”ගම්මන්පිලගේ මොළය පරීක්ෂා කරන්න ඕනේ” – තිස්ස අත්තනායක
Posted on January 9th, 2022
අම්රා ලියාකත් මව්බිම දැන්

2022 වසරේදී සම්පූර්ණයෙන් ම අයිති වීමට තිබූ ත්‍රිකුණාමල තෙල් ටැංකි 101කින් තෙල් ටැංකි 14ක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉන්දියානු IOC සමාගමට අවුරුදු 50කට බදු දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
මෙහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ, උදය ගම්මන්පිල්ල මහතාගේ ”මොළය පරීක්ෂා කළ යුතු” බව ය.
එමෙන් ම මෙමගින් ත්‍රිකුණාමල තෙල් ටැංකි තිබෙන ත්‍රිකුණාමල වරාය ආසන්නයේ ඇති ඉඩම් කොටස ද ඉන්දීය තෙල් සංස්ථාවට පැවරෙන බව තිස්ස අත්තනායක මහතා පැවසීය.
“වක්‍රාකාරව ත්‍රිකුණාමලය වරාය ත් ඉන්දියාවට දුන්නා හා සමාන එකඟතාවකට ඇති කර ගෙන තිබෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

අම්රා ලියාකත්