ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතු බවට අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලයේදී ඒකමතිකව සම්මත කර ගනු ලැබීය.
Posted on November 14th, 2021

තිසර සමල්   – අනුරාධපුර  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික්  භික්ෂු පෙරමුණ, තරුණ පෙරමුණ, ගොවි පෙරමුණ, ගුරු පෙරමුණ හා කාන්තා පෙරමුණ ඇතුළු දිස්ත්‍රික්  අනුබද්ධ සංවිධාන සදහා නව නිළධාරීන් පත් කර ගැනීම සිදු කෙරිණි.

එහිදී අභිනවයෙන්  පත් වුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණෙහි ලේකම් සමන් කුමාර මහතා නැගී සිටිමින් කියා සිටියේ,

මෙතනදී ආණ්ඩුව ගැන කථා කලා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කථා කලා, අපිත් පුංචි කාළයේ ඉඳලාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හරිම ආදරෙයි, අපි මේ මහ ගෙදර දාලා ගිහින් නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි දාලා ගිහින් නෑ,එදා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය මහත්තයා ඔබතුමාව වැළඳගෙන අපිට නියම ආකාරයට සලකනවා කියපු වචනය විශ්වාස කරලා අපි පොහොට්ටුවේ ආණ්ඩුව හදන්න සහයෝගය දුන්නා, හැබැයි අපි කවුරුත් සියඹලා ගෙනල්ලා නැති විදිහටයි ගම තුළත්,  ප්‍රාදේශීය සභාව තුළත්,  අපි රාජකාරී කරන ආයතන තුළත්, මේ සමාජය තුළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හම්බෙලා තියෙන තැන, ඒ නිසා මම යෝජනා කරනවා එන මැතිවරණයේදී ජය පැරදුම කොතැන තිබුණත් පක්ෂයක් විදිහට තනියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරඟ කරමු කියන යෝජනාව මම කරනවා යනුවෙනි.

එම යෝජනාවට සභාවේ සිට සියලු දෙනාම අත ඔසවා කැමැත්ත ප්‍රකාශ කර සිටියේය.

අනතුරුව අදහස් දැක්වූ  රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

වෙනම තරඟ කරන්න අවශ්‍යයි කියනවා නම් අපි ආසන සංවිධායකවරුන් දැනුම්වත් කරනවා, ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කරන්න කැමැත්තෙන් කට්ටිය ඉන්නවා නම් ඒ අය සුදුසුද නැද්ද කියලා බලලා ඒ අය මාව මුණ ගස්වන්න.පක්ෂයක් විදිහට අපි  පහලම ඉන්න අයට නායකත්වයට එන්න ඉඩ දීලා තියෙන පක්ෂයක්, ඒ නිසා මේ දිස්ත්‍රික්කයෙත් අපි ඒක කරනවා.ඒ සඳහා කැමති අය ඉල්ලුම්පත්‍රයක් සකස් කරලා මට ලැබෙන්න සලස්වන්න යැයි පැවසීය.

අනතුරුව දිස්ත්‍රික් බල මණ්ඩලය අමතමින්  අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

අපි පක්ෂයක් විදිහට තීන්දුවක් ගත්තා අපේ සියලුම සංවධාන ප්‍රථිසංවිධාන කළ යුතුයි කියලා.ඒ අනුව දිස්ත්‍රික් හා ආසන මට්ටමින් සියලු සංවිධාන ප්‍රථිසංවිධාන කටයුතු සිදු කෙරෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හයියත් අරගෙන හැට නව ලක්ෂයක් ගත්තාට, ජනාධිපතිතුමාව පත් කර ගත්තාට නිසි සැලකිල්ල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට තියෙනවාද ? නැද්ද ? කියන එක පිළිබඳව අද අපිට ප්‍රශ්නයක් තියෙනවා. ගමේ දේශපාලනය කරන ඔබතුමන්ලාට දැනෙනවා ඇති අපි කරපු කැපකිරීමේ තරම ඒ අයට තේරිලා තියෙනවාද කියලා ඔබතුමන්ලාට අපිට වඩා හොදට දැනෙනවා ඇති.අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි ආඩම්බර වෙන්න ඔ්න අපි ගත්ත තීන්දුව පිළිබඳව.මොකද අපිටපක්ෂයක් ලෙස තිබුණේ හොඳ අරමුණක්,  අපිට තිබුණේ හොඳ බලාපොරොත්තුවක්.අපි තනතුරු වෙනුවෙන් නෙමෙයි වැඩ කලේ, රට හොඳ තැනකට, හරි තැනකට ගෙන එනවාද නැද්ද කියන එක පිළිබඳව තමයි එදා අපි කථා කලේ, අපි ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වුණේ මේ තියෙන ක්‍රමය වෙනස් කරලා, රටේ තියෙන අඩුපාඩුකම් ටික හදලා හැමෝටම සාමකාමීව, භයක් සැකක් නැතිව  ජීවත් වෙන්න පුලුවන්, හැමෝගෙම ආර්ථිකය ශක්තිමත් වෙන යුගයක් උදාවෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අපි උදව් පදව් කලේ, ඒ ඇරෙන්න ඇමතිකම් බලාගෙන, කොන්ත්‍රාත් බලාගෙන නෙමෙයි අපි වැඩ කලේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාම වැඩ කරලා තියෙන්නේ පක්ෂයක් විදිහට රටක ජයග්‍රහණ ලබා ගැනීමේ අරමුණු වෙනුවෙන්.

විශේෂයෙන්ම ගොවිජනතාවගේ පැත්තෙන් ගත්තොත් විශාල අසීරුතාවකට පත් වෙලා තියෙනවා, අද දේශපාලඥයෝ විදිහට නෙමෙයි ගොවියෝ විදිහට ගත්තම අපේ කුඹුරත් කොහොමද කරගන්නේ කියලා හිතන්න වෙලා තියෙනවා.මේ ගත්ත තීන්දුවත් එක්ක අපේ ගොවි ජනතාව කිසි කෙනෙක් සතුටට පත් වෙලා නෑ, ගොවිතැන් කලොත් පමණයි අපේ දරුවන්ට කන්න බොන්න ලැබෙන්නේ, සංවර්ධනයක් කර ගන්න පුලුවන් වෙන්නේ, එහෙම නැත්නම් අපිට ඉදිරි මාස 06 ජීවත් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා.මේ තීන්දු ගත්ත අයට ඒ ගැන හැඟීමක් වැටහීමක් නැතිව ඇති.අපේ මේ සම්බන්ධයෙන් ජනාධිපිතතුමන් දැනුම්වත් කරන්න ඔ්න කියලා පක්ෂයක් ලෙස මධ්‍යමකාරක සභාවෙන් තීන්දුවක් ගත්තා.ඒ අනුව බඩඉරඟු සඳහා මෙට්ට්‍රික් ටොන් 5000 ක් ලබා දෙන්න මහින්දානන්ද ඇමතිතුමා හා ශෂීන්ද්‍ර ඇමතිතුමා හරහා ලබා ගන්න හැකි වුණා. යැයිද පැවසීය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍යයවරුන් වන තිස්ස කරල්ලියද්ද, වීරකුමාර දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ආසන සංවිධාකවරුන් හා අනුබද්ධ සංවිධාන වල නිළධාරීන් ඇතුළු පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress