ නෑ, එවුන් එදත් අදත් බටහිරට වහල්වුවන්, ජනතා විමුක්ති පෙරමුණ උන්ගේම මොකක්දෝ මර්ක්ස්වාදයක් ගැන හීන දකින්නෝ. යහපාලන අවතාර කතාකරන්නේ රට සිංගප්පුරුවක් කරන්නේ කොහොමද රටේ පාලනයට බටහිර රටවල් එක්කරගන්නේ කොහොමද කියලා. 

පහුගිය චන්දයේදී සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කර දේශපාලන භුමියෙන්ම අතුගා ඉවත දැමු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ  ලය්ස්තුවෙන් පාරලිමේන්තුවට ඇවිල්ල කියනවා අන්තර්ජාතික  මුදල් අරමුදලින් ආධාර ඉල්ලන්න ඕනේ කියලා. මේ රටට විදේශිකයෙක් ගෙනල්ල මහා බැංකුවේ නායකයකරලා දෙවතාවක් පිට පිටම බැංකු හොරම් කල රනිල්ගෙන් රටහදන්න මොන අවවාදද ගන්න පුළුවන්. උන් දැන් අහක දැමු කාසි වගේ.  මුන්ට බෑ මේ රටහදන්න. වැරදිලාවත් මුන්ට බලය දෙන්න තරම් අපේ මිනුස්සු දීනනම්  වෙන්නේ 2015 වෙච්චදෙමයි. රට බංකලොත් වෙනවා. 

එනිසා ජනතාව ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ගැන විශ්වාශයක් තබා ගැනීම සඳහා  සෞභාග්‍යයේ දැක්ම මොකක්ද කියලා අවබෝධකරගත යුතුමයි.  සෞභාග්යේ දැක්ම සුදානම් කර තියෙන්නේ අමාරු මෙතෙක් කල නොකළ කාර්යයක් කිරීම සඳහා ගන්න  පියවරක් වශයෙන්.  කියමනක් තියනවා නේ  දුකක් නැතිව අම්මාකෙනෙකුට දරු ප්‍රසුතියක් කරන්න බෑ  කියලා. ඒ වගේ තමයි අපේ ශ්‍රී ලංකාව ලංකාව වශයෙන් දේශීයත්වයට මුල්තැන දීල  රට දියුනුකරන්නනම් අපි හුඟක් කැපවීම්  කල යුතුයි, අපි වේදනාව උසුලාගෙන බලාපොරොත්තුවෙන්, ඉවසීමෙන් කටයුතු කල යුතුයි. 

රටේ  දේවල්වලට තැනක් දීල රටේ අවශ්‍ය තාවයන් අපිම සකස් කර ගත  යුතුයි; එයට දාපු අඩිතාලමයි සෞභ්ග්යේ දැක්ම. දේශපාලන දර්ශනයක් නැති සමගි ජන බලවේගයේ යහපාලන අවතාර මහා නින්දිත සටන් පාට  ගෙන සර් ෆේල් කියාගෙන ගෙන යන අශික්ෂිත විපක්ෂ දේශපාලනය කිසි සදාචාරාත්මක කමක් නැති ජනතා විරෝධී ක්‍රියා පිළිවෙලක්. 

ලංකාවෙ  විපක්ෂ නායකයා  ඔහුගේ විපක්ෂ නායකකම අවිභාවතාකරනවා ප්‍රජාතන්ත්‍ර වාදයට පටහැනිවේ ක්‍රියාත්මක කරවනවා. විපකාශය කියන්නේ පාරලිමේන්තුවේදී රජය විවේචනය කිරීමම නොවේ.  මේ රජයට චන්දය දුන් හා විපක්ෂයට චන්දය දුන්නේ  ශ්‍රී ලංකික ජනතාවමයි එබැවින් ඒ දෙගොල්ලටම එකවිධියට ගෞරව කිරීම ඔවුන් ගැන සැලකිලිමත්වීම සියලු දේශපාලන පක්ෂවල යුතුකමක්.

 69 ලක්ෂයක් ජනතාව ගොටාබය රාජපක්ෂ ජනාධිපති තුමා තෝරාගත්තේ ඔවුන් එතුමා පිලිබඳ තැබූ විශ්වාශය නිසා, ජනතාවගෙන් තවත්  කොටසක් විපක්ෂයට චන්දය දුන්න නමුත්,  චන්දයෙන් පසු දෙගොල්ලම ගොටාබය ජනාධිපති තුමා ඔවුන්ගේ නායකයා හැටියට පිලිගන්නවා.  ඒවගේම විපක්ෂ නායකයාද ජනාධිපති තුමාට රටේ ජනාධිපති වශයෙන්  ගෞරව කලයුතුයි ඔහු කෙරෙහි විශ්වාශය තැබිය යුතයි.  රජය වැරදි කරන විට එබව පෙන්වාදිය යුතුයි,  සටන් පාට කියමින් සර් ෆේල්  කියා ගැනීමෙන් අසොභන විධියට ජනාධි පති තුමාට ඇමතීම එතුමාට පමණක් නොවේ එතුමාට චන්දය දුන් ජනතාවටත් කරන අගෞරවයක්.  

එවැනි වැඩපිලවෙලකට යෑම ප්‍රජාතන්ත්‍රය ගරුකරන ඕනෑම විපක්ෂ නායෙකුට හෝ වෙනත් පක්ෂ නායකයෙකුට සුදුසු නෑ.  ඒ අශික්ෂිත  අසොභන ක්‍රියා පිලිවෙලක් . දියුණු වුනු ප්‍රජාතන්ද්‍රවාදී බටහිර රටවල් වල ඒවැනී අසෝබන ක්‍රියාවන් සිදුවන්නේ නෑ. 

ජනතාව චන්දයෙන් ජනාධිපති කෙනෙකු පත්කරගන්නේ  සීමිත කාලයකට ඉන් පසුව වෙනත් ජනාධිපතිකෙනෙක් පත්කරගැනීමේ අයිතිය ජනතාවට තියෙනවා. එබැවින් මේ සීමිත කාලයේ ජනාධිපති තුමාට සියලු ජනතාවගේ විපක්ෂයේ  හා ආණ්ඩුපක්ෂයේ සම්පුර්ණ සහයෝගය දිය යුතුයි. ඒකයි, ප්‍රජාතන්ත්‍රවාදය.   මේ සුළු දේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නොදන්නා බවක් පෙනෙනවා, ඔහුගේ විපක්ෂ අනුගාමිකයන්ද  ඔහුගේ පහත්  හැසිරීම නිසා ජනාධිපති තුමාට අගෞරවයෙන් යුතුව ආමන්ත්‍රණය කරනවා . මෙය නැවැත්විය යුතයි.  විපක්ෂනායකයා  යහපත් සීලාචාර මිනිහෙක් හැටියට කටයුතු කල යුතුයි.  

 විපක්ෂනායක සජිත් ප්‍රේමදාසට  රට දියුණුකිරීමේ දේශපාලන දර්ශනයක්  නෑ .  ඔහු කෙසේ හෝ ජනාධිපතිවීමේ බලාපොරොත්තුව ඇතිව කටයුතු කරන පුද්ගලයෙක් මිස රටට දැයට  ආදරයක් ඇතිව කටයුතු කරන්නෙක් නොවේ. එසේ නොවන්නේ  නම්  69 ලක්ෂයක් ජනතාව ගොටාබය රාජපක්ෂ  මැතිතුමා ජනාධිපතිවශයෙන් තොරා ගත්තායින් පසුව, සජිත් ප්‍රේමදාසට තිබුනා  යහපාලනය ආණ්ඩුව විසුරුවා හැර ගොටාබය රාජපක්ෂ ජනාධිපතිතුමාට  තාවකාලික ආණ්ඩුවක් පිහිටවීමට අවස්තාව ලබාදීමට. නමුත් ඔහු එසේ නොකල නිසා රටටත් ජනතාවට ගැටළු රාශියකට මුහුණ  දෙන්නට සිදු උනා. එවැනි විපක්ෂ නායෙකුට අද කිසිම අයිතියක් නෑ   ගොටාබය රාජපක්ෂ ජනාදිපතිතුමා මහත් අපහසුකම් මද්‍යයේ ගෙන යන  රාජ්‍යය කටයුතු සීමාවක් නැතිව අයුතු ලෙස  විවේචනය කරන්න. . 

ඊයේ පෙරේදා ලැයිස්තුවෙන් පරලිමේන්තුවට පැමිණි  රටට දැයට  ආදරයක් නොමැති චන්දයෙන් ගොමගොඩක්මෙන් ඉවතදැමූ රනිල් වික්‍රමසිංහ යුදහමුදාපති කරගෙන යන විශාල කාර්ය භාරය පිළිබඳව විවේචනයක් කළා. එදා හොර රහසේ ත්‍රස්තවාදීන් සමග ගිවිසුම් අත්සන් කල  රනිල් වික්‍රමසිංහ කවදත් යුදහමුදාවේ අසමත්කම ගැන කියමින්  විහුලුකලා . තොප්පියගල ත්‍රස්තවාදීන් නැති පර්වතයක් කියපු රනිල්  කොහොමද අපේ යුදහමුදාපති කරන විශාල කාර්ය භාරය සුළුකොට තකන්නේ ? 

ලංකාවේ යුදහමුදාව ලෝකයේ වෙන  කොයිම රටක හමුදාවකට සමකල නොහැකියි. ඒ අපේ යුදහමුදාව  ලංකාවේම පුද්ගලයින් කොටසක් රජයට විරුද්ධව අවී ආයුධ ගෙන  පටන් ගත් අවුරුදු 30ක පමන කාලයක් තිස්සේ ගෙනගිය අමානුෂික ජනතාව පිඩනයට ලක්කරමින් අහිංසක බාල මහලු ස්ත්‍රී පුරුෂ ජනතාවක් මරාදැමු ත්‍රස්ත වාදය නතර කර ලංකාවට සාමය, ආරක්ෂාව උදාකර ලංකාව දියුනුකිරීම සඳහා  අසහාය මෙහෙවරක් කරන විරෝදාර ලාංකික දරු පිරිසක්. 

 ඔවුන් අපේ සදාකාලික වීරයන්.  ශවේන්ද්‍ර සිල්වා යුද්ධාධිපති තුමා  ත්‍රස්තවාදීන් සමග මුහුණට මුහුණ දී සටන් කල යුද්ධ නායකයෙක්.  එතුමා කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ජනතාවටත්,  සෞක්‍ය අංශයටත්, පොලිසියට, හා රජයට අසහාය සේවයක් කරනවා. වෙන කොයිම රටකවත් මෙතරම් කැපවීමකින් ජනතාවගේ යහපත සඳහා  කිසිම අවස්තාවක පසුබටනොවී ඉදිරිපත් වන යුදහමුදාවක්  නෑ මේ බව මේ කොරනා වසංගත කාලයේ හොඳට පෙනීයන සත්‍යයක්. . 

මෙය නොදන්නා  හමුදාපතිට හා යුද හමුදාවට ගරහන රනිල්ලා  සජිත්ලා  හා ඔවුන්ගේ අනුගාමික යහපාලන අවතාර,  හා ජනතාවිමුක්තිපෙරමුනේ  පරාජිතයෝ ලංකාවට කැළලක්.   රටට කොයිම විධියකින් කොරෝනා මැඩපැවැත්වීමට ආධාරයක් නොදෙන  විපක්ෂයේ  මොවූන් සදාකාලිකව දේශපාලනයෙන් අයින්කර දැමීමට ජනතාව වග බලා ගත යුතුයි. 

මේ කොරෝනා වස් අනගත මද්‍යයේ උවත්  ආර්ථික අපහාසුතාවයන්ටත් මුහුණදෙමින් ගොටාබය රාජපක්ස මැතිතුමන්,  ගෞරවාදර මහින්ද රාජපක්ස අගමැති තුමා සමග කරන පාලනය ඉතාමත් ප්‍රෂන්ෂනීයි.  ගොටාබය රාජපක්ෂ  මැතිතුමන්ගේ රාජ්‍ය මෙවන් කාලයක උවද  රටේ  දියුනුව සඳහා  විශාලා  පරීශ්‍රමයකින් කට යුතු කරන බව ජනතාව දැනගත යුතුයි. මේ රට මෙවන් අපහසුකම් මද්‍යයේ  උවද දියුණු කිරීමට මේ රජය ගන්න උත්සාහයට  විපක්ෂය විරුද්ධවන්නේ ඇයි ? 

විපක්ෂයේ  යහපාලන අවතාරයන් හා ඔවුන්ගේ  අනුගාමික ජනතා විමුක්ති පෙරමුණ  ආදී පක්ෂ රජය කරන හැමදේටම විරුද්ධව  විශාල හඬක් නගන්නේ ජනතාව,  රජයට  හා ගොටාබය රාජපක්ස මැතිතුමන්ට විරුද්ධ කරවා,  රටේ කලබල ඇතිකර එයින් ආණ්ඩුව අප්‍රසාදයට පත්කිරීම සඳහායි.  මොවුන්ට විදේශික ආධාර  ද්‍රවිඩ දයස්පොරාවෙන් මෙන්ම කුඩා රටවල් දියුනුවෙනවාට විරුද්ධව සටන් ආරම්භ කර තිබෙන එක්සත් ජාතීන්ගේ සංගමයට අයත් ජිනීවා හී පිහිටි  UN Human Rights Commission ; European Union, කැනඩාව, එංගලන්තය , ඇමෙරිකාව  ආදීන් ආධාර දෙනවා . 

මේ අතර තුර  ලංකාව ආර්ථිකසාමාජික, සෞක්‍ය  වශයෙන් දියුණුකිරීමට රටට අවශ්‍ය දේ රටේම ඇතිකර  රට ස්වයංපෝෂිත කිරීමට මහත් උවමනාවකින් ජනාධිපති තුමා ඇතුළු රජය ගෙන යන සටනට උපකාර වෙනවා වෙනුවට මහා සංඝ රත්නයෙන්  සමහරක් දෙනාවහන්සේලා නින්දිත ගොටාබය රාජපක්ෂ ජනාධිපතිතුමන් හා එතුමාගේ රජයට විරුද්ධව නින්දිත් ක්‍රියා මාර්ගයක් ගෙන තිබෙන බවද පෙනෙන්න තියෙනවා. 

එය කණගාටු දායක බව දකින්නේ රටේ සන්ඝ රත්නය උන්වහන්සේලාගෙන් විය යුතු වැඩ කොටස නොකරන බැවින්.  රටේ සදාචාරය  බෞද්ධ ශිස්තචාරය වල්ගතවෙමින් පවතින බවක් දැන් ඇස්  ඉදිරියේ පෙනෙන්නේ, සංඝරත්නය උන්වහන්සේලාට අයිති වැඩ කොටස නොකර දේශපාලනයට බැස සිටින නිසයි.   අද බෞද්ධයා අතර මන් වී සිටින්නේ. රාජ්‍යවිරෝධි දේශපාලකයන්  තරහ, ක්‍රෝධය, වයිරය,අසමිගිය, මිනිසුන් අතර ප්‍රකට කරද්ධී, සීලය, යහපත් බව, කරුණාව, මෛත්‍රීය  මිනිසුන්ට පැහැදිලි කර  රටේ දුස්සීලයන්  , ස්ත්‍රී දුෂකයන්, දරුවන් අපාචාරය කරන්නන් , කුඩුකාරයින් , මිලට මිනීමරන්නන්  නැතිකිරීම සඳහා බෞද්ධ භික්ෂුව  ජනතාවට අවවාද අනුසාසනා දෙනවා  වෙනුවට දේශපාලනයට  කරට ගෙන සිටින නිසාය.

විපක්ෂයේ  යහපාලන අවතාර වලට කෙලින් හෝ වක්‍රව උපකරා කරන භික්ෂුන්වහන්සේලා රටට සාපයක්  බවට පවත්වීගෙන යයි. මේ අපරාධය නතර කරන්න තුන්  නිකායේ භික්ෂුන් වහන්සේලා ඉදිරිපත්විය යුතුයි . නැත්නම් රටට වන හානිය කියා නිමකළ නොහැකියි.

1948 නිදහස ලැබූ ලංකාව නිදහස් ජාතියක් වශයෙන්  එක්කිරීමට පළමුවන පියවරගත්තේ SWRD  බණ්ඩාරනායක මැතිතුමන්, ඊට පෙර නිදහසේ පියා විය යුතව සිටි   ශ්‍රීමත් බාරොන් ජයතිලක  මැතිතුමාගේ මරණයත් සොයාබැලිය යුතුය.  එතුමා , 1942 ඉන්දියාවට තානපතිවරයකුමෙන් යැවීමට හේතුව පිළිබඳව  පැහැදිලි පරීක්ෂණයක් කර නොමැත.  එතුමන් ඉන්දියාවේ සිට පැමිණෙමින් සිටිද්දී අහස් යානයේදීම  මරණයට පත් වූ බවක් අසා තිබේ/. එතුමාගේ මරණයෙන් සිංහල බෞද්ධ නායෙකු  රටට  අහිමි  විය.  

කෙසේවෙතත් 1948 ලැබූ නිදහසින් පසුව ශ්‍රී ලංකාව  ත්‍රස්තවාදයෙන්  දෙකඩවී විනාශයට පත්වීමට තියෙද්දී  ඒ විනාශයෙන් බේරාගැනීමට හැකිවුයේ 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති වීම නිසාය. අද  එක එකා එක එක විධියේ කතාකියතත් එදා 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති නොවුනේනම් මේ රට අපට අහිමිවන්නට ඉඩ තිබුණි.  රාජපක්ෂ කෙනෙකුට මිස ඊට පෙර සිටි කිසි කෙනෙකුට ශ්‍රී ලංකාව විනාස්ධයෙන් බේරාගෙන දියුනුවකරා ගෙනයන්නට  නොහැකිවීය.  

2015 ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ එදාසිටි මහලේකම්  පක්ෂය අත්හැර නොගියානම්   මේ රට දියුණු රටක් වීමට ඉඩ තිබුනේය.  නමුත් 2015 මාදොලුවාවේ සොබිත් හාමුදුරුවන් ගත්  වැරදි තීරණය හා මෛත්රීපලා සිරිසේන මැතිතුමාගේ ද්‍රෝහිකම නොවුනානම්  ලංකාව යහපාලනයේ ගොදුරක් වී බංකලොත් රටක් නොවෙන්නට ඉඩ තිබුණි.

ගොටාබය රාජපක්ෂ ජනාධිපති තුමාට ලැබුනේ යහපාලනයේ ගොදුරක් වී බංකලොත්වූ  රටක්. මේ සජිත් ප්‍රේමදාස ඇතුළු යහපාලනයේ අවතාරවූ ඔහුගේ අනුගාමිකයින් දැන් මහා හයියෙන් පරලිමේන්තුව දෙවනත්කටමින් කෑකෝ ගසමින් නින්දිතයින් ලෙස පරලිමේන්තුවේ හැසිරෙන්නේ උන් රටට කරපු අපරාධ ජනතාවට  අමතක කරවන්නයි. 

අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මහලේකම් කෙනෙක්  රටට ද්‍රෝහිකම්  කරන බවක් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා  කල ප්‍රකාශයකින් පෙනීයයි. දයාසිරි ජයසේකර ආණ්ඩුව   අපහාසයට ලක්කරමින්,  ඔහුට කරගන්න බැරි බතික්, දේශීය වස්ත්‍ර කර්මාන්ත  රාජ්‍ය අමාත්‍යාංශය  විහුලු අමන්ත්‍යන්ශයක් යයි සඳහන් කරමින් කතාකිරීම නිසා නැවතත් ශ්‍රී ලංකා නිදහස්පක්ෂයෙන් ජනතා ද්‍රෝහිකයෙකු ඇතිවෙයයි බියක් ඇතිවේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress