ඓතිහාසික ඡායාරූප කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ප්‍රදර්ශනයට
Posted on October 17th, 2021

High Commission of Sri Lanka New Delhi

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන ඔක්තෝම්බර් 20 වන දින කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කරන අතර එහි ඉදිකරන වෛද්‍ය විද්‍යාලයක් සඳහා මුල්ගල තැබීමට ද නියමිතය. ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සහ යෞවන හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය  සහ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ විශේෂ ආරාධිතයා වශයෙන් සහභාගී වනු ඇත.


ගුවන් තොටුපොල විවෘත කරන සමාරම්භක උළෙලේදී ශ්‍රී ලංකාවේ පළමු ගුවන් යානයේ ගමන පැමිණෙන්නේ සියයකට අධික මහා සංඝරත්නය පළමු බෞද්ධ වන්දනා පිරිස ලෙස රැගෙන බව ස `දහන්ය. කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නයේ ආශීර්වාදය ඇතිව ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ඉන්දියාවේ ජනතාවට ඉදිරිපත් කරන ලද ඓතිහාසික ඡායාරූප දෙකක් ද එහි දී විවෘත කිරීමට නියමිතය. ඉන්දීයාවේ, ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ගේ යෝජනාවක් මත මෙම ඡායාරූප ස්ථාපනය කිරීමට මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන ඇත. බුදුන්ගේ තෙවන ශ්‍රී ලංකා සංචාරය සිදු වූ ස්ථානය ලෙස සැලකෙන කැලණිය රජමහා විහාරයේදී ශ්‍රී ලංකාවේ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වූ සොලියාස් මෙන්ඩිස් (1897-1975) විසින් පින්තාරු කරන ලද බිතු සිතුවම් දෙකක් මෙම ඡායාරූප වල ඇත. මෙම ඡායාරූප පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ඡායාරෑප ශිල්පී අර්ජුන සමරවීර මහතා පිටපත් කර ඇති අතර එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ගේ සම්බන්ධීකරණය මෙයට ලැබී තිබේ.


ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම අධිරාජ්‍යයා වූ බෞද්ධ පාලකයා වූ ධර්මාශෝක බුදුන් වහන්සේගේ ධර්මය හඳුන්වා දීම හා ව්‍යාප්ත කිරීම සඳහා තම පුත්‍රයා සහ දියණිය යන දෙදෙනාම ලංකාවට එවන ලදී. පළමු බිතු සිතුවමේ දැක්වෙන්නේ අශෝක අධිරාජ්‍යයාගේ පුත්‍රයා වූ මිහිඳු රහත් භික්ෂුව දිවයිනට වැඩම කළ විට ශ්‍රී ලංකාවේ දේවානම්පියතිස්ස රජුට බුද්ධ පණිවිඩය ලබා දෙන අයුරු ය. දෙවන බිතු සිතුවමේ දැක්වෙන්නේ ගෝතම සිද්ධාර්ථ බුද්ධත්වයට පත් වූ ශ්‍රී මහා බෝධි වෘක්ෂයේ දකුණු ශාඛාව රැගෙන අශෝක  අධිරාජයාගේ දියණිය වන භික්ෂුණි සංඝමිත්තාගේ ලංකාවට පැමිණීමයි. ක්‍රි.පූ .249 දී ශ්‍රී ලංකාවේ පුරාණ අගනුවර වූ අනුරාධපුරයේ රෝපණය කරන ලද බෝධිය සහස්‍ර දෙකකට වැඩි කාලයක් පවතී. මෙම වෘක්ෂය ලොව ෙඓතිහාසිකව වාර්තා වූ පැරණිතම වෘක්ෂය ලෙස සැලකෙන අතර ලොව පුරා බෞද්ධ ජනතාවගේ මහත්ගෞරවයට පාත්‍ර වී තිබේ.


ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී සිදු වූ මෙම සිදුවීම් ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ඨාචාරයේ ආරම්භය සනිටුහන් කළ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති ශක්තිමත් හා නොබිඳිය හැකි ශිෂ්ටාචාරී සබඳතා සංකේතවත් කරයි.

2 Responses to “ඓතිහාසික ඡායාරූප කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ප්‍රදර්ශනයට”

  1. aloy Says:

    These are trouble spots (even Saharan supposed to have visited according to reports and become an axis of evil). They have virtually lost these places because of stupidity (double deals) of the Brahmins. A clue: Why did Indira Ghandi marry one Feros?.

    My two cents worth is, stay away!.

  2. aloy Says:

    I was actually referring to Kashmir where Saharan supposed to have visited and may have been facilitated by RAW.

    But before making a connection vis Sri Lankan to this supposed to be Buddhist place better to find out whether it is actually a Buddhist sacred place as we see lots of contradictions being published. Nobody from here will go there to waste time and money.

    My comment on those scheming fellows still holds as we have suffered enough at their hands and it is quite clear to me that India is not a Buddhism loving country. It was Indian trained LTTE that shot hundreds of innocent civilians at A’pura and Bombed Dalada Maligawa also.

    Even 4/21 could not have happened without their involvement.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress