බුදුන් ධර්මදේශනා කළ භාෂාව -2
Posted on August 24th, 2021

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්

සිහල අටුවා මාගධී භාෂාවට පෙරළයි
දඹදිව ගයාවේ දී රේවත මහ ථෙරුන්ගෙන් ති‍්‍රපිටකය හදාරා දැනුම සම්පූර්ණ කරගැනීම සඳහා ලංකාවේ පමණක් තිබූ මිහිඳු මාහිමියන් විසින් සිංහල භාෂාවෙන් කරන ලද සිහල අටුවා හදාරා ලෝවැඩ පිණිස මාගධී භාෂාවට පෙරළීම සඳහා බුද්ධඝෝෂ හිමියන් පැමිණි බව සහ යෝග්‍යතා පරීක්‍ෂණයෙන් සමත් වූ පසුව ‘සියලූ සිංහල අටුවා කථා සියල්ලන්ගේ මූල භාෂාව වූ මාගධී භාෂාවට පෙරළන ලද බව මහාවංසය සඳහන් කරයි. ථෙරවාදී ති‍්‍රපිටකය මාගධී භාෂාවෙන් පැවති නිසා එය මාගධී භාෂාවට පෙරළීමට අවශ්‍ය නොවීය.
වාර්තාවල සඳහන්වෙන පරිදි දීපවංශය සහ මහාවංසය රචනා කළේ මාගධී භාෂාවෙනි. බුද්ධඝෝෂ හිමියන් විමුක්තිමග්ග රචනා කළේ මාගධී භාෂාවෙනි. සිහල අටුවා පරිවර්තනය කළේ මාගධී භාෂාවට ය. භාරතයේ සහ ලංකාවේ පමණක් නොව බෞද්ධ රටවල පුරාණ ථෙරවරුන් සහ පඬිවරුන් ථෙරවාදි ධර්මය සහ බෞද්ධ සාහිත්‍යයට අදාලව අටුවා, ටීකා, විවරණ, ප‍්‍රකරණ ආදිය කළේ මාගධී භාෂාවෙනි. ලංකාවේ පමණක් නොව පෙරදිග බෞද්ධ රටවල මාගධී භාෂාවෙන් ලියන ලද ධර්ම දේශනා, ඉතිහාස කථා, ගද්‍ය පද්‍ය සාහිත්‍ය කථා රාශියක් ඇත. එහෙත් මේ සියල්ලේ ම භාෂාව පාලි භාෂාව ය.

මාගධී භාෂා ව්‍යවහාරයේ ඉරණම
මෞර්ය යුගයෙන් පසු මගධයේ වෛදික/බ‍්‍රාහ්මණ ආගමිකයන් මගධයේ බලවතුන් බවට පත් වීම සමග සංස්කෘත භාෂාව මගධයේ භාෂාව බවට පත් වීම සහ බොහෝවිට ගුප්ත රාජ යුගයේ සිට මගධය මුල් කරගෙන සංස්කෘත සංවර්ධනය වෙමින් භාරතයේ සෑම ප‍්‍රදේශයක ම සංස්කෘත මුල්තැනට පත්වීම නිසා මාගධී භාෂා ව්‍යවහාරයට සහ පැවැත්මට බාධාවක් වූ බව නිසැක ය. (ද්‍රවිඩ භාෂා දැඩි ලෙස සංස්කෘතකරණය වීම සිදු විය.* පෙර මගධයේ ‘මාගධී’ යනුවෙන් වර්ධනය වෙමින් පැවති ප‍්‍රාකෘත භාෂාවට පෙර තිබූ රාජ්‍ය අනුග‍්‍රහය නොලැබුණි. එමෙන් ම ප‍්‍රාකෘත බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ක‍්‍රමික වර්ධනය අඩාල විය. මගධ දේශයේ භාවිත කරන ලද ප‍්‍රාකෘත බ‍්‍රාහ්මී අක්‍ෂර ගුප්ත යුගය තුළ අභාවයට පත් විය. මෞර්ය යුගයෙන් පසු මාගධී භාෂා ව්‍යවහාරය වියැකී ගියත් මගධ වැසියන් භාවිත කරන ලද ප‍්‍රාකෘත භාෂාව මියගියේ නැත.
මෞර්ය යුගයෙන් පසු මගධ රාජ්‍යයේ වැසියන් මාගධී නමින් ව්‍යවහාරයට පත් භාෂාව අත්හලේ ය’යි සිතීමට නොහැකි ය. (ඉංගිරිසීන් යටතේ සිංහල අත්හැර ඉංගිරිසිය තමන්ගේ මවුබස කරගත් සමහර සිංහලයන් වැනි ගැත්තන් එකල මගධයේ සිටියේ දැ’යි නොදනිමි.* සාමාන්‍ය ජනයාගේ සන්නිවේදන මාධ්‍යය සහ බෞද්ධ සහ ජෛන ආගමික මාධ්‍යය වශයෙන් පැවති මගධයන්ගේ භාෂාව, මාගධී ව්‍ය.ව. පස්වෙනි සියවස වෙනවිට බුද්ධඝෝෂ හිමියන්ට මගධ භූමියේ දී ඤාණෝදය ප‍්‍රකරණය සහ අත්ථශාලිනී අටුවාව කිරීමට සහ ලංකාවේ දී විමුක්තිමග්ග ලිවීමට සහ සිහල අටුවා පාළි භාෂාවට පෙරළීමට පොහොසත් තරමට දියුණුව පැවති බව පැහැදිලි වෙයි. එසේ වුව ද මගධයේ රාජ්‍ය සහ ශාස්තී‍්‍රය භාෂාව (වර්නක්‍යුලර්ස්* ලෙස සංස්කෘත ව්‍යාප්තවීම නිසා ඔවුන්ට තම භාෂාව ‘මාගධී’ ලෙස ව්‍යවහාර කිරීමට නොහැකි විය.

බුද්ධභාෂිතය ‘පාලිධර්ම’ වෙයි
බුදුන්වහන්සේ පමණක් නොව මහාවීර වැනි එකල මගධ රාජ්‍යයේ සිටි අනෙක් ආගමික ශාස්තෲන් ද මගධ දේශයේ භාෂාව (මාගධී* භාවිත කොට ඇත. මගධ රාජ්‍යයේ සහ විශේෂයෙන් ම මහායාන බෞද්ධ ආගමිකයන්ගේ මාධ්‍යය බවට සංස්කෘත භාෂාව පත්වීම ථෙරවාදී බෞද්ධයන්ට භාෂාව ‘මාගධී’ ලෙස තවදුරටත් ව්‍යවහාර කිරීමට බාධාවක් විය.
සසර ගමනට තිත තබා නිවනට පත්වීමේ පරම අරමුණ ඉටු කරගැනීම පිණිස පිළිපැදිය යුතු ධර්ම මාර්ගය දේශනා කරන ලද එකිනෙකට සම්බන්ධ බුද්ධ දේශනා ‘පාලි ධර්මය’, ‘පෙළ දහම’ නමින් හඳුන්වනු ලැබ ඇත. සෙල්ලිපිවල සහ පුරාණ ධර්ම ග‍්‍රන්ථවල සඳහන් පෙල්, පෙළ්, පෙළ, පාළිය, පෙළදම්, පෙළදහම්, පෙළධම් ආදි පාඨ, අටුවා විවරණ කළ පුරාණ ආචාර්යවරුන් විසින් ති‍්‍රපිටක ධර්මය, ත‍්‍රිපිටක පාලිය, ති‍්‍රපිටකය යනුවෙන් පැහැදිලි කොට ඇත. එසේම ‘පාලි’ යනු ධර්මමාර්ගය බව සහ ‘පාලිධර්ම’ යනු බුද්ධභාෂිතය බව පැහැදිලි කොට ඇත. ති‍්‍රපිටක ධර්මය උගත් ගුරු හිමිවරුන් ‘පෙළ්හදාළ වත් හිමියන්’යනුවෙන් දක්වා ඇත.
වෛදික ඇදහීම් ප‍්‍රමුඛ වීම සහ සංස්කෘත භාෂාව රාජ්‍ය, ආගමික සහ අධ්‍යාපන මාධ්‍යය බවට මුල් තැනට පත්වෙන විට දේශපාලන අධිකාරී සහාය නොලැබී මාගධී භාෂා නම් වූ ව්‍යවහාරය පසුබැසීමට ලක්වෙයි. මාගධී ‘බ‍්‍රාහ්මී’ අක්‍ෂරමාලාවේ සංවර්ධනය සහ භාවිතය අභාවයට ගියේය. ව්‍ය.ව. දෙවෙනි සියවස පමණ දක්වා සංවර්ධනය වෙමින් පැවතෙමින් තිබූ ‘මාගධී’ සාමාන්‍ය භාරත ජනයාගේ භාෂාව ලෙස සහ ජෛන සහ ථෙරවාදි බෞද්ධ ආගමික මාධ්‍යය ලෙස සීමාවෙයි.
එය එසේ වුව ද, සිංහල ප‍්‍රාකෘත භාෂාව සහ අක්‍ෂර මාලාව ආරම්භයේ සිට අඛණ්ඩ භාවිතය මගින් පරිණාමීයව සංවර්ධනය වෙමින් භාෂාශාස්තී‍්‍රය ලක්‍ෂණවලින් පෝෂිත, ලෝකයේ ඉතාමත් ලස්සන අකුරු සහිත, විද්‍යාත්මක ස්වරශාස්තී‍්‍රය හෝඩියකින් යුත් (සයන්ටිෆික් ෆොනෙටික් ඇල්ෆබට්* එකම භාෂාව බවට පත් ව ඇත. (සිංහල අපට අගයක් නැත. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ ඇතැම් පුරවැසියන් පර බසකින් ඔටුණු පැළඳ, මානව ශිෂ්ටාචාරය තුළ අද්විතීය වටිනාකමක් ඇති සිංහල භාෂාව සහ සිංහලයා සොහොන්බිමට ගෙනයන මග සකසමින්් ඇත.*

පාලි භාෂාව නිර්මාණයක් ද?
වෛදික සමාජයේ බමුණු කුලය අනන්‍ය වීමට ප‍්‍රාකෘත සංස්කරණය කොට ‘සංස්කෘත’ නිර්මාණය කරගත් ලෙසින් ඉතිහාසයේ කුමන හෝ කාලයක කිසිවෙකු විසින් ‘පාලි’ නමින් භාෂාවක් නිර්මාණය කරන ලද බවට කිසිදු තොරතුරක්, සඳහනක් නැත. එහෙත් පාලි ප‍්‍රාකෘත, පාලි ව්‍යාකරණ පමණක් නොව ගද්‍ය, පද්‍ය දෙකින් ලියන ලද ථෙර ගාථා, ථෙරි ගාථා, සහස්සවත්ථු, විමානවත්ථු, ධම්මපදට්ඨකථා, ධම්මසංගණී, අත්ථශාලිනී, දාඨාවංස, ථූපවංස, ජිනකාලමාලී, සමන්තකූඨවණ්ණනා, බොධිවංස, සිහිංගනිධාන, වංසත්ථප්පකාශනී, රසවාහිනී, වන්දනා ගථා ආදී අති විශාල පාලි ධර්ම සාහිත්‍යයක් බිහි කොට ඇත.
(පසුගිය වසර පන්සියය තුළ රහසින් සහ විවෘතව පැහැරගත් දහස් ගණනක් සිංහල, පාලි පුස්කොළ පොත් පොදු ජනතාවට කිසිදු ප‍්‍රයෝජනයක් නැතිව කෞතුකාගාර ගබඩා තුළ ගොඩගසා ඇත. බොහෝ පොත්වල නම් පවා කිසිවෙක් නොදනී. පොත් ටිකක් බටහිර කෞතුකාගාර සහ පුස්තකාලවල ප‍්‍රදර්ශන භාණ්ඩ බවට පත්ව ඇත. ඉංගිරිසි පාලන කාලයේ ප‍්‍රංශ තානාපති එම්. ගි‍්‍රම්බ්ලොට් ගාල්ලේ සිටි කාලය තුළ එකතු කරගත් පුස්කොළ පත් 14,000 ක් ප‍්‍රංශයට ගෙනගිය බවට වාර්තා ඇත. ඉන්දියාවට කොපමණ පොත් ගෙනගියේ දැ’යි ඉන්දීය ආණ්ඩුවේ ඉන්දියා සහ ලංකා අත් පිටපත් (පුස්කොළ පොත්* එකතු කිරීමේ ව්‍යාපෘතියේ ලේඛන ගත වී තිබිය යුතු ය. සොයා බලා ලබාගැනීම රජයේ වගකීම වෙන අතර ඒවා ආපසු භාරදීම ඒ ඒ රාජ්‍ය මානව සංස්කෘතියෙන් බැඳී ඇති වගකීමකි. යුනෙස්කෝවේ මැදිහත් වීම අවශ්‍ය ය.*

පාලි මාගධී භාෂාවේ පරිවර්තනයක් ද?
පාලි ථෙරවාදී ති‍්‍රපිටකය මාගධී භාෂාවෙන් කරන ලද පරිවර්තනයක් ද? නැත. ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ති‍්‍රපිටකය, අටුවා, ටීකා, බෞද්ධ ධර්ම සාහිත්‍යය මාගධී භාෂාවෙන් ‘පාලි’ භාෂාවට පරිවර්තනය කරන ලද බවට තොරතුරක් නැත. සාධක නැත. ‘මාගධී ති‍්‍රපිටකය’, ‘මාගධී අටුවා’, ‘මාගධී සාහිත්‍යය’ යනුවෙන් ව්‍යවහාරයක්, භාවිතයක් නැත. ලංකාවේ පමණක් නොව භාරතයේ සහ ලෝකයේ බෞද්ධ රටවල ද සෙසු රටවල ද ථෙරවාදී ති‍්‍රපිටකය, දහම අදාල පුරාණ කෘති සියල්ල ම හඳුන්වනු ලබන්නේ ‘පාලි ති‍්‍රපිටකය’, ‘පාලි අටුවා’, ‘පාලි සාහිත්‍යය’ ආදි වශයෙනි.
සිහල අටුවා පාලි භාෂාවට පෙරළීම ‘සියලූ භාෂාවල මූල භාෂාවට’ පෙරළීම ලෙස (රූට් ඔෆ් ඕල් ලැංග්වේජස්* සඳහන් වෙයි. මේ පිළිබඳව විමසුමෙහි නිරත වූ ප‍්‍රාචීන භාෂා ශාස්ත‍්‍ර විශාරදයන් ඒ මූල භාෂාව පාලි ලෙස සලකා ඇත. ඉන්දු-යුරෝපීය සහ ඉන්දු-ආර්ය භාෂාවල මුල් ස්වරූපය ‘ප‍්‍රාකෘත’ වීය. ක‍්‍රමිකව සංවර්ධනය වෙමින් පැවති සියලූ භාෂාවල මූල භාෂාව වූ, මගධ රාජ්‍ය තුළ භාවිත වූ ප‍්‍රාකෘත බුද්ධ දේශනා, පෙළදහම අනුව පාලි යනුවෙන් හැඳින්වීම් ලබා ඇත.
’පාලි’ කිසිවෙකු විසින් අළුතෙන් නිර්මාණය කරන ලද භාෂාවක් නොවේ. ‘මාගධී’ යනුවෙන් ව්‍යවහාර කරනු ලැබූ මගධ දේශයේ භාවිත කරන ලද ප‍්‍රාකෘත භාෂාව ථෙරවාදී ති‍්‍රපිටක ධර්මය මගින් සංවර්ධනය වූවකි. සිංහල, සංස්කෘත සහ මාගධී භාෂා තුනේ ම මූලය ප‍්‍රාකෘත වීම සහ අන්‍යොන්‍ය සම්බන්ධය නිසා භාෂා ලක්‍ෂණවල සහ ශබ්දමාලාවල යම් යම් සමානතා ඇත. එය එසේ වුව ද, සිංහල සහ මාගධී/පාලි අන්‍යොන්‍ය පෝෂණය විශාල ය. ගුප්ත යුගයේ දී මාගධී ප‍්‍රාකෘත බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාව අභාවයට පත් වුව ද බෞද්ධ, සිංහල සහ පාලි සම්බන්ධය හේතුවෙන් ප‍්‍රාකෘත බ‍්‍රාහ්මී අක්‍ෂර සිංහල භාවිතයෙන් ලැබූ ක‍්‍රමිකව සංවර්ධනය වූ සිංහල අක්‍ෂර රූපමාලාව ථෙරවාදී ති‍්‍රපිටක ධර්මයේ, පෙළදහමේ ද අක්‍ෂරමාලාව විය. නිවැරදි සිංහල භාෂා උච්ඡුාරණය නුපුරුදු අන් භාෂාවක් භාවිත කරන කිසිවෙකුගෙන් පාලි ති‍්‍රපිටක ධර්ම උච්ඡුාරණය නිසි ලෙස සිදු නොවේ. පුරාණයේ සියම් (තායිලන්ත, බුරුම (මියන්මා හිමිවරුන් ලංකාවට පැමිණ ති‍්‍රපිටක උච්ඡුාරණය පුරුදු වූ බවට ඇති සඳහන් අමතක කළ යුතු නැත.
ජන වර්ගයක නමකින් හෝ ප‍්‍රදේශයක නමකින් භාෂාවක් හැඳින්වීම හෝ නිර්මාණයවීම භාවිත කරන ලද මානව සන්නිවේදන ක‍්‍රමයේ සංවර්ධනය සහ සංස්කරණය තුළින් සිදු වෙයි. ‘පාලි’ නිර්මාණය කරන ලද භාෂාවක් නොවේ. ජනවර්ගයක හෝ ප‍්‍රාදේශීය නමක් ද නොවේ. පාලි භාෂාව ගැඹුරින් හදාරන විට ‘පාලි ප‍්‍රාකෘත’ ද හැදෑරීම අවශ්‍ය වෙයි. ඉන් අපට උගන්වන කරුණක් නම් බමුණු කුලය ප‍්‍රාකෘතයෙන් ‘සංස්කෘත’ නිර්මාණය කරගෙන වෙන් කරගත් නමුත් පොදු ජන භාවිතය තුළින් සංවර්ධනය වෙමින් පැවති ප‍්‍රාකෘත භාෂාව බුද්ධභාෂිතය නිසා ‘පාලි’ නාමය ලබා ඇති බව ය. එසේම මගධ වාසීන්ගේ භාෂාවෙන් මහාවීර තුමා දෙශනා කළ ජෛන ආගමික භාෂාව ‘අර්ධ මාගධී’ නමින් හැඳින්වීම් ලබා ඇත.

මාගධී සහ පාලි භාෂා දෙකක් ද?
‘මගධ’, ‘මාගධ’ යනුවෙන් හඳුන්වනු ලැබුවේ මගධ රාජ්‍යය තුළ භාවිත කරන ලද ‘ප‍්‍රාකෘත’ භාෂාව ය. ප‍්‍රාකෘත භාවිත කළ මගධ සමාජයේ ප‍්‍රධාන ආගමික ජන කොටස් දෙක කි. ජෛනයෝ සහ බෞද්ධයෝය. මගධයේ භාවිතයේ පැවති ප‍්‍රාකෘත ශාස්තී‍්‍රය භාෂාවක් (ලිටරරි ලැංග්වේජ්* ලෙස ක‍්‍රමයෙන් වර්ධනය වීම ‘මගධ’ බස ‘මාගධී’ ලෙස සකස් වීමෙන් පෙන්වයි. මගධ වැසියන්ගේ භාෂාව වූ ප‍්‍රාකෘත භාෂාවේ පරිණාමීය සංවර්ධනය නොසලකා පාලි භාෂාව මාගධී භාෂාවට වඩා වෙනස් භාෂාවකි’යි නුවණැත්තන් ප‍්‍රකාශ කරන්නේ නැත.
පුරාණයේ ලිවීම සඳහා භාවිත කළ සතුන්ගේ හම්, ගස් පොතු සහ කොළ දිගුකල් පවතින ද්‍රව්‍ය නොවෙන නිසා අශෝකට පෙර මගධ ජනයාගේ භාෂාවේ ස්වරූපය දැනගැනීම අපහසු ය. එසේ වුව ද විනාශ නොවී තිබෙන අශෝකගේ සෙල්ලිපි මගධ වැසියන් භාවිත කළ භාෂාව (මාගධී* ව්‍ය.ව.පූ. තෙවෙනි සියවස වෙනවිට සංවර්ධන වෙමින් පැවති ස්වරූපය දැනගැනීමට උපකාරී වෙයි. බ‍්‍රාහ්මී අක්‍ෂරවලින් ලියා ඇති ඒ ලිපි මාගධී භාෂාව කෙබඳු දැ’යි පෙන්වයි.
සිය ගණනක් වූ අශෝක ලිපි අතරෙන් එක් කෙටි සෙල්ලිපියක් පමණක් දැක්වීම මෙහිලා ප‍්‍රමාණවත් වෙනු ඇත. වර්තමාන රුම්මින්දෙයි නමින් හඳුන්වනු ලබන පුරාණ ‘ලූංමිනිගාම’ නම් ස්ථානයෙන් සොයාගනු ලැබූ ලිපිය දුම්බිණී ටැම් ලිපිය නමින් හඳුන්වනු ලබයි. ඉන්දියාවේ පළමු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ශ‍්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසින් ඒ ලිපිය පිටපත් කොට අර්ථ දක්වා ප‍්‍රකාශයට පත් කොට ඇත.

ලූම්බිණී ටැම් ලිපිය
බ‍්‍රාහ්මී අක්‍ෂරවලින් ලියා ඇති මේ ලිපියේ පෙළ වියතුන් විසින් සිංහල අකුරුවලින් ලියා දක්වා පළ කොට ඇත.
”දෙවනපියෙන පියදසින ලාජින වීසතිවසාභිසිතෙන අතන ආගාච මහියිතෙ හිද බුධෙ ජාතෙ සක්‍යමුනි ති සිලාවිගඩභි චා කාලාපිත සිලාථභෙ ච උසපාපිතෙ හිද භගවං ජාතෙ ති ලූංමිනිගාමෙ උබලිකෙකටෙ අඨභාගියෙ ච.”
ප‍්‍රාකෘත, සිංහල, පාලි, සංස්කෘත භාෂා පිළිබඳ පළමුපෙළ විද්වතෙකු වූ පණ්ඩිත, ශාස්ත‍්‍රපති බෙල්ලන ඤාණවිමල නාහිමියන් විසින් සපයන ලද ලූම්බිණී ටැම් ලිපියේ පාලි අනුවාදය මේ සඳහා උපුටා දැක්වීම සුදුසු වෙනු ඇත.
”දෙවානම්පියෙන පියදස්සිනා රාජෙන වීසති වස්සාභිසිත්තෙන අත්තනා ආගඤ්ජිය මහිතං ඉධ බුද්ධො ජාතො සක්‍යමුනිති. සිලාවිකත භිත්ති ච කරාපිතා සිලාථම්භො ච උස්සාපිතො ඉධ භගවා ජාතොති. ලූම්බිණිගාමො උබ්බලි කො කතො. අට්ඨභාගියො ච.”
ප‍්‍රාකෘත භාවිත කරන ලද පුරාණ මගධ දේශවාසීන්ගේ ස්වභාෂාව ලෙස ව්‍යවහාරයට පත් වූ ‘මාගධී’ භාෂාව බෞද්ධයන් විසින් බුද්ධභාෂිතය, පාලි ථෙරවාදී ති‍්‍රපිටකය, පරිශීලනය කිරීම සඳහා අඛණ්ඩව භාවිත කරනු ලැබීමෙන් ව්‍ය.ව.පූ. තෙවෙනි සියවස වෙනවිට ශාස්තී‍්‍රය භාෂාවක් (ලිටරරි ලැංග්වේජ්* ලෙස ක‍්‍රමයෙන් වර්ධනය වී ඇති සැටි සෙල්ලිපි පාඨය සහ එහි පාලි අනුවාදය තුළින් පැහැදිලි වෙයි.

අශෝකගේ ප‍්‍රකාශයේ සිංහල අනුවාදය
”අභිෂෙක කළ විසිවස් ඇත්තාවූ දෙවියන්ට පි‍්‍රයවූ පි‍්‍රයදර්ශී රජු විසින්, මෙහි ශාක්‍යමුනිවූ බුදුන්වහන්සේ උපන් සේකැයි තමාම අවුත් පූජා කරන ලදී. මෙහි භාග්‍යවතුන්වහන්සේ උපන්සේකැයි ගලින් කළ බිත්තියක් කරවන ලදී. ගල් කුලූණක් ද සිටුවන ලදී. ලූම්බිණී ග‍්‍රාමය අයබද්දෙන් නිදහස් කරන ලදී. රජුට හිමි අටෙන් කොටස භුක්ති විඳින්නක් ද කරන ලදී.” (‘සලකා’, ‘සිතා’, ’අදහස් කොට’ ආදි අදහසක් දෙන වචනයක් ප‍්‍රාකෘත සෙල්ලිපි පාඨයේ කිසි තැනෙක නැත. එය බටහිර උගතුන් ඉංගිරිසියෙන් අර්ථ දැක්වීමේ දී වරහන් තුළ යෙ¥ එකකි. සමහර සිංහල උගතුන් සහ ලේඛකයන් ද ඒ ඉංගිරිසි ක‍්‍රමය ම අනුකරණය කරමින් අර්ථ දක්වා ඇත.*
අශෝක ලිපියෙන් මාගධී සහ පාලි අතර ඇති සම්බන්ධය පැහැදිලි වුව ද එපමණකින් බුදුන් දහම් දෙසූ භාෂාව සහ පාලි ති‍්‍රපිටක දහම ගැන හෙළි නොවේය’යි කෙනෙකුට කුකුසක් ඇති කිරීමට ද හැකි නිසා සොයා බැලිය යුතු වෙයි.
අප කුඩා කල සිට දහම් පාසලේ දී පවා උගත් ධම්මපදය මෙයට ඉතා සුදුසු සේ සලකමි. අප උගත් ධම්මපදයේ පාලි ගාථා 423 කි. බුදුන්වහන්සේ එක් සූත‍්‍රයක් ලෙස දේශනා කොට නැත. අවස්ථා තුන්සියයකදී පමණ දේශනා කරන ලද, පැවිදි ගිහි දෙපිරිසට ම අදාල මේ ගාථා පළමු සංගායනාවේ දී ‘ධම්මපද’ නමින් කාණ්ඩයක් ලෙස ගොනුකොට ඇත.

ඛෝටාන් ධම්මපදය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress