පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අග්‍රාමාත්‍යතුමා අතින් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය ලබයි
Posted on July 8th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට පත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ඊට අදාළ පත්වීම් ලිපිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (08) දින පාර්ලිමේන්තුවේ දී ලබා ගත්තේය.

පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම පත්වීම් ප්‍රදානය සිදුවිය.

මෙයට පෙර ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය හෙබවූ අතර ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවන එම ධුරය සඳහා මෙසේ නීතිඥ සාගර කාරියවසම් මහතා පත් කර තිබේ.

පත්වීම් ලිපිය ලැබූ නීතිඥ සාගර කාරියවසම් මහතා ඊට සුළු වේලාවකට පසුව සිය ධුරයේ වැඩ භාරගත්තේය.

මෙම අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

2 Responses to “පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අග්‍රාමාත්‍යතුමා අතින් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරය ලබයි”

  1. Charles Says:

    Sagara Katiyavasam is a misfit for the podt of General Secretary of SLPP. He was nevernheard of before. It was Wimal Weeravansa Gamanpila that were the prime movers in getting back Mahinda Rajapaksa into politics after his deafeat in 2015. If they are not given the righful place in SLPP Mahinda Rajapaksa would seem ungrateful. Kariyavasam is not a forceful speaker and a politicall weakling. The SLPP should have a better ,person as its General Secretary.

  2. Vaisrawana Says:

    Wimal blow his ‘bugle’ now?, and Gammanpola, too. vinasa kale vaparita buddhi for Mahinda.’ He is kicking the ladder. By appointing this effeminate Sagari Kaa as deputy to the macho Johnston, the chief government whip, who is Mahinda trying to hoodwink? I wonder.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress