යුගදනවි බලාගාරයේ පාලන බලය ඇමරිකාවට යන්නේ නැතිනම් එය සලකා බැලිය හැකියි.. අපි LNG සැපයුම ගැන සංවේදීයි..
Posted on September 26th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

මෙරටට LNG සැපයුම දීර්ඝ කාලීනව තනි ඇමරිකානු සමාගමක් සතු වෙනවා නම් ඒ ගැන සංවේදී බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා සමඟ ඒ ගැන සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

දැනට අත්සන් කර ඇති ගිවිසුමට අනුව යුගදනවි බලාගාරයේ මහා භාණ්ඩාගාරය සතු කොටස් වලින් හතළිහකට ගිවිසුම අත්සන් කර ඇති බවත් ඒ හරහා බලාගාරය පාලන බලය ඇමරිකාවට නතු නොවන බව විදුලිබල මණ්ඩල සභාපතිවරයා පැවසූ බවද ඇමැතිවරයා කීය.

කෙසේ වෙතත් ඉදිරි යුගදනවි බලාගාරය පාලන බලය අදාල සමාගමට අතට නොයන්නේ නම් එය සලකා බැලිය හැකි තත්ත්වයක් බවද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියි.

දැනට ගිවිසුම් අත්සන් කර ඇත්තේ යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් මිස LNG සැපයුම සම්බන්ධයෙන් නොවන බවද ඔහු කීය.

යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මෙම අදහස් පළ කරනු ලැබීය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress