බුදුන් ධර්මදේශනා කළ භාෂාව -1
Posted on August 24th, 2021

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්

මෑත කාලයක සිට සිංහල බෞද්ධ ජනයා අතර මාගධී භාෂාව සහ පාලි භාෂාව ගැන අපූරු අදහසක් මතු කොට ඇත. ඒ අදහස නම්, බුදුන්වහන්සේ ධර්ම දේශනා කළේ මාගධී භාෂාවෙන් මිස පාලි භාෂාවෙන් නොවේ. මෙයින් මාගධී සහ පාලි භාෂා වෙන් වෙන් වූ භාෂා දෙකක් බව ප‍්‍රකාශිතව හඟවයි. මේ භාෂා එකක් ද? නැත්නම් දෙකක් ද? සාකච්ඡුා කිරීම කාලීන වශයෙන් ඉතා අගනා එකකි. කරුණු කීපයකින් වැදගත් ය.

1.         පාසල් අධ්‍යාපනයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සිට සරසවි උපාධි සහ පශ්චාත් උපාධි සඳහා ඇති පාඨමාලාවල පාලි භාෂාව අධ්‍යාපන විෂයයක් වෙයි.

2.         සමහර බටහිර උගතුන් වසර දෙදහසක කාලයක් පුරා ‘මල භාෂාවක්’ ලෙස පැවති බවට කළ ප‍්‍රකාශය සමහර සිංහල උගතුන් විසින් ද පිළිගන්නා ලද, එහෙත් වසර දෙදහස් හයසියයකට වැඩි කාලයක් පුරා අද දක්වාත් පරිපාලන භාෂා ලෙස නැතත් ‘පාලි’ ලෝක ජනතා ව්‍යවහාරයේ පවතියි.

3.         වර්තමාන ඉන්දියාවේ හින්දි භාවිත කරන එහෙත් මාගධී පළමු බස (මවුබස* ලෙස සලකන ලක්‍ෂ පනහක පමණ ජනතාවක් වාසය කරයි.

4.         ලෝකයේ හැම රටකම වාගේ ජීවත්වෙන කෝටි හැටක (ලක්‍ෂ 6,000* පමණ බෞද්ධ ජනයා (සිංහල, තායි/සියම්, බුරුම/මියන්මා, චීන, වියට්නාම්, කාම්බෝජ, නේපාල, හින්දි, බෙංගාලි ආදී* තමතමන්ගේ මවුභාෂා අක්‍ෂරමාලාවලින් පිටපත් කරන ලද ලිඛිත ති‍්‍රපිටකය ‘පාලි ති‍්‍රපිටකය’ නමින් හඳුන්වති.

5.         ථෙරවාදීන් සංගායනා මගින් බුද්ධ ධර්මය ති‍්‍රපිටකය තුළ සංග‍්‍රහ කරන ලද බැවින් ‘ථෙරවාද ති‍්‍රපිටකය’ නමින් හඳුන්වනු ලබන ති‍්‍රපිටකය ‘පාලි’ භාෂාවෙන් පවතියි.

6.         මේ අදහස ප‍්‍රකාශ කොට ඇත්තේ පාලි ති‍්‍රපිටකය සම්බන්ධයෙනි.

7.         පාලි ති‍්‍රපිටකය බුදුන්වහන්සේ දේශනා කළ දහම නොවෙන බවට අදහසක් ඒ ප‍්‍රකාශයෙන් හඟවයි. ඉහත කරුණු සියල්ලට වඩා මෙය වැදගත් ම කරුණ වෙයි.

                මේ අදහස සම්බන්ධයෙන්, පළමුව බුදුන්වහන්සේගේ කාලයේ දඹදිව (ජම්බුදීපේ* (පසුව භාරතය ලෙස හැඳින් වූ, 1947 දී ඉන්දියාව යනුවෙන් අළුතින් නම් කරන ලද* සහ ලංකාවේ පැවති භාෂාවල ස්වභාවය කෙබඳු දැ’යි සලකා බැලීම අවශ්‍ය ය.

ඉන්දු-ආර්යයන්ගේ භාෂාව

                ජම්බුදීපෙට (දඹදිවට* ව්‍යවහාර වර්ෂ පූර්ව (ව්‍ය.ව.පූ.* දෙවෙනි දහස්වස තුළ මධ්‍ය ආසියාව ඔස්සේ පැමිණ ඉහළ සින්දු ගංගා භූමිය සහ ගංගා නදී නිම්නය ආශී‍්‍රත භූමියේ ජනපද පිහිටුවා ගත්  සිය ගණනක් ආර්ය ජනවර්ග භාවිත කළ භාෂාව ‘ප‍්‍රාකෘත’ නමින් හඳුන්වනු ලබයි. එමෙන් ම ආර්ය ජන වර්ග කීපයක් සින්දු ගංගා නිම්නය ඔස්සේ පහළට ගමන් කොට ලංකාවට පැමිණ ඇත. සිංහල පමණක් නොව කබොජ, බරත, යවන, දමෙඩ, මුරුඩි සහ මිලක ආර්ය ජන වර්ග පැමිණි බවට සාධක ඇත. ඔවුන් භාවිත කළ භාෂාව ද ‘ප‍්‍රාකෘත’ නමින් හැඳින් වෙයි. විජයාගමනයට පෙර හෝ සමගාමීව හෝ අනුගාමී ව සංක‍්‍රමණය සිදු වෙන්නට ඇත. (ලංකාවට සිදු වූ පළමු ආර්ය සංක‍්‍රමණය විජයාගමනය නොවේ. විජයට පෙර ආර්ය සම්බන්ධතා පැවති බවට සාධක ඇත.*

                සිංහල ජන වර්ගය දේශපාලන බලවතුන් වීමෙන් දිවයින් වැසියන්ගේ භාෂාව (ස්වභාෂාව* ‘සිංහල ප‍්‍රාකෘත’ විය. ව්‍ය.ව.පූ. කාලයේ සිට දිවයිනේ සෑම දෙසකින් ම ලැබී ඇති පුරාණ බ‍්‍රාහ්මී සෙල් ලිපි දහස් ගණනක් සහ පළමු දහස්වසේ මුල් භාගයේ සිට ලියා ඇති සෙල්ලිපි සිංහල ප‍්‍රාකෘත සහ සිංහල හැර වෙනත් දේශීය භාෂාවක් නොවූ බව සනාථ කරයි.

                ඓතිහාසික සාධක අනුව ලංකාවේ සහ භාරතයේ ආර්ය ජනපද රාජ්‍ය භාවිත කළ භාෂාව ‘ප‍්‍රාකෘත’ ලෙස සැලකෙයි. සිංහල, සංස්කෘත, පාලි, සෞරාෂ්ටී‍්‍ර, ගුජරාටි, පංජාබි, කාශ්මීරි, බෙංගාලි, මරාටි, ඔරියා ආදි භාෂා සියල්ලේ ම මූලය ප‍්‍රාකෘත භාෂාව ය. පුරාණ ඉන්දු-ආර්ය භාෂාවල ( ඕල්ඞ් ඉන්ඩු-ආර්යන් වර්නක්‍යුලර්ස්* පමණක් නොව මුල්-ඉන්දු-යුරෝපීය භාෂාවල ද (ප්‍රෝටො-ඉන්ඩු-යුරෝපිඅන්* මූලික ස්වරූපය ප‍්‍රාකෘත ලෙස සැලකෙයි.

                අදාල කරුණ සම්බන්ධයෙන් සිංහල, පාලි සහ සංස්කෘත භාෂා ගැන පමණක් අවධානය යොමු කිරීම ප‍්‍රමාණවත් ය. මේ භාෂා තුන ම එකම මූලයකින් ආරම්භ වී අන්‍යොන්‍යව පෝෂණය වෙමින් සංවර්ධනය වී ඇත. වර්තමාන ලෝකයේ සංස්කෘත සහ පාලි භාෂා ආගමික කටයුතු සහ ශාස්තී‍්‍රය අධ්‍යයන සඳහා භාවිත කෙරෙයි. එහෙත් සිංහල භාෂාව ප‍්‍රාකෘත පදනම මත ක‍්‍රමානුකූලව සංවර්ධනය වෙමින්, ව්‍යවහාර වර්ෂ පූර්ව (කි‍්‍ර.පූ.* පළමුවෙනි දහස්වසේ සිට අද දක්වාම ශ‍්‍රී ලංකාවේ 95%ක් පමණ ජනයා විසින් එදිනෙදා භාවිත කරනු ලබයි.

සංස්කෘත සහ පොදු ජන භාෂාව

                භාරතයේ ආර්යයන් මුල් කල භාවිත කළ ‘ප‍්‍රාකෘත’ ලෙස හඳුන්වනු ලබන භාෂාව කාලීනව සිදු වූ සංවර්ධනය තුළින් නිර්මාණය වූ ‘සංස්කෘත’ (සංස්කරණය කරන ලද* භාෂාව පාණිනී විසින් විධිමත් කිරීම සිදු විය. එය ආර්ය සමාජයේ ඉහළ ස්ථරවල සහ වෛදික ආගමික භාෂාව විය. විශේෂයෙන් ම එය භාවිත කිරීමේ, ඉගෙනීමේ සහ ඉගැන්වීමේ අධිකාරී බලය බමුණු පැළැන්තිය සතු විය. (සංස්කෘත භාෂාව නිර්මාණය කොට සීමා පැනවීම වේදයේ ‘සියලූ හිමිකම්’ රැුකගැනීමට කළ දෙයක් වැනි ය.* සංස්කෘත භාෂාවේ මූලය වූ ප‍්‍රාකෘත පිළිබඳ දැනුමෙන් තොරව ඍග්වේද ආදි වෛදික කෘතීන් කියවා නිසි ලෙස තේරුම් ගැනීම දුෂ්කර ය.

                බමුණු ආධිපත්‍යයෙන් සාමාන්‍ය ජනයා පීඩනයට පත්ව සිටියහ. වේදය කියන විට අසා සිටීම පවා මහා අපරාධ වරදකි. සංස්කෘත හැදෑරීමට අවසර නොවීය. සාමාන්‍ය ජනයාගේ මවුබස වූ සහ ඔවුන් අදහන ලද වෛදික නොවෙන ආගමික භාෂාව වූ ‘ප‍්‍රාකෘත’ භාවිතය තුළින් ස්වාභාවික ව වැඩෙමින් පැවතුණි. ඉන් වසර දහසක පමණ කාලයකට පසුව වුව ද සමාජ ස්ථර අතර මේ භාෂා ව්‍යවහාරය එලෙස පැවති බව සංස්කෘත සාහිත්‍යයෙන් හෙළි වෙයි. (බි‍්‍රතාන්‍යයේ පාලක සහ ඉහළ පැළැන්තිය රෝම පාලනය යටතේ ලතින් භාෂාව සහ දේශීය භාෂාව ද, නෝමන්ගේ ප‍්‍රංශ පාලනය යටතේ ප‍්‍රංශ භාෂාව සහ ඉංගිරිසි භාෂාව ද භාවිත කිරීම සහ විසිවෙනි සියවසේ ආරම්භයේ පවා රුසියාවේ ප‍්‍රංශ සහ රුසියානු භාෂා ව්‍යවහාර කිරීම වැනි ය.*

                භාෂා තුනේ ම මූලික ස්වරූප සිංහල ප‍්‍රාකෘත, පාලි ප‍්‍රාකෘත සහ සංස්කෘත ප‍්‍රාකෘත යනුවෙන් හැඳින්වෙයි. එමෙන් ම යම් යම් සමාන අසමානතා සහිතව ව්‍යාකරණ විධි සහ ලිවීමට අක්‍ෂර මාලා ද වීය. සංස්කෘත ලිවීමට ‘දේවනාගරී’ නමින් නම් කරන ලද අක්‍ෂර මාලාවක් සකස් කරගත් අතර පාලි ප‍්‍රාකෘත අක්‍ෂර මාලාවක් සහ සිංහල ප‍්‍රාකෘත අක්‍ෂර මාලාවක් විය. ඒ අක්‍ෂර ‘බ‍්‍රාහ්මී අක්‍ෂර’ නමින් හඳුන්වනු ලබයි. (මේ භාෂා පිළිබඳ පූර්ණ උසස් දැනීමක් අවබෝධයක් ලබාගැනීමේ නිරත අය ‘ප‍්‍රාකෘත’ ද හැදෑරීම අවශයෙන් ම කළ යුතු වෙයි.*

‘මාගධී’ උපත

                ජනපද නායකයන් වූ ග‍්‍රාමිණීන් අතුරෙන් රජුන්, මහ රජුන්, අදිරජ රජවරුන් බිහිවීම සිදු වෙයි. භාරතයේ උත්තරාපථයේ පැවති සිය ගණනක් වූ ආර්ය ජනපද අතර දේශපාලන ආධිපත්‍යය සඳහා වූ අරගල තුළින් බිහි වූ මහා ජනපද රාජ්‍ය දහසයෙන් මගධ ජනපද රාජ්‍යය ව්‍ය.ව. පූර්ව (කි‍්‍ර.පූ.* 6 වෙනි සියවස වෙනවිට එනම් බුදුන්වහන්සේගේ කාලය වෙනවිට බලගතු ම රාජ්‍යය බවට පත්වෙමින් තිබුණි.

                සියවස් ගණනාවක් සින්දු, ගංගා නිම්න සහ නර්මදා, තප්තී, මහානදී ගංගා නිම්න ඇතළත වූ ආර්ය භූමිය මහා මගධ රාජ්‍යයේ අණසක යටතේ වීය. ධර්මාශෝක රජුගේ කාලයේ දකුණු භාරතයේ (ඉන්දියාවේ* කාවේරී නදී නිම්න භූමිය දක්වා මගධයේ ඍජු පාලනය යටතේ වීය. ව්‍ය.ව. පූර්ව 7 වෙනි සියවස් සිට ව්‍ය.ව. 8 වෙනි සියවස දක්වා ඉතා දිගු කලක් හර්යංක, නන්ද, මෞර්ය සහ ගුප්ත බලගතු රාජ්‍ය මගධ දේශය මුල්කරගෙන පැවතුණි.

                මගධ රාජ්‍යයේ සහ පුරවැසියන්ගේ භාවිත භාෂාව (ස්වභාෂාව* වූ ප‍්‍රාකෘත, හර්යංක රාජ්‍ය පාලන කාලය පමණ වෙනවිට මගධ වැසියන්ගේ භාෂාව, ‘මගධ භාෂාව’ යනුවෙන් ව්‍යවහාරයට පත්වී ඇත. කාලිංගයේ (ඔඩිස්සා* භාවිත වූ ප‍්‍රාකෘත (මගධයේ භාවිත වූ ප‍්‍රාකෘත සහ බ‍්‍රාහ්මී අක්‍ෂර* වර්ධනය වී එහි බහුතර ජනතාවගේ භාවිතයෙන් ‘ඔරියා’ භාෂාව ලෙස හඳුන්වනු ලැබීය. මගධ වැසියන් භාවිත කළ ප‍්‍රාකෘත භාෂාව මගධ වී ඇත. සිංහලයන් නිසා ලංකාවේ ආර්යයන් භාවිත කළ ප‍්‍රාකෘත සිංහල භාෂාව විය.

                ‘මගධ වැසියන්ගේ භාෂාව’ පුරාණ ලේඛනවල ‘මගධ’, ‘මගධ භාෂා’, ‘මාගධී’, ‘මාගධ ව්‍යාකරණ’, ‘මාගධික’, ‘මාගධික භාෂා’ යනුවෙන් දක්වා ඇති බව වියතුන් පෙන්වා දී ඇත. මගධ රාජ්‍යයේ බලපෑම සමස්ථ භාරතය පුරා පැවති බව අසෝක සෙල්ලිපි හෙළි කරයි. සියලූ ලිපි පාලි ප‍්‍රාකෘත භාෂාවෙන් බ‍්‍රාහ්මී අක්‍ෂරයෙන් ලියා ඇත. (වයඹදිග සීමා ආශි‍්‍රත භූමියේ පිහිටු වූ ලිපි ගී‍්‍රක, ඇරමයික්, ඛරෝස්ති අක්‍ෂරවලින් ලියා ඇත.* මගධ ප‍්‍රදේශයේ වැසියන්ට පමණක් සීමා වී පැවති භාෂාවක් නොව එය පංචාල, කාශ්මීර, සෞරාෂ්ට‍්‍ර, කාලිංග, බෙංගාල, ආන්ද්‍ර සහ තාම්රපර්ණි නදී නිම්ය දක්වා වූ චොඩා, පාඩා, කෙලලපුතෝ, සතියපුතෝ ආදී සමස්ථ භාරත වැසියන්ට ම වැටහෙන භාෂාවක් වූ ප‍්‍රාකෘත භාෂාව බව පැහැදිලි වෙයි.

බුදුන් දහම් දෙසූ බස

                බුදුන්වහන්සේ දහම් දෙසුවේ පොදු ජනයා භාවිත කළ ‘මගධ’, ‘මාගධී’ භාෂාවෙනි. ඒ වෙන විට පොදු ජනයා භාවිත කළ ‘ප‍්‍රාකෘත’ ගැඹුරු දහම් කරුණු පිළිබඳ අවබෝධය පහසුවෙන් ලබා ගැනීමට හැකි දියුණු භාෂාවක් බවට වර්ධනය වී තිබුණි.

                මහාකස්සප මහරහත් හිමියන්ගේ මූලිකත්වයෙන් පන්සියයක් රහතුන් එක් වී, බුදුන්වහන්සේ හතලිස් පස් වසරක් පුරා කරන ලද අසූහාරදහසක් වූ ධර්ම විනය දේශනා සංරක්‍ෂණය කිරීම පළමු වරට බුදුන් පිරිනිවී තුන් මසක් ඇතුළත අරඹා සත් මසකින් සම්පූර්ණ කරන ලදී. එයින් සියවසකින් පසු දෙවෙනි ධර්ම සංගායනාව ද ඉන් වසර දෙසියයකින් පමණ දහසක් රහතුන් සහභාගී වී තෙවෙනි ධර්ම සංගායනාව ද සිදු කරනු ලැබීය. මේ සංගායනාවලින් බුදුන් දෙසූ දහම සංරක්‍ෂණය කිරීම සිදු විය. තුන්වෙනි සංගායනාවේ දී සිදු කරන ලද විශේෂය නම් ධර්මයේ ඉතාමත් ගැඹුරු කොටස් මාතෘකා හතක් යටතේ ගොණු කොට ‘අභිධම්ම’ නමින් නම් කොට වෙනම කාණ්ඩයක් ලෙස සකස් කිරීම ය. එය ධර්මයට අළුතින් එකතු කිරීමක් නොවේ. (බුදුන් දෙසූ දහමක් නොවේය’යි ප‍්‍රකාශ කරන, ඇතැම් ‘ජනපි‍්‍රය’ භික්‍ෂූන් ද ඇතුළු පණ්ඩිතමාණී කණ්ඩායමක් ද ඇත. බුදුන්වහන්සේ අවස්ථා තුන්සියයක දී පමණ වදාළ ගාථා පළමු ධර්ම සංගායනාවේ දී ’ධම්මපද’ නමින් එක කාණ්ඩයක් ලෙස ගොණු කරන ලද බව මොවුන් නොදන්නේ දැ’යි නොදනිමි.*

මගධ බසින් දහම පැමිණීම

                බුදුන්වහන්සේ ලංකාවට වැඩම කළේ සම්බුදු බව ලැබීමෙන් පළමු වසර අට තුළ ය. භික්‍ෂූන් සමග වැඩියේ අටවෙනි වසරේ පමණකි. බුදුන් යක් ජනයාට, සුමන සමන්, මණිඅක්ඛික, චූලෝදර, මහෝදර ආදීන් ප‍්‍රමුඛ ජනයාට දෙසූ දහම් ඒ කාලයට අයත් ය. ඒ වෙනවිට විනය දේශනා කිසිවක් නැත. හතලිස් පස් වසරක් පුරා දේශනා කළ ධර්මය ඇතුළත් ති‍්‍රපිටකය පළමු වරට ලංකාවට ගෙනෙනු ලැබුවේ ව්‍ය.ව. පූර්ව 247 දී මිහිඳු මාහිමියන් විසිනි.

                මිහිඳු හිමියන් දෙවෙනි දින රජවාසල් භූමියට රැුස් වූ පිරිසට පේතවත්ථු, විමානවත්ථු සහ රාජකීය ඇත්හලට රැුස් වූ අනුරාධපුර නුවර වැසියන්ට දෙව¥ත සූත‍්‍රය දෙශනා කළ ”මේ ස්ථාන දෙකේ දී දීප භාෂාවෙන්” දහම් දෙසූ බව විශේෂ කොට දැක්වීමෙන් මිහිඳු හිමියන් පළමු දවසේ මිස්සකපව්ව අසල දී රජු ප‍්‍රධාන පිරිසට චූලහත්ථිපදොපම සූත‍්‍රය මගධයේ භාෂාවෙන් ම දේශනා කළ බවට අදහසක් ඇති වෙයි.

                මාගධී භාෂාව ලංකාවට හඳුන්වාදීම සිදු වූයේ ධර්මාශෝක රජු සමයේ මිහිඳු මහරහත් හිමියන් මගිනි. මිහිඳු හිමියන් ති‍්‍රපිටක බුදු දහම සිංහල භාෂාවෙන් ලිව්වේ නැත. උන්වහන්සේ මගධ භාෂාවෙන් වූ ති‍්‍රපිටකයේ ගැඹුරු ධර්ම පාඨ සිංහලයන්ට වටහාගැනීම පහසු කිරීම සඳහා සිංහල භාෂාවෙන් අටුවා ලිවීය. ”සිහල අටුවා” නමින් හඳුන්වනු ලබන්නේ එහෙයිනි. පසු කලෙක සිහල අටුවා මාගධී භාෂාවට පෙරලීමට සිදු වූයේ සිංහල නොවෙන බෞද්ධයන්ට බුදු දහම නිසි ලෙස වටහා ගැනීම සඳහා අවශ්‍ය වූ නිසා ය. ලංකාවට පැමිණීමට පෙර බුද්ධඝෝෂ හිමියන් ගයාවේ දී ථෙරවාදී ති‍්‍රපිටකය හදාරා මාගධී/පාලි භාෂාවෙන් අත්ථශාලිනි අටුවාව ලියා ඇත.

සිහල අටුවා මාගධී භාෂාවට පෙරළයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2022 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress