තවත් කොරෝනා මරණ 84ක්
Posted on September 18th, 2021

Courtesy Hiru News

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 84ක් වාර්තාවී තිබෙනවා.
කොරෝනා වෛරසය ආසාදිත මරණ සියයට අඩුවෙන් වාර්තා වූයේ දිගු කාලයකට පසුව වීම විශේෂත්වයක්.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (16) තහවුරු කළ මෙම මරණ 84ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 12,022ක් ලෙසටයි.
මෙම මරණ 84 අතර වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ පිරිමි මරණ 2 ක් සහ එක් කාන්තා මරණයක් වාර්තා වනවා
අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 23ක් තහවුරු වී ඇති අතර පිරිමි 15ක් සහ කාන්තාවන් 08ක් ඊට අයත්.
අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 58ක් ඊයේ තහවුරු කළ මරණ 84 අතර වනවා.
ඒ කාන්තාවන් 34ක් සහ පිරිමි 24ක් වශයෙන්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress