විශේසඥ මනෝ වෛද්‍ය ඩී. පී. ඩී විජේසිංහ මහතා පිලිබඳව
Posted on October 1st, 2021

Dr Ruwan M Jayatunge M.D.

ඊලාම් යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී කායික තුවාල ලද සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමට ඉතා දක්‍ෂ ශල්‍ය විද්‍ය විශේසඥයන් ගේ සහාය යුද හමුදාවට ලැබුණි. එහෙත් යුද්දය නිසා මානසිකව තුවාල වූ සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීමට සංග්‍රාම මනෝ විද්‍යාව පිලිබඳ දැණුම ඇති වෛද්‍යවරු සිටියේ අතලොස්සකි. ඒ අතරින් විශේසඥ මනෝ වෛද්‍ය ඩී. පී. ඩී විජේසිංහ මහතා ප්‍රමුඛයෙකි. එසේම විශේසඥ මනෝ වෛද්‍ය සරත් පඞුවාවල මහතාද මෙහිදී  මතක් කල යුතුය. 

ඊලාම් යුද්ධය නිසා මතුවූ සංග්‍රාමික විශාදය (Post Combat Depression)  , සංග්‍රාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (Combat Related PTSD) පිලිබඳ හමුදා නිලධාරීන්ට තබා සමහර වෛද්‍යවරුන්ටත් එතරම් දැණුමක් තිබුනේ නැත. එසේම බොහෝ දෙනෙකු යුද්දය නිසා මතුවූ මානසික සංකූලතා ගනන් ගත්තේ නැත. මේ නිසා යුද බංකර් වල දිවි නසා ගැනීම් මෙන්ම යුද හමුදාවෙන් පළා යාම් බහුල විය. 

එවැනි කාලයක යුද්දය නිසා මානසිකව තුවාල වූ සොල්දාදුවන්ට ප්‍රතිකාර කිරීම අරඹන්නේ විශේසඥ මනෝ වෛද්‍ය ඩී. පී. ඩී විජේසිංහ සහ විශේසඥ මනෝ වෛද්‍ය සරත් පඞුවාවල ය. ඔවුන් ආරම්භ කරන ලද යුද ආතතියට ප්‍රතිකාර කිරීම විශේසඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සහ මා විසින් කරගෙන ගියෙමු.   මේ නිසා 2005 වසර වන විට  සංග්‍රාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (Combat Related PTSD) සංකූලතා සහිත රෝගී තත්වයක් බව යුද හමුදාව විසින් පිලි ගන්නා ලදි. 

ඊලාම් යුද්ධය නිසා මතුවූ යුද ආතතිය සඳහා ප්‍රතිකාර කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කල වෛද්‍ය ඩී. පී. ඩී විජේසිංහ , වෛද්‍ය සරත් පඞුවාවල මෙන්ම වෛද්‍ය නීල් ප්‍රනාන්දු යන  විශේසඥ මනෝ වෛද්‍යවරුන්ට ප්‍රණාමය හිමි විය යුතුය. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress