ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක්.. එම මුදලින් ජීප් 750ක්.. කුඩා බස් 500ක්..
Posted on January 9th, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

වත්මන් රජය ගෙන යන දුර්වල ආර්ථික ප්‍රතිපත්තීන් හේතුවෙන් යම් හෙයකින් රට බංකොලොත් භාවයට පත් වුවහොත්රටේ ආයෝජනය කොට ඇති විදේශිකයන් ඔවුන්ගේ එම ආයෝජන රැගෙන වෙනත් රටවලට යාමේ අවදානමක් මතුව තිබෙන බවත් එසේ වුවහොත් රටේ ආර්ථිකයට එයත් මරු පහරක් වනු ඇති බව පේරාදෙණිය විශ්ව විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ආනන්ද මහතා පවසයි.

ජනතාවාදී බුද්ධි මණ්ඩපය මැයින් මහනුවර ඩෙවෝන් හෝටලයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ බව අවධාරණය කළ මහාචාර්යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය .

මේ වර්ෂයේ දී සමස්ත ණය ඩොලර් මිලියන 7000ක් ගෙවන්න තිබෙනවා . ජනවාරි මාසයේ පමණක් ඩොලර් මිලියන 699 ක්ගෙවන්න තිබෙනවා. මේ ණය ගෙවීම කල් දාන්න බැහැ . ඒකයි බොහෝ අය යෝජනා කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා. නමුත් රජය අදටත් චීනයෙන් ණය ගන්නවා.

එසේ ණය දුන් විට ඔවුන්ගෙන් භාණ්ඩ මිලදී ගන්නත් වෙනවා .එසේ නොමැතිනම් දේපොලක් ලියලා දෙන්නත් වෙනවා.

ඉන්දියාවෙන් ගන්න යනවා තවත් ඩොලර් මිලියන 500 ක ණයක්. ඒ මුදලින් ගෙන්වන්න යනවා කුඩා බස් රථ 500 ක්.තවත් ගන්න යනවා පොලීසියට ජීප්රථ 750ක් . මේවා ද දැන් රටට අවශ්‍ය ?මේ වෙලාව රටේ ජනතාව ජීවත් කරවන්න ඕන වෙලාවක් .දැන් මේ රට වෙන්දේසි පොළක් වගෙයි. මේ වෙලාවේ අපට විකල්ප කිහිපයක් තිබෙනවා. මේ බැඳුම්කර ණය තියෙන ආයතන සමඟ සාකච්ඡා කොට එම ණය ගෙවීම කෙටිකලකට කල් දමා ගැනීමඒ සඳහා ප්‍රවේශයක් තිබිය යුතුයි.

අපගේ හිතවත් රටවල් එසේත් නොමැති නම් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුවහෝ වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කොට සහනදායි ක්‍රමයකට ණය ලබා ගත යුතුයි. නමුත් එම ආයතන සියල්ලක්ම කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලයි .

මේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙතරම් බය ඇයි කියලා අපි දන්නැහ . එම ආයතනය ණය දෙනු ලබන්නේ රටක ආර්ථික ස්ථායි භාවය ඇති කර ගැනීමටයි. හංගගෙන ඉන්න ඩොලර් ඔක්කොම නැවත එළියට දානවා . අද වන විට ලංකාවෙන් එළියට ගොස් සිටින ශ්‍රමිකයන් ඔවුන්ගේඩොලර් එළියට දාන්නේ නැහැ .ඒ තුළින් මසකට රටට එන ඩොලර් මිලියන 500 කින් පමණ අඩු වී තිබෙනවා . රටේ මුදල් වල තිබෙන අවිනිශ්චිත බව ඊට හේතුවයි .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය දෙන විට ඔවුන්ගේ නිර්දේශවලට ණය ගන්නා රට එකඟ විය යුතුයි. චීනයෙන් ඉන්දියාවෙන් ගන්නා ණය මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්නා ණය භාවිතා කළ නොහැකියි. මුදල් විනිවිදභාවයෙන් යුතුව භාවිතා කළ යුතුයි . එම මුදල් කොමිස් ගහන්න අවභාවිතා කරන්න නොහැකියි . ණය ලබා දුන් පසු ඒ පිළිබඳව ඔවුන්ගේ පූර්ණ අධීක්ෂණයක් කරනවා .

තමන්ගෙ කෙටිකාලීන ලාභය උදෙසා සම්පූර්ණ විකෘති ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි අද වන විට මේ රජයෙන් අපිට දකින්න තිබෙන්නේ . මුදල් ඇමතිවරයා යෝජනා කරනවාඅස්වැන්න අහිමිවීම නිසා වන්දියක් විදිහට රුපියල් 75 කට මිලදී ගන්නවා කියලා . නමුත්මෙවර මහ කන්නයේ අස්වනු එන විට 50% කට වඩා අස්වැන්න අඩුවෙනවා. එසේ වුවහොත් වී කිලෝව රුපියල් 150 කට වඩා ඉහළ යනවා. රුපියල් 120 ට තිබුහාල් කිලෝ එක අද වන විට රුපියල් 160- 170යි . මේකෙ අවසානය රට ආර්ථික භංගත්වයට පත් වීමයි’.

ෂේන් සෙනෙවිරත්න
– ADA

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress