අද රටම අමාරුවේ.. කරන්න පුළුවන් අයට දැන් බාර දිය යුතුයි..- සුසිල්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්…
Posted on January 2nd, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කරන්න බැරි දේවල් කරන්න ගොස් අද රටම අමාරුවේ වැටී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

පොහොර නැති කළ පසු ගොවීන් ඵලදාව ගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි.

අද ඇතිවී තිබෙන තත්වයට තීන්දු තීරණ ගත් අය වගකිව යුතුව ඇතැයිද ඔහු සඳහන් කලේය.

හරි තීන්දු තීරණ ගත් ගන්න තිබුණ ද දැන් ඒ සඳහා කාලය අවසන් වී ඇති බවත් හරි තීන්දු ගන්න දැන් සිදුවන්නේ වෙනත් පිරිසකට බවත් ඔහු කීය.

දෙල්කද පොළෙන් එළවළු මිලදී ගැනීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළේය.

මෙරටට සිදුවූ විදේශ ආක්‍රමණ අවස්ථාවලදීවත් මේ තරම් හානියක් කෘෂිකර්මයට සිදු නොවුනු බවද ඔහු පෙන්වා දුන්නේය.

කරන්න බැරි අය ඉවත්ව පුළුවන් අයට දැන් බාර දිය යුතු බවද එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress