කොළඹ සහ ගල්කිස්ස කාල්ටන් පෙර පාසල් දූ දරුවන්ගේ වාර්ෂික කැරොල් ගී ප්‍රසංගය
Posted on December 23rd, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කොළඹ සහ ගල්කිස්ස කාල්ටන් පෙර පාසල් දූ දරුවන්ගේ වාර්ෂික නත්තල් කැරොල් ගී ප්‍රසංගය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ මාලිගාවත්ත කාල්ටන් පෙර පාසලේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

කොළඹ මාලිගාවත්ත සහ ගල්කිස්ස කාල්ටන් පෙර පාසල්වල දරු දැරියෝ මෙහි දී කැරොල් ගී ගායනා කරමින් සිය හැකියාවන් පිළිඹිබු කළහ.

නත්තල් මිහිර විදහාපාමින්  පෙර පාසල් දරු දැරියෝ ප්‍රසංගය විචිත්‍රවත් කළහ.  අග්‍රාමාත්‍යතුමා දරුවන් ගේ හැකියාවන් අගය කරමින් කැරොල් ගී මිහිර විඳ ගත්තේය.

කාල්ටන් පෙර පාසල් සමූහයේ අධ්‍යක්ෂිකා සහ විදුහල්පතිනි අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ද අග්‍රාමාත්‍යතුමා සමඟ ප්‍රසංගය නැරඹුවාය.

ප්‍රසංගය අවසානයේ දූ දරුවන්ට ත්‍යාග පිරිනැමිණි.

කැරොල් ගී ගයමින් නත්තල් සිරිය කැන්දන කාල්ටන් පෙර පාසල් දූ දරුවන්ගේ දක්ෂතා දැක බලා ගැනීමට ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මිය, මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහත්වරු සහ ඉන්දුනීසියාව, ජපානය, දකුණු කොරියාව, අමෙරිකාව, මියන්මාරය සහ ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් තානාපති බිරින්දෑවරු සහ නියෝජිතවරියෝ රැසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress