NAITA සහ Huawei ඒකබද්ධයෙන් විදුලි සංදේශ තාක්ෂණ ශීල්පි නව පාඨමාලාවක් ආරම්භ කෙරේ
Posted on July 18th, 2021

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්ය අමාත්‍යාංය

ජාතික ආධුනීකත්ව කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය (NAITA) සහ Huawei Technology Lanka පුද්ගලික ආයතන එක්ව ආරම්භ කෙරෙන උසස් විදුලි සංදේශ තාක්ෂණ ශීල්පි පුහුණු පාඨමාලාව ආරම්භ කිරීම පසුගියදා ඔරුගොඩවත්ත ප්‍රතිනිර්මාණය කරන ලද පුහුණු මධස්ථානයේදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරීස් මහතාගේ හා නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මීයගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ජාතික  ආධුනීකත්ව කාර්මික පුහුණු කිරිමේ අධිකාරිය විසින් ආධුනිකයින් 30 දෙනෙකුගෙන් ආරම්භ වන මෙම උසස් විදුලි සංදේශ තාක්ෂණ ශීල්පි පුහුණු පාඨමාලාව සදහා සියලු නවීන පහසුකම් වලින් සමන්විත ගෘහස්ථ සහ එළිමහන් ප්‍රායෝගීක පුහුණුව ඇතුලත් අංග සම්පුර්ණ විද්‍යාගාරයක්ද Huawei සමාගම විසින්  ස්ථාපිත කෙරිණි . මෙම පාඨමාලාව සදහා නව ආධුනීකයින් හා ක්ෂේත්‍රයේ නියුතු  ශිල්පීන්ද ඇතුලත්ව පුහුණුව ලබා දීමට සැලසුම් කරන ලදි.

විදුලි සංදේශ පද්ධති පිළිබඳ සවිස්තරාත්මක න්‍යායික හා ප්‍රායෝගික පුහුනුව ද ඇතුළුව පද්ධති නඩත්තුව සහ ආරක්ෂාව පිළිබඳ පුහුණුව ද මෙහි අන්තර්ගත ය. න්‍යායාත්මක කොටස මාස 06ක් සහ ප්‍රායෝගික පුහුණුව මාස 12ක් ද වශයෙන් පාඨමාලාව සකසා තිබේ. මෙරට වෘත්තීය අධ්‍යාපනය තවත් සංවර්ධනය කීරිමට Huawei සමාගම තවත් ඉදිරියෙදි මෙවැනිම ව්‍යපෘතින් සදහා අනුග්‍රහය ලබා දෙන බව ඒහි ප්‍රධානීන් අමාත්‍යවරුන්ට පවසන ලදි.

මෙම පාඨමාලාවේ තවත් ඒක් සුවිශේෂීත්වයක් වන්නෙ Huawei Technology Lanka පුද්ගලික සමාගම සතු  තාක්ෂණික දැනුම ආධුනික වෘත්තීකයන්ට ලබාදෙමින් නව රැකියා අවස්ථාවන් බිහිකිරිමටත්  ඔවුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ චීනයේ Huawei ප්‍රධාන ආයතනය සමග සම්බන්ධ වීමටත් අවස්ථාව සැලසේ.

මෙම අවස්ථාවන් සදහා Huawei Technology Lanka පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ලියැං යී මහතා, අධ්‍යක්ෂ රිකාඩෝ මහතා, ජාතික  ආධුනීකත්ව කාර්මික පුහුණු කිරිමේ අධිකාරියේ සභාපති තරංග නලීන් ගම්ලත් මහතා, පාඨමාලාව සදහා සුදුසුකම් ලැබු සිසු සිසුවියන් ඇතුඵ පිරිසක් සහභාගී වුහ.

මාධ්‍ය ඒකකය

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්ය අමාත්‍යාංය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress