සුද්දගෙ නීතිය අපිට එපා – හත්වෙනි කොටස
Posted on December 11th, 2021

 චන්ද්‍රසිරි විජයවික්‍රම,  LL.B., Ph.D.

‘President Jayawardena and my close friend, Ronnie de Mel, the Minister of Finance were fooled by the IMF.  The IMF has successfully taken Sri Lanka to its grave.’ 

Garvin Karunaratne, ‘The economic woes of today (2021) go back to 1977,’ Lankaweb, Dec. 4, 2021

ගාර්වින් කරුණාරත්න මහතා විසින් සිය මව්බිමට සේවය කිරීමට නැවත නැවතත් කරණ ඉල්ලීම බීර අලියාට වීනා ගායනා කිරීමක් වැනියයි මට සිතේ. වයි  නේෂන්ස් ෆේල් යනුවෙන්, ඇමෙරිකන් ප්‍රොපෙසර්ලා දෙන්නෙක් විසින් ඇන්ග්ලෝ-ඇමෙරිකන් ක්‍රමයට ආවඩමින් 2012 දී ලියන ලද පොතේ  (Why Nations Fail), ගාර්වින් පෙන්වන මෙම IMF (+(world bank) මගඩිය ගැන වචනයක්වත් නැත. රනිල් වික්‍රමසිංහලා IMF ඉදිරියේ දණ ගසන්නට යෝජනා කරන්නේ, අනිත් පැත්තෙන් සජිත්ලා පෝලිම් යුගයක් නැවත එනවා යයි මෝඩ ජනයා උසිගන්වමින් සිටියදීය. IMF තමන්ව රැවටූ බව ජේ. ආර්.- රොනී යුවලද දැන සිටියා පමණක් නොව, වරක් ජේ.ආර් කියා සිටියේ IMF දේවාලය ඉදිරියට යනවා නම් යමෙක් සිය ආත්ම ගරුත්වය එහි දොරටුවේ ගලවා දමා ඇතුළු විය යුතු බවය.

එක රටක්-එක නීතියක් පිළිඹඳ විග්‍රහයකදී මේ කතාව කොපි කලේ මන්ද? එක රටක්-එක නීතියක් බලකායේ අරමුණ තිරසර රටක් ගොඩනැඟීමට පදනම පෑදීමය. මෙම කොමිටුව අලි සබ්‍රි විසින් ව්‍යංගයෙන් මතුකල මුස්ලිම් ජනයා මර්ධනය කිරීමේ උපක්‍රමයක් නොවේ. මෙම සංකල්පයට මේ වනවිට හතුරුකම් කරන්නේ, ඒ කාලයේ  ‘මේ යුද්ධය නම් කවදාවත්ම දිණන්න බෑ’ යයි කෑගසා ඉන් නතර නොවී, රටට යුද ආයුධ නොවිකුණන ලෙස විදේශ රටවලට කේලම් කී පිරිසමය.

කැත පක්ෂ දේශපාලන ක්‍රමය වෙනුවට පක්ෂ දේශපාලනයෙන් තොර, ආගම, භාෂාව අනුව නොව,  භූගෝල විද්‍යාවට, ස්වාභාවික පරිසරයට, එකඟවන මායිම් සහිත, ජන සභා මඟින් රටේ එදිනෙදා පරිපාලනය මහජනතාව අතට මාරු කිරීමේ විසඳුමක් යෝජනා කිරීම කෙරෙහි එක නීතියක්-එක රටක් බලකායේ අවධානය යොමු විය යුතුය. එවැනි අදහසක් රොමේෂ් ද සිල්වා ව්‍යවස්ථා සම්පාදක කොමිටියට මේ වනවිට ඉදිරිපත් කර ඇත.

LankaWeb – Summary of the proposal submitted to the Expert Committee to draft a new constitution

LankaWeb – ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනා- 1 කොටස

LankaWeb – ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනා- දෙවන කොටස

>>>>>>>>>>>> 

බුදුදහම – එව බලව (come and examine)

‘ආගම් වලින් කරන්නේ මිනිස්සු හිතන එක නවත්තනවා,’ සේපාල් අමරසිංහ යූටියුබ්, දෙසැම්බර් 5, 2021.

සේපාල් තමන්ගේ කිරිකළයට තමන් විසින්ම ගොම බිංදූවක් දමා ගත් අවස්ථාවක් ඊයේ පෙරේදා සිදුවිය. මාක්ස්වාදයට තල්ලුවූ අය මිස, ආගම අබිං යන කාල් මාක්ස්ගේ වැරදි නිගමනය බදා ගන්නේ නැත. මාක්ස්ට හෝ එංගල්ස්ට හෝ, ෆිඩෙල් කැස්ට්‍රෝට වඳින දයාන් ජයතිලකට හෝ බුදුදහම ගැන  දැණුමක් ලැබී නැත. හාමුදුරුනමක් හෝ කීප නමක්, 1930 ස් ගණන් වල සිටම තරුණ මාක්ස්වාදීන්ට බෞද්ධ දර්ශණය වටහා දීමට ගත් උත්සාහය කූඩැල්ලා මෙට්ටේ උඩ තැබීමක්ම විය. යම් සේවයක් කරන්නට සිතන සේපාලුත්, සුදත්ත තිලකසිරිත් නොමඟ යමින් කරණ කතා එමටය. ඔවුන් විසින් සිතා බැලිය යුතු දෙයක් නම් ඉන්දියාවේ ජනාධිපතිලා දෙන්නෙක් (අබ්දුල් කලාම්/ප්‍රතිභා පටිල්) හා ටී බෝයි ලෙස තේ කඩයකින් ජීවිතය ආරම්භකල මෝඩිත්, බුදු දහම අනුසාරයෙන් ලෝකයේ ප්‍රශ්ණ වලට විසඳුම් සොයාගත හැකියයි කිව්වේ කට කහනවාටද යන්නය.

මීට සමානම අදහසක් ඇමෙරිකාවේ සමාජ-දේශපාලන ප්‍රශ්ණ වලට අදාලව, තරුණ අවධියේ හිපියෙකුව සිට, දලයි ලාමගේ ආභාෂයෙන් පසු, බෞද්ධ දර්ශණය පිළිඹඳ මාහචාර්යවරයෙක්වු රොබට් තර්මන් විසින් ලියා ඇත (මීට සමානම අදහසක් ඇමෙරිකාවේ සමාජ-දේශපාලන ප්‍රශ්ණ වලට අදාලව, තරුණ අවධියේ හිපියෙකුව සිට, දලයි ලාමගේ ආභාෂයෙන් පසු, බෞද්ධ දර්ශණය පිළිඹඳ මාහචාර්යවරයෙක්වු රොබට් තර්මන් විසින් ලියා ඇත මීට සමානම අදහසක් ඇමෙරිකාවේ සමාජ-දේශපාලන ප්‍රශ්ණ වලට අදාලව, තරුණ අවධියේ හිපියෙකුව සිට, දලයි ලාමගේ ආභාෂයෙන් පසු, බෞද්ධ දර්ශණය පිළිඹඳ මාහචාර්යවරයෙක්වු රොබට් තර්මන් විසින් දැනට කලකට පෙර ලියා ඇත (Inner Revolution: Life, Liberty, and the Pursuit of Real Happiness, Robert Thurman, 1998).

ලෝකයේ වෙනත් ආගම් සමඟ සසඳන විට බුද්ධාගමට (සිංහල බුද්ධාගමට?)  ඇති <දුක> නම් ඉන් ලබාදෙන අසීමිත සිතිමේ හා හැසිරීමේ නිදහසය. මධ්‍යම සංවිධානයකින් තොර සිංහල බුද්ධාගම හා මුරදේවතා සංකල්පය ඉතා ශීඝ්‍රයෙන් පරිහාණියට යමින් පවතින්නේ ඉන් උගන්වන අසීමිත මෛත්‍රීය නිසා යයි සමහරු කියයි. එංගලන්තයෙන් ආ නූතන ප්‍රජාතන්ත්‍රවාදය, අනාදිමත් කාලයක් පුරා බෞද්ධ සංඝ සමාජය තුල ක්‍රියාත්මක විය. විනය පිටකය, හමුරාබි කෝඩ් එකට හාත්පසින් වෙනස් මානව හිතවාදී නීති සංග්‍රහයකි. කොසොල් රජතුමාගේ හීන දාසැය හරියට අනාගත කොරෝනා යුගයක් ගැන සළකා දුන් දේශපාලන විද්‍යා පාඩමක්  වැනිය.

මොන්ටෙස්කි ඔළුවෙන් හිට ගැනීම

ලංකාවේ පන්සල් වල නායක හාමුදුරුවරු ඉහළින් එන අණසකකට යටත් නොවූ ස්වෛරී-සර්වාධිපත්‍යයක් භුක්ති විඳින්නේය. දායක සභාව හා මහානායක හිමිවරුන් සිටියත්, ප්‍රේමදාස අගමැති/ජනාධිපති කාලයේ සිට කල විනාශයක් වූ බුද්ධ සාසන ඇමතිකමක්, දෙපාර්තමේන්තුවක් හා කොමසාරිස් බට්ටෙක් පන්සල් ලැයිස්තු හදන්න පටන් ගන්නා තෙක් පන්සල පක්ෂ දේශපාලකයාගෙන් මිදුන ආයතනයක් විය. රටේ ඓතිහාසික මහ පිරිවෙන් දෙක, පේරාදෙණිය මෙන් ස්ත්‍රීන් සහිත විශ්ව විද්‍යාල කිරීමෙන් ජේවීපීකාරයින් ලෙස ක්‍රියාකර සිවුරු හැරයන හා සිවුර නමැති කැලයේ සැඟවී සිටිනා <භික්ෂු> කොටසක් බෝවිය. මොවුන් ගැන කතාකරණවා වෙනුවට සේපාල්, සුදත්ත, නාගානන්දලා, රනිල්ගේ දඩයම් බල්ලා වූ රංජන් රාමනායක්ගේ සිවුරට නිග්‍රහ කිරීමේ ක්‍රියාවම පෙනී-නොපෙනී කරන්නේ ඥානසාර හිමියන්ගේ භූමිකාවට ඇති භය නිසාය.

එසේ නමුදු රට-ජාතිය-ආගම-භාෂාව රැකගන්නා හාමුදුරුවරු, සුද්දන්ගේ, කළු සුද්දන්ගේ, ඊළම් හා ශාරියා කාරයින්ගේ, ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ අන්තරා මැද අභීත බලවේගයක් වශයෙන් පෙනී සිටී. හාමුදුරුවරු දේශපාලනයට නොආ යුතුයයි කී පිරිසම මාදුළුවාවේ සෝභිත හිමියන් රවටා කොස් ඇට බාවා ගත්තේ සිවුරේ බලය 1802 දී නෝත් ආණ්ඩුකාරයා පමණක් නොව 2014 දී  ඇමෙරිකන් තානාපති සිසන් පවා හොඳාකාරව දැන සිටි නිසාය. අපේ හාමුදුරුවනේ, අපේ හාමුදුරුවනේ කියමින්, බොහෝවිට බොරුවට, කඹවැනි පිරිත් නූල් බැඳගත් අය, බහුල මේ නිසාය. ලංකාවේ පන්සල්වල ස්වාධිපත්‍යය හැමෝම කතාකරණ බලතල බෙදීමේ න්‍යාය ගම්මට්ටමෙන් ක්‍රියාත්මකවීමට ඇති ලෝක නිදසුණකි.

මෑත කාලයකදී සොයාගත් කරුණක් නම් ව්‍යවස්ථාදායක-විධායක-අධිකරණ වශයෙන් රාජ්‍ය බලතල කම්බි ගසා, තාප්ප බැඳ වෙන්කිරීමක් මොන්ටෙස්කි අදහස් නොකල බවය. මෙසේ කිරීමෙන් මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පක්ෂ දේශපාලනය හා රාජ්‍ය පාලනය බලවත් අර්බුදයකට මුහුණදී සිටී.  ඔහුගේ මතය වූයේ භූමියේ  හැකි උපරිම ඒකක සංඛ්‍යාවකට මේ බලතල තුන් කොටසම (governmental power) පැවරීමය. මෙය මොන්ටෙස්කි ඔළුවෙන් හිට ගැනීම යයි දේශපාලන විද්‍යාඥයින් විසින් හඳුන්වයි. මේ අනුව සිතන විට ලංකාවේ පන්සල් දිවයින පුරා විසිරී ඇති ස්වයංබලධාරි භූමි ඒකකය.

මධ්‍යම ප්‍රතිපදාව

මැද (mean. middle/සාමාන්‍යය average) යන සංකල්පය ග්‍රීක, චීන ශිෂ්ටාචාර වලද තිබී ඇත. මධ්‍යම ප්‍රතිපදාව හෙවත් මැද මාවත බුදු දහමේ  මූලික පදනමය. මෙය නීති විද්‍යාවේ මූලික රීතියක් වන රීසනබල්නස් මය (doctrine of reasonableness). හැම නෛතික කරුණක්ම  මෙම රීතියට අනුව සළකා බැලේ. යම් ක්‍රියාවක් හෝ ක්‍රියානොකර සිටීමක් සාධාරණද නැද්ද යන්න මධ්‍යස්ථව, අන්තවාදී නොවී  තීරණය කල යුතු දෙයකි. හොරකමකට දඬුවම ලෙස අතක් කපනවාද, මීනිස් ඝාතනයකට දඬුවම මරණයද එහි අවසාන ප්‍රතිපලයේ හොඳ-නරක දෙස මධ්‍යස්ථව බලා තීරණයවේ. අනිත් අතට මෙම නීති ප්‍රශ්ණය හා ආගමික දර්ශණය යම් ප්‍රදේශයක, සමාජයක ඇති භූගෝල විද්‍යාත්මක සාධකවල බලපෑමට යටත්ය. විවිධ පරිසර කාරණා මත යමක් සාධාරණද, යමක් මධ්‍යස්ථ ක්‍රියාවක්ද යන්න තීරණය වේ. බුරුමය, තායිලන්තය වැනි රටවල හාමුදුරුවරුන්ගේ දානයට දිමියන්ගේ බිත්තර වෑංජනයක් සදන්නේත්, ලංකාවේ  නිකායවල් තිබෙන්නේත් වෙනස් භූගෝලීය හේතු සාධක නිසාය.

එක් එක් කාල හා අවධි අනුව (කාලානුරූපීව ) රීසනබල් වන්නේ කුමක්ද යන්න සංශෝධනය විය හැකිය. භූගෝල විද්‍යාවට කාලය හා දේශය (time & space/spatial)  වශයෙන් ප්‍රවේශ/ මාන දෙකක් තිබේ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් පස්මහ බැලුම් වලට කාලය හා දේශය අයත්ය (පතිරූප දේස වාසෝච යනු යහපත් මිනිසුන් සිටින සරුසාර භූමියක් නොවේද?). එමෙන්ම බයිබලයේ  (King James Version, Ecclesiastes 3) සඳහන් වන්නේ සෑම දෙයකටම කාලයක් හා වේලාවක් තිබෙන බවය. (To everything there is a season, and a time to every purpose under the heaven).

චේතනාව කර්මයය.

ධම්මපදයේ මුල් ගාථාව මනෝ පුබ්බංගමා ධම්මා යනුවෙන් ආරම්භවේ. පෘතග්ජනයින්ගේ හැම ක්‍රියවක් හා ක්‍රියා නොකිරීමකම මුල සිතේ ඇතිව-නැතිව යන චේතනාවය. මෙය නීතියේද මූලික රීතියකි. සද්භාවය (මෙන්ස් රියා)  හා රීසනබල්නස් න්‍යාය එකම කාසියේ පැති දෙකක් වැනිය. උසාවියෙන් සහනපතා එන අයෙකුගේ අත්වල ලේ තැවරී නොතිබිය යුතුය කියන්නේ මේ අර්ථයෙන්ය. ලෝභ-ද්වේෂ-මෝහය, තමන්ගේත්, තම අසල්වැසියන්ගේත් දුකට මුලය.

ස්වාභාවික නීතිය  (rules of natural justice)

නීතිය විසින් සළකණ ස්වභාව ධර්මයේ (විශ්ව) රීති කාලය හෝ දේශය අනුව වෙනස් වන්නේ නැත. තමන්ගේ පුතාගේ නඩුව තමන් විසින් නොවිසඳිය යුතුය යන්නත්, තමන්ගේ භාර්යාවගේ ශල්‍යකර්මයක් දොස්තර ස්වාමියා විසින් නොකල යුතුය යන රීති ලෝකයේ ඕනෑම කෙනෙකුට අදාලය. බුදුදහමේ හේතු ඵල න්‍යාය (කල කල දේ පල පල දේ) මෙම විශ්ව නීතියට සමානය.

>>>>>>>> 

භූගෝල විද්‍යාව

Prisoners of Geography: ten maps that explains everything about the world, Tim Marshall, 2015

ඉතිහාසය කියන්නේ මොකක්දැයි හැමෝටම වගේ යම් අවභෝධයක් ඇතත්, භූගෝල විද්‍යාව යනු කුමක්දැයි බොහෝ අයට නිශ්චිත දැණුමක් නැත. කොළඹ සිට මාතරට ඇති රේල් ස්ටේෂන් නම් කිරීම, පිදුරුතලාගල කන්දේ උස අඩි කීයද යනාදිය භූගෝල විද්‍යාව ලෙස ඉගැන්වූ කාලයක් විය. ඉතිහාසය හා භූගෝල විද්‍යාව, බදිඋද්දීන් අධ්‍යාපන ඇමතිකාලයේදී, 1960 දශකයේදී, පාසැල් වලින් ඉවත්කිරීමෙන් පසු, සමනල කන්දෙන් ගලා බසිනා ගංඟ හතරේ නම් කියවන්නටවත් බැරි, දුටුගැමුණු රජතුමා කියන්නේ කවුදැයි නොදන්නා පරම්පරා රටේ බිහිවිය. ශ්‍රීපාදය නිසා නොවේ නම් තේවගාවට කැලෑ එලිකර මේ ගංඟා හතර වියලී හිඳීයාමට හොඳටම ඉඩ තිබුණි. කෙසේ වෙතත් භූගෝල විද්‍යාව ලෝකයේ ඉතිහාසය හා ඉරණම හැඩගස්වන ආකාරය (geography shapes not just history but destiny) ‘භූගෝල විද්‍යාවේ හිරකරුවන්’ යන ඉහත සඳහන් පොතේ, රුසියාව, චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, බටහිර යුරෝපය, අප්‍රිකාව, මැද පෙරදිග, ඉන්දියාව හා පකිස්ථානය, කොරියාව හා ජපානය, ලතින් ඇමෙරිකාව හා ආක්ටික් යන සිතියම් දහය අනුසාරයෙන් ටිම් මාර්ෂල් විසින් කදිම ලෙස පෙන්වාදී ඇත.

බ්‍රිතාන්‍යයින් විසින් සිය අධිරාජ්‍යය ගොඩනැඟීම හා පවත්වාගෙන යාමේදී භූගෝල විද්‍යාව මනා ලෙස යොදාගත්තේ එරට පාසැල්වල එම විෂයයට වැදගත් තැනක් ලබා දෙමින්ය. උදාහරණයක් වශයෙන් එංගලන්තයේ ලමයි, ලංකාවේ ලමයින්ට වඩා ලංකාවේ භූගෝල විද්‍යාව දැනසිටියේය. යම් රටක් අල්ලා ගත් විට ඔවුන් මුලින්ම කරන්නේ රට මැනබලා සිතියම් කිරීමය. ලංකා කොලනිය්ය 1815 දී අල්ලාගත් වහාම ඔවුන් බේස්ලයින් පාරේ සිට අරඹා රට ගවේශණය කිරීමට මිණුම් දෙපාර්තමේන්තුවක් පිහිටුවේය. හැල්ෆර්ඩ් මැකින්ඩර් (1861-1947) නම් දේශපාලන භූගෝල විද්‍යාඥයා ලෝකයේ  බල දේශපාලන තුලනය, රුසියාව කොටු කිරීම සම්බන්ධයෙන්  මතයක් (geopolitical conception of the globe as divided into two parts—the superior Eurasian heartland” and the inferior rest of the world) (1904/1919) හා  බ්‍රිතාන්‍ය පාසැල්වල <නීති භූගෝල විද්‍යාව> (law and geography) ඉගැන්වීමට නිර්දේශ ඉදිරිපත් කලේය. දෙවන ලෝක යුද්ධයෙන් පසු රටවල් සැදීමේ හා කැඩීමේ මායිම් සැදීමේදී ජනාධිපති රුසවේල්ට් භූගෝල විද්‍යාඥයින් යොදවාගත්තේ මැකින්ඩර් කී දේ අමතක නොකරමින්ය.

මමත්වයෙන් ගැලවිය හැකි කාටද?

හාමුදුරුවරු හා උපාසක-උපාසිකාවන් මම/මගේ යන්නෙන් ගැලවීමට යත්න දරන්නෝය. කුරුසය <I> යන ඉංග්‍රීසි අකුර හරහා ගැසු ඉරක් බවත්, එහි අර්ථය මේ මමත්වය නැති කිරීමම බවත් වරක් මගේ මිතුරෙක් මට කිව්වේය. සතුන් මෙන් මිනිසුන්ද ටෙරිටෝරියල් (තමන්ට සම්බන්ධ භූමිය ) යන ගති ලක්ෂණයට යටත්ය (මගේ ඉඩම/ මගේ ගම/ අපේ පලාත/ අපි මාතර ). කාලය හා දේශය වශයෙන් මිනිසාට ඇවිදිය හැකි හා මවාගත හැකි සීමාවක්/සීමාවන් ඇත. ලඟ/දුර යන්නේ අතීතය-අනාගතය සඳහා මෙන්ම භූමීය පරාසයක්ද ඇත. අප්‍රිකාවේ වසංගත මෙන්ම මඩකලපුවේදී සිංහල ජනයාට එහි ග්‍රාමසේවකලාගේ පටන්ම සිදුවන හිරිහැර කොළඹ කළු සුද්දන්ට වැදගත් නැත. කැලෑ කැපීම නිසා අනාගතයේ වන නායයාම්, ගංවතුර, නියං ගැන මිනිසා නොසිතයි. මෙයට කියන්නේ ට්‍රැජඩි ඔෆ් ද කොමොන්ස් කියාය.

geography, the mother of all sciences

geographer, jack of all trades but master of none!

භූගෝල විද්‍යව වශයෙන් වර්ධනය වුයේ තමා අවට පරිසරය ගැන දැනගැනීමට මිනිසා තුල ඇතිවූ කුතුහලයය. පසුව මෙම දැණුම් සම්භාරයෙන් කැඩී ගොස් වෙනත් විෂයයන් බිහිවිය. අධිරාජ්‍යවාදයට ඔක්ෂිජන් සැපයීමේදී ඇමෙරිකාවේ නැෂනල් ජෝග්‍රෆික් සඟරාවත්, එංගලන්තයේ රෝයල් ජෝග්‍රෆික්  සොසයිටියත්  ලෝකයේ භූමි ප්‍රදේශ හා සමාජ පිළිඹඳව බොහෝ තොරතුරු සපයා දුන්නේය.

භූමි විද්‍යාව (spatial perspective)

යම් සැළකිය යුතු භූමිය බැඳීමක් (spatial component) ඇති ඕනෑම දෙයක් භූගෝල විද්‍යාඥයින්ට අධ්‍යයනය කල හැකිය. කොහේද, කොතැනද (where) යන ප්‍රශ්ණය ඇසීමෙන්, එය නොඅසනවාට වඩා හොඳ අවභෝධයක් ප්‍රස්තූත යම් මාතෘකාවක් ගැන ලබාගත හැකිය. කොහේද, ඊට හේතුව කුමක්ද (why there), ඒ ගැන අපි සැළකිය යුතු මන්ද (why do we care) යන ප්‍රශ්ණ තුනට පිළිතුරු ලබාගැනීමට භූගෝල විද්‍යාව තැත්කරයි. මෙහිදී ඔවුන්ට ප්‍රදේශීය (regional) හා  සංසිද්ධි (systematic) වශයෙන් ප්‍රවේශ (approaches) දෙකක් ඇත. යම් ප්‍රදේශයක දක්නට ලැබෙන විවිධ ලක්ෂණ  අධ්‍යයනය කිරීම (many characteristics of each region)  හෝ එසේ එකිනෙකට වෙනස් බව පෙනෙන ප්‍රදේශ හඳුනා ගැනීම ප්‍රදේශ පිළිඹඳ සංකල්පයය (regional concept). යම් කරුණක් (issue) සම්බන්ධයෙන් ලෝකයේ සෑම තැනකම දක්නට ලැබෙන  භූමිය වෙනස් කම් (spatial variations) අධ්‍යයනය කිරීම සංසිද්ධිමය හෙවත් පොදු ප්‍රවේශයය.  උදාහරණයක් වශයෙන් ශාක්ෂි නීතිය පිළිඹඳව ලොව ප්‍රකට විශාරදයෙක්වූ විග්මෝර් හා හාවර්ඩ් සරසවියේ  භූගෝල විද්‍යා මහාචාර්යවරියක්වූ එලන් සෙම්පල් විසින් 1929 දී ලෝකයේ නීති සිතියම් ගත කලේය.  Introduction: What is geography? (harpercollege.edu)

ක්‍රියාවලීන් හා රටා (processes & patterns)

භූගෝල විද්‍යාව යනු කුමක්දැයි නොයෙක් විග්‍රහ ඇත. පොළෝ තලය මතුපිට ඇති විවිධත්වය වටහා ගැනීම, මිනිසා හා පරිසරය අතර ඇති සම්බන්ධතාවය හැදෑරීම වශයෙන් වරින්වර අදහස් පලවිය. පොළොව යට හා මතුපිට ඇති විවිධත්වය ගැන වැටහීමක් ලංකාවේ භූවිද්‍යා, භෞතික විද්‍යා (කඳු/ගංඟා/ පස්/ දේශගුණ/වෘක්ෂලතා යනාදී සිතියම් වලින් අනාවරණය වේ. මෙම සිතියම් මත භාෂා/ආගම්/ජනගහණ සිතියම් මෙන්ම මිනිසාගේ ක්‍රියාවලීන් වන, වාරි මාර්ග, කර්මාන්ත, මාර්ග පද්ධති, නාය යන ප්‍රදේශ, පාංශු ඛාදනය, පොල් හා රබර් වතු කැබලිකර නිවාස සඳහා වි විකුණා ඇති ස්ථාන වල සිතියම් යනාදිය විකුණා ඇති ස්ථාන වල සිතියම් යනාදිය දැකගත හැකිය. නැත්නම් රනිල් වික්‍රමසිංහ වරක් කිව්වා මෙන්  තොප්පිගල කියන්නේ කැලයක් බව සිතියම් කියවා (බලනවා වෙනුවට ) තීරණය කල හැකිය.

මේ අනුව සිතන විට භූමියේ මානව (බඩඉරිඟු වගාව, කෝමාරිකා වගාව) හා භෞතික (භූමිකම්පා, ෂුනාමී, ටෝනාඩෝ ක්‍රියාවලීන් සිදුවේ. මෙම ක්‍රියාවලීන් නිසා පොලොව මත රටාවන් හටගනී. මෙම ක්‍රියාවලීන් හා රටාවන් නිසා භූමීය දර්ශන (landscape) දිස්වේ. මෙම ක්‍රියාකාරකම් හා ඒ නිසා හටගන්නා ප්‍රතිඵල යන දෙකොටසම සංකීර්ණ මෙන්ම ඒවා එකිනෙක කෙරහි බලපාන්නේද වේ. එමෙන්ම ඒවාට ඓතිහාසික කෝණයක්ද ඇත්තේය. උදාරණයක් වශයෙන් තේවගාව නිසා, කැලෑ එලිකිරීම්, එංගලන්තයේ සුද්දන් ව්‍යවසායකයින් වශයෙන් ලංකා කොලනියට ගෙන්වා ගැනීම සඳහා කුණුකොල්ලයට ඉඩම් ලබාදීමට, උඩරට ගැමියාගේ ඉඩම් මුඩුබිම් පණත් හරහා අල්ලා ගැනීම, ඉන්දියාවෙන් කම්කරු ජනයා ගෙන්වා ගැනීම යන ලෑන්ඩ්ස්කේප් වෙනස්වීම් (changes) සිදු විය. සෑම දේම තාවකාලිකය, ස්ථිර නැත, චක්‍රාකාරය යන බුදුදහමේ න්‍යාය අනුව පෘතුවිය මත සිදුවන ක්‍රියාදාමයන්ද අනිස්ථිර හා චක්‍රාකාරය.

‘To see the trees as well as the forest’

පොළොව මතුපිට සිදුවන සංසිද්ධීන් දෙස සමස්තයක් (holistic) ලෙස බැලීමට, එකිනෙකට යාවුන පද්ධතියක් සේ සළකීමට භූගෝල විද්‍යාව උගන්වයි (systems thinking). (හෙලිකොප්ටරයක හෝ අහස්යානයක සිට පොලොව දෙස බලද්දි මෙම සමස්ත පෙනුමත්, ඒවා කෙතරම් එකිනෙක හා බැඳී තිබෙනවාද යන්නත් එලිදරව් වේ). ජැක් ඔෆ් ඕල් ට්‍රේඩ්ස් කීමට හේතුවද මෙයය. ලෝකය ක්‍රමයෙන් විශේෂඥයින් මත රැඳුනත් ඔවුන් වැඩි වැඩියෙන් දන්නේ කෙටි කෙටි මාතෘකාවක් ගැනය (more and more about less and less) . කොරෝනා මළ සිරුරු පිච්චීම හෝ කෘෂි රසායනික ක්‍රමය ඉවත් කිරීම යන කාරණා වලදී භූගෝල විද්‍යාඥයින් සිතන්නේද බුද්ධාගමේ උගන්වන හේතු ඵල න්‍යායට අනුවමය. ලොව හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධය. ගින්නක් නැතිව දුමක් නොනඟී!

ඉහත විස්තර වලින් පෙනීයන කරුණක් නම් පෘතුවිය මතුපිට ඇති රටාවල් භූමිය වශයෙන් මායිම් කිරීමට ඉඩ ඇත යන්නය. යම් ප්‍රදේශයක් (region) යනුවෙන් රටක්, ප්‍රාන්තයක්, ප්‍රාදේශීය සභා ප්‍රදේශයක්, වෝඩ් එකක, ගමක්, ගංඟා ද්‍රෝණියක්, නගරයක් යනාදී වශයෙන් යම් නිර්ණායක අනුව වෙන්කර හඳුනා ගැනීම භූගෝල විද්‍යාවට අනුව හෝ ඊට පටහැනිව කල හැකිය. ලංකා කොලනිය 1832 දී පලාත් පහකට බෙදීම හා ජාතීන් අනුව නියොජනය, යටත් විජිත බෙදා පාලනය කිරීම සඳහා භූගෝල විද්‍යාවට පටහැනිව ගත් තීරණයකි.

මෙහි පහතින් ඇති සටහනෙන් පෙන්වන්නේ බුදුදහම හා තිරසර සංවර්ධනය අතර ඇති සම්බන්ධයය. ඉන්දියාවේ (දඹදිව) බිහිවූ බුදුදහමත්, මැදපෙරදිග බිහිවූ ආබ්‍රහමණික ආගම් අතර ඇති වෙනස්කම් වලටත් ඒ ප්‍රදේශවල භූගෝල විද්‍යව බලපෑවේය. වෙනස් සමාජවල වෙනස් නීති-රීති බිහිවූයේත් පොලෝ තලයේ විවිධත්වය නිසාය. මේ අනුව සටහනේ ත්‍රිකෝණයේ පාදය වන්නේ භූගෝල විද්‍යාව නමැති <භූමි> විද්‍යාවය (spatial science). නීතියේදී බලපාන ස්වභාව ධර්මයේ රීති (rules of natural justice) වලටත් වඩා ඉදිරියට යමින් පෘතග්ජන ලෝකයට බලපාන විශ්ව  න්‍යායය නම් චතුරාර්ය සත්‍යය හා ආර්ය අෂ්ටංගික මාර්ගයයි (4NT+8NP). වෙන කිසිම් ලබ්ධියකට මෙම න්‍යායට විරුද්ධවිය නොහැකිය.

දියවන්නා හෝටලයේදී සජිත්ගේ සිංහල මන්ත්‍රීලා එක රටක්-එක නීතියක් යනු<උතුම් අදහසක් යයි කියන්නේ වචනවල තේරුම් වත් හරිහැටි නොදැනය. එය සාධාරණ හා යුක්තිසහගත විසඳුමක් පමණය. එහෙත් ටී.එන්.ඒ ශනකියන් රාසමානික්කම් කියන්නේ ‘එක රටක්-එකනීතියක් බලකාය හරහා ලංකාවට ඉදිරි අනාගතයේ ගලා එන්නට පුළුවන් ඩොලරුත් නැතිවෙයි’ යනුවෙනි. ‘අද ලංකාව තුල සිදුවන්නේත් බෞද්ධ අන්තවාදයක් යනවා’ යයි ඔහු කියන්නේ ඊළම් වාදය හා ශාරියා වාදය නමැති හෙළු වසාගන්නට කරණ උත්සාහයක් වශයෙනි. ඊළමට හා ශාරියා  ආක්‍රමණයට බේත  එක රටක්-එක නීතියක් බලකාය මඟින් භූමි විද්‍යාව හරහා ලබා දිය හැකි බව ඔහු හොඳින්ම දනී. ලංකාවේ තිබෙන්නේ සුළු ජාතීන්ට වෙනස් ලෙස සැළකීමක් නොව, භූමීය හා ස්ථානීය (spatial & locational) වශයෙන් සම්පත් බෙදී නොයාමේ (unequal distribution of resources) හා සමාන ඉඩප්‍රස්ථා නොමැතිවීමේ (unequal access to opportunities) ප්‍රශ්ණයකි. එය විසඳිය හැකි හොඳම ක්‍රමය සැවොම හොඳාකාරවම දනිතත් එය ක්‍රියාවට නැංවීමට පක්ෂ දේශපාලකයින් සූදානම් නැත. රටේ හාමුදුරුවරු එම වගකීම භාරගත යුතුය. 13 සංශෝධන පාරේ රඟ මඩකලපුවේ සිංහල ජනයාට කරණ හිරිහැර වලින් පෙනේ.

රූප සටහන තේරුම් ගත හැකි වන්නේ ලිපිය කියවන ගමන්ය.  එහි ඇති සිංහල වචනවල ඉංග්‍රීසි පද මෙසේය.

ස්වාභාවික නීතිය- rules of natural justice

ශාක්ෂි/සාධක- evidence/facts

සාධාරණත්වය- doctrine of reasonableness

සද්භාවය- good faith/intention

තිරසර සංවර්ධනය- sustainable development

භූමිය-අවකාශය-ස්ථානය- place-space-location

ප්‍රදේශ සංකල්පය- regional concept

භූමිය මතුපිට විෂමතා- spatial variability

චේතනාව- good/bad thought

මධ්‍යම ප්‍රතිපදාව- the Middle Path

අනිත්‍යය- impermanence

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress