වැටුණු ආර්ථිකය ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ගැටේ (වීඩියෝ)
Posted on January 7th, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

වත්මන් ආණ්ඩුව වනාහි රටේ ජීවත් වන ගොවි ජනතාව දැඩි අසීරුතාවට ලක් කරමින්, ඔවුන්ට පොහොර ඉල්ලා පාරට බැසීමට ඉඩ සැලැස්වූ රජයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසනවා.

අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, රුපියල් 5000ක් වැනි මූල්‍යාධාරයක් ලැබීමට නම් ගොවි ජනතාවට ගෙවතු වගාවට යොමුවන ලෙසට රජය විසින් දැනුම් දී ඇති බවයි.

මෙම ක්‍රියාවලිය මෙලෙස සිදු වුවහොත්, පවුල් පාලනය පමණක් රටට ඉතිරි වනු ඇති බවට ද හෙතෙම සඳහන් කළා.

මේ අතර, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අද (06) පැවති මාධ්‍ය හමුවකදී රට තුළ උද්ගතව පවතින විදේශ සංචිත අඩුවීම සහ ඩොලර් හිඟය සම්බන්ධයෙන් ද අදහස් පළ කරනු ලැබුවා.

මන්ත්‍රීවරයා කියා සිටියේ,සිය රජයට මුදල් මුද්‍රණය කිරීම හැර ආර්ථිකය ගොඩගැනීමට වෙනත් විකල්පයක් නැතැ‍යි සිතීම මෙන් ජනතාව රැවටිය හැකි ඇස් බැන්දුමක් ඔවුන් ඉදිරියේ සිදු කළ නොහැකි බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress