හෙද සේවය ගිනි අවුලන නුතන දෙව්දත්..
Posted on July 6th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

අප සමාජය තුල කාන්තාවකට උරුමව තිබුනේ අතිවිශේෂිත ස්ථානයකි. ඇයට උරුමව තිබු අද්විතීය ස්ථානය කොතෙක් ඉහලදැයි අවබෝධකර ගැනීමට අවැසි නම්, අප මනස සිගිරි පර්වතය දෙසට යොමුකිරීමෙන් එය සුපැහැදිලිව වටහා ගත හැක.. ලෝක උරුමයක් ලෙස නම් කොට තිබෙන මේ සිගිරි පර්වතය මුදුනේ සටහන්ව ඇත්තේ ඒ කාන්තා අභිමානයයි. රළු ගලක් සුමටව සකසා, ඇයව ඒ සකස් කරගත් ගල මත නොව, ඊටත් ඉහල අහස් තලයේ වලා රොදක් තුල සිටින්නියක් බවට නිර්මාණය කිරීමට තරම් ගෞරවණීයත්වයක් ඇයට උරුම කිරීමට ඒ කළා කරුවාගේ මනස සකස්ව තිබීම අපට කියා පාන්නේ,අප සමාජයේ ඇයට උරුමව තිබු ඉහලම තත්වයයි.

මේ කාන්තාවගේ පහස කරුණාව මෘදු භාවය, මේ මුළු මහත් ලෝකයටම ලබාදුන්නේ මහා මිහිරියාවකි. ඇය මෘදුය මොලොක්ය, සුන්දරය, මන බදින රුවක් හා සවන පිනන හඬක් උරුම ඇය මුළු ලෝකයම පාලනය කරමින් සිටියාය. එබැවින් පඬිවරුන් “තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි” යන කියමනද සමාජගත කොට ඇයට උපහාර පිරිනැමුහ. අප සිටින්නේද එවැනි උදාර කාන්තාවන් රැසක් බිහිවූ පින් බිමකය. විහාර මහා දේවි, සෝමා දේවි, සිරිමා බණ්ඩාරනායක වැනි උදාර කාන්තාවන් රැසක් අප රාජ්‍ය තුල නායකත්වයන්ට පණ දෙමින් මේ දක්වා ආ ගමන් මගේ ඉමහත් සේවාවක් ඉටුකර ඇත..ඇය තුලවූ මේ ගුණාංග, ඇය සමාජය සුවඳවත් කරන මලක් මෙනැයි කවි සිත්වල සනිටුහන් විය. ඇය සඳහා ජනමනස තුල ස්තාපිතව තිබු ඒ ගෞරවය, එදා මග තොටේදී කාන්තාවක් බසයකට නැගුන විට ආසනයක් දීමට පොරකන සමාජයක්  අප සතුව පැවතුනහ. ඒ මිනිසුන් තුල නිසඟවම හටගත් ගෞරවනීය සිතුවිලි සමුදායක් නිසාය.

ෆ්ලොරන්ස් නයිටින්ගේල්ද මෙවැනිම වූ සුන්දර කාන්තාවකි. ඇයගේ මොලොක් හදවත හුනුවුයේ, ක්රිමියා යුද්ධයේදී තුවාල ලද සොල්දාදුවන් වෙනුවෙන්ය. ඇය නිදි නොලබා සොල්දාදුවන් සොය සොයා ගොස් දිවා රෑ වෙහෙසෙමින් සාත්තු ක්රිරීමේ ක්‍රියාවලියත් සමග  ලෝකයේ අද පවතින සම්මත සාත්තු සේවාව ඇරඹිනි. එහි ආශ්වාදය ශ්‍රී ලංකාවේද සාත්තු සේවයටද උරුම වූ අතර, ආරම්බයත් සමග  කාන්තාව මේ සේවාව සඳහා නිර්දේශ කොට තිබිණි. සාත්තු සේවය යනු රැකියාවක් නොවේ. එය ජනතාව වෙනුවෙන් සිදුකරන කැප කිරීමකි. විශේෂයෙන් ගිලන්ව අසරණව සිටින රෝගීන් උදෙසා සිදුකරන මහඟු පින්කමකි. ආරම්භයේදී මේ සඳහා කතෝලික කන්‍යා සොහොයුරියන්ගේ සේවාවද නොමිලයේම උරුම කොට තිබිණි. එසේ සිදුකොට ඇති කාලය වසර 75ක් පමණ බව ඉතිහාසයේ සටහන් දක්වයි.

සෞඛ්‍ය සේවය ලාභ උපයන ව්‍යාපාරයක් නොවේ. එබැවින් මෙය පවත්වාගෙන යාමේ උපක්‍රමයක් වශයෙන්, “ආරෝග්‍යශාලා ලොතරැයිය ” නමින් ලොතරැයියක් පවත්වාගෙන ගිය අතර, එම මුදලින් මේ රෝහල් ඉදිකිරීම් හා නඩත්තු කටයුතුවලට විශාල පිටුවහලක් ලැබිණි. එම ලොතරැයියේ ලාංජනය ලෙස සටහන්ව තිබුනේද සාත්තු සේවිකාවකගේ සටහනක් වන අතර මේ තුලින් “නර්ස් නෝනාගේ” වටිනාකම එදා සමාජය කොතරම් අගය කළාදැයි තේරේ. එදා රෝහල් සේවයේ හා අධ්‍යාපන සේවයේ කිසිවෙක් වැඩවර්ජන සිදුකලේ නැත.ඊට හේතුව වන්නේ මේවායින් සිදුකරන්නේ පොදු ජනතාවට නොමිලයේ ලබාදෙන මහඟු සේවාවන් බව එදා මේවායේ සේවයේ නිරතවූ අය මැනවින් දැන සිටි බැවිණි. එදා සෞඛ්‍ය සේවය පිරිසිදු දිය රැඳී මහා විලක් මෙන් විය.

මෙවන් තත්වයක් පවතිද්දී, මෙහි සේවාව ලබාගැනීමට පැමිණි, සංඝයා වහන්සේ නමකට එම සේවාවේ උපරිමය ලබා ගැනීමට හැකියාවක් ලැබුන හෙයින්  මේ නර්ස් නෝනලාගේ සේවාවට කෘතගුණ සැලකීමක් වශයෙන්, ඔවුන් වෙනුවෙන් කටයුතු කරන වෘත්තීය සමිතියක් පිහිටවීමට සිතක් පහලව එවන් සමිතියක් නිර්මාණය වූ බව අපේ විශ්වාසයයි. මාරයා හොඳ සිල්වත් සංඝයා වහන්සේලාගේ ශීලය බිඳීමට ඔහුගේ මාර දුවරු එවන අතරම, මනාව හික්මීමකින් සිල්වත් බාවයකින් හෙබි,නර්ස් නෝනලාගේ ඒ පිං උපදවන සේවාව බිඳ වැට්ටවීමට මාර පුත්‍රයෙක් භික්ෂු වේශයෙන් එහි එවීමට කටයුතු කොට ඇත.

ඔහුගේ අවතිර්නයත් සමග එදා පිරිසුදු දිය පිරි මහා විලක් සේ දිස්වූ සෞඛ්‍ය සේවය බොරකරන්නටත්, ඉන් නොනැවතී ඒ තුල මුත්‍රා කරන්නටත් මල පහකරන්නටත් පටන්ගෙන ඇති බව අපි සැමට වැටහුනේ, මේ දිනවල සෞඛ්‍ය සේවයේ ආරම්භ කරන ලද වැඩ වර්ජන රැල්ලත් සමගය. මේ පවතින්නේ ලෝක යුද්ධයකි. ලෝක බලවතුන් සියල්ලක්ම ඈඳුන මහා යුද්ධයකි. එවන් තත්වයක් යටතේ ලෝකයේ කිසිදු රටක සෞඛ්‍ය සේවක සේවිකාවන් නොඉල්ලූ වැටුප් හා දීමනා ඉල්ලා ඉල්ලා සටන් කල පහත්ම ජන කණ්ඩායම බිහිකළේ ශ්‍රී ලංකාවේ මේ චීවරධාරියාගේ වෘත්තීය සමිතියයි. මේ තුලින් ඔහු.

1.එදා තමන් රෝහල්ගතව ලබාගත්තවූ ප්‍රශංසනීය හෙදි සේවාව මෙදා රෝගීන් ලක්ෂ ගණනාවකට අහිමිකර මහා වීරයෙක් සේ වර්ජනය ඉතා සාර්ථක බවට හඬක්ද නැගුහ,

2.මොහු හෙදියන් නිකම්ම නිකම් කුලියට වැඩ කරන පිරිසක්ය යන මානසිකත්වය ඔවුන් තුල ජනිත කොට, ලෙඩුන් අමතක කොට කුලිය උදෙසා සටන් වදින පහත් ජන කණ්ඩායමක් ලෙස ජන මනස තුල ස්ථානගත කළහ.

3.තමන් වැඩ වර්ජනයක් සිදුකරන්නේ නම් ඒ සඳහා නිසි දැනුම් දීමක් කල යුතුය. නමුත් එවැන්නක් සිදු නොකොට ගහෙන් ගෙඩි එන්නාසේ වර්ජන රැල්ලක් දියත් කිරීමෙන් මොවුන් තුල ඇති, ලෙඩුන්ට පිඩා කොට රජයට රිදවීමේ කාර්ය මනාව ඉටු කළහ..

4.ලෙඩ නිවාඩු ඇත්තේ ලෙඩක් වූ සේවක සේවිකාවන්ට ලෙඩ හටගත්විට ලබාදීමටය. මේවා ලබාගත්තේද පැරණි කම්කරු සටන් තුලින් වන අතර,ඔවුන් මේ අයිතිවාසිකම් දිනා ගත්තේ, ලෙඩ නිවාඩු අවබාවිතා කිරීමට නොවේ. නමුත් මේ දින දෙකේ වැඩ වර්ජනය තුලින් අමු අමුවේ, ලෙඩ නිවාඩු අවබාවිත කොට ඇත. එසේ කිරීමට සෞඛ්‍ය සේවක සේවිකාවන් පෙළඹවීම බරපතල දඬුවම් ලබාදිය යුතු ජාතික අපරාධයකි. මේ සම්බන්ධව රජයේ අවදානය යොමුවිය යුතුය.

5. මේ චීවරධාරියා,මේ වැඩවර්ජනය මෙහෙය වන අතර, දොස්තරලා හා නර්ස්ලා අතර බෙදයන්ද නිර්මාණය වෙන ආකාරයේ ප්‍රකාශද නිකුත් කල අතර මෙය සෞඛ්‍ය සේවය බිඳ වැට්ටවීමේ ක්‍රමයකි. දොස්තර හා නර්ස්ලා අතර විරසක ඇති කොට පවත්වාගෙන යා හැකි හොඳ සෞඛ්‍ය සේවයක් ලොව කිසි තැනක නැත. මේ ක්‍රියාව නවතාලිය යුතුය.

මොවුන්ගේ මේ සටන නිසා පිඩාවට පත්වුයේ සියලුම දේශපාලන පක්ෂවලට අයත් සාමාන්‍ය ජනතාවය. එයට පක්ෂ බේදයක් හෝ ආගම් බේදයක් හෝ ජාති බේදයක් නැත. තවද මේ සටන දියත් කලේ රජයේ එන්නත්කරන වැඩ සටහන කඩාකප්පල් කිරීමටය. එය ඉතා පැහැදිලිය. එබැවින් රටේ ජනතාව ඉතා පැහැදිලිව තේරුම් ගත යුත්තේ කුමන ස්වරුපයෙන් ආවත්  මේ එන්නේද එදා මෙරට ජනතාව පෙලූ ප්‍රභාකරන්ගේම බලවේගය මෙහෙයවූ පරම්පරාවගේම පීඩනය බවයි. පවතින තත්වය තුල ජනාධිපතිතුමා අපේක්ෂා කල එන්නත්කරණයේ ඉලක්කයන් වෙත ලඟා වීමට සෞඛ්‍ය සේවය බාදා කරන බව වටහා ගන්න. නමුත් ත්‍රිවිධ හමුදාවන් හා සෞඛ්‍ය සේවාවන් තුල සිටින දේශප්‍රේමින් ඔවුන්ට හැකි උපරිමයෙන්ම ඔවුන්ගේ දායකත්වය ලබාදෙන බවද සිහියට ගන්න. ඔබ ප්‍රවේසම්වන්න.එය අපේ පැතුමයි. සත්‍ය සමග අත්වැල් බැඳ ගන්න.

One Response to “හෙද සේවය ගිනි අවුලන නුතන දෙව්දත්..”

  1. DR M D P DISSANAYAKE Says:

    Muruththetuwe Ananda thero is a close Confident/Assciate of Dr Rajitha Senaratne. The Ven Thero was Rajapakse not to prosecute Dr RS, which was totally rejected especially by President Gotabaya, though PM Mahinda might have shown some flexibility.

    The President has spelled at the outset non-interefence in the legal process, leaving it to the Police, CID and Attorney General etc to act independently.

    This the man with a Yellow Robe is angry. His face has no smile, no pleasantness, no calmness, no mind control. He always looks very angry looking man, he is ideal for the character of DRACULA

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress