ගුරුවරු සහා ගුරු හොරු
Posted on September 16th, 2021

උදුලා ජයසිංහ

ගුරුවරුන් වශයෙන් අපි හඳුන්වනු ලබන්නේ දෙමවුපියන්ගෙන් පසු ළමයින්ට හා විශේෂයෙන් ළමා මනසට වැටහෙන පරිදි අවවාද අනුශාසනා දෙමින් තමා ලද අධ්‍යාපන සුදුසු කම් අනුව දැනුම,බුද්ධිය වර්ධනය කර දරුවන්ට නිසි මගට යොමුකොට සමාජයේ ගරුබුහුමන් ලබන පිරිසකි. දුසිරිත් වලින් තොර සහජ හැකියාවක් ඇති මානවයා සැකසීම කරන්නන්ද ගුරුවරුන් ලෙස හැඳින්වියහැක. පෙර රජදරුවන් කාලයේ පවා රජ දරුවන්ටද, ඔවුන්ගේ දරුවනටද රාජ්ජ්‍ය තන්ත්‍රය ගැන හා නොයෙකුත් ශිල්ප ශ්‍රාස්ත්‍ර ගුරුවරුන් විසින් උගන්වා ඇති බව පෙනී යයි. ඒ සඳහා වෙනම වෙනම තක්ශිලාවක් නොහොත් පාසැල්ද පවත්වා ඇත. අතීතයේදී අප දේශයේ මුල්ම යුගයේ පිරිවෙන් අධ්‍යාපනයද ළමුන්ට ලබා දී ඇති බව පෙනේ . ඒ ඒ යුගවල තොරතුරු පරිශීලනය කරන විට අපහට හොඳින් එය පෙනී යයි. ගුරු මවුවරුන් හා පියවරුන් වශයෙන් මෙම පිරිසම තවත් විරුදාවලියකින් හඳුන්වන් ලබයි.

මෑතකදී අප රටේ අධ්‍යාපනය ලබා දෙන ගුරවරුන් කොටසක් කරන නුසුදුසු ක්‍රියා සහා මන්ද මානසික වගේ විලාසය ඇසෙනවිට, දකින විට, පෙනීයන කරුනක් තමා සමාජයේ ජිවත්වන මානවයාව යහමගට ගැනීමට ක්‍රියා කරන පිරිසක් විසින් කරන හොඳ හෝ යහපත් ක්‍රියාවක්ද, සිරිතක්ද මේ පෙන්වන්නේ කියාය. ඔවුන්ගේ මේ දේශපාලනමය ගුරැ පෙළපාළි කරුවන් ළමයින්ගේ කාලයද කාදමමින් මේ සිදු කරන්නේ මුළු සමාජයම වැනසීම නොවේද?. ඔවුන්ට පෙර සිටි ඔවුන්ගේ ගුරුවරුන් වන සමාජයේ ගරු බුහුමන් ලබමින් සිටි බුද්ධිමත් ඈඳුරන්ගෙන් ලබාගත් දැනුම මුලික කරගෙන ‘සිංහ හම ‘ පොරවාගත් සිවලුන් මෙන් මෝඩ වැඩකිරීම ඔවුන් ඉගෙනගත් ඈඳුරන්වන ඔවුන්ගේම ගුරවරුන් හට කරන මහා නිගාවකි ඔවුන්ගේ ගුණයද කෙළෙසීමකි.

මේ සාවිශාල රෝග භියකට ගොදුරු වී සිටින මොහොතක තමාගේ බඩගෝස්තරය රැක ගැනීමට හා තම දරුවන්ට පමණක් සැප සම්පත් දී තමාද සැප සම්පත් විඳිමින්, අනිත් දරුවන් හට නුගන්නවා තම ගෙදර සිටින ‘ළමයින්’ තරඟ විභාග ආදියෙන් දිනවීමට ‘ රහසේ සැම විෂය කරුණක්ම උගන්වා ජිවත් වීමට වෙර දැරීම සාපරාධි අපරාධයකි. තම නිවසේ සිටින දරුවනට කියා දෙන නරක පුර්වදෙශයකි. එහි ප්‍රතිඑලය ඔබද ඔබගේ ජිවිත කාලය තුලදීම ලබා ගැනීමට නියමිතයි. කර්මය ඔබ මත ක්‍රියාත්මක වීම දරුවන්ගේ නොසලිකම් වලට පාත්‍ර වීම සක්සුදක් සේ පැහැදිලිය.

සමාජයේ පවතින කටවහරක් වන ‘රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය’ කරමින් සිටියාවගේ කියන අර්ථ කථාව දැන් මේ ළමයින්ගේ අධ්‍යාපනය ලබාදෙන තමන් අභිමානවත් ලෙස හුවා දක්වමින් සමාජය ඉදිරියේ උඩඟු වෙමින් ක්‍රියා කරන ‘ගුරු හොරුන් ‘ සඳහා මානාව අනුයුක්ත කළහැක. මේවාටම උඩගෙඩි දෙන දෙමවුපියන් කොටසක් සිටින එක සෝචනීය කරුණකි. ගුරු හොරුන් විසින් රහසේ තම ළමයින්ට ‘ තම ගෙදරදී උගන්වන බව ඔබ දන්නේද ? හිමින් සීරුවේ වැඩ පොත් හෝ ළමයාගේ අදාල විෂය ගැන ප්‍රශ්න කර බලන්න. ඔබගේ ළමයාගේ නුවණ හා සංසන්දනය කරබලන්න. මේ ගුරු හොරුන්ගේ ළමයින්ගේ ‘දැනුම වැඩිවී තිබෙන්නේ. ‘ඔය ගුරු හොරුන්ගේ නැට්ට පස්සේ යන දෙමවු පියන්ගේ ළමයාගේ ජානමය හැකියවක් හෝ වෙනත් අඩුපාඩුවක් නිසා නොව. ඔවැනි ගුරු හොරුන් රහසේ කරන කපටි ක්‍රියා මාර්ගයක් බැවිනි. කැමතිනම් ඔය ‘උඩ පනින’ දෙමවු පියන්ට තමාගේ පාසල් කාලය තුල සිද්ධීන් මතක් කර බලන්න.’ හොඳින් මේ කරුණ මතක තබා ගන්න ‘ උඩ පැන්නොත් බිම වැටේ’ ඔබ ගුරැ උත්ගොෂණ කරුවන් සමග උඩ පනින විට’ මේ පැනිල්ලෙන් සිදුවන්නේ ඔබේ දරුවා බිම වැටි ඒ මදිවට හොටත් බිම ඇනීමය.

යහපත් ගුරු ඇසුරක් තුල හැදී වැඩි සිටින දෙමව්පියන්නම් මෙවැනි ‘ගුරු හොරුන්ගේ වැඩ පිළිවෙලට අත් උදවු කාරයින් නොවන බවද මෙවැනි සමාජ දුෂණ ක්‍රියාවලට අත් පොලොසන් දෙන්න ඔල්වරසන් දෙන්න එකතු නොවන බව සමාජයේ කතිකාවලින්මපෙනී යයි. දෙමව්පියන් විසින් දුක් මහන්සි වී උපයන ධනය පන්ති ගාස්තු වශයෙන් සුරා කමින් රජයෙන් නොමිලේ ලබාදුන් නිදහස් අධ්‍යාපනයෙන් එල ප්‍රොයෝජන ගෙන රජයෙන්ම ගුරු රාජකාරියට පත්වී මහාජන බදු මුදල් වලින් සුවසේ යැපෙමින් උගත්කම් හා තානාන්තර ලබමින් තමාට ආවඩා ගන්නා ගුරු වරුන්ගේ ක්‍රියාකලාප නිසා ගුරුවරුන්ගේ සමස්ථ ගුරු ගෞරවය මේ වනවිට ගිලිහි ඇති බව පෙනී යයි.

මෙය දැකීම සාරධර්ම හා සංස්කෘතික වටිනාකම් වලින් යුක්ත අප මවුබිම වැනි දේශයක ජිවත්වන අපට පෙනීම කණගාටුවට කාරණයක් බවත් ප්‍රකශ කළ හැක.

තෙරුවන් සරණයි !

(මුතුකුඩේ වළවුවේ සහා වෙල්ලසේ මුදියන්සේලාගේ පුංචිරාළගේ පරම්පරාවේ උරුමය ලත් මා)

උදුලා ජයසිංහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress