ණය හා වැටුප් ගෙවන්නට ජාතික ආදායම මෙන් සියයට එකසිහැටක් වෙන් කරන්නට සිදුවී ඇති බවට පාත්ෆයින්ඩර් නිවේදනයක්
Posted on January 9th, 2022

පාත්ෆයින්ඩර්

රුපියල සහ ඩොලර් හි`ගය ගැන ආණ්ඩුව කතා කරන නමුත් මෙම ගැටළු වල බරපතලකම තේරුම් ගත යුතු අතර මෙරට ජාතික ආදායම අනුව සලකනවිට එයින් සියයට එකසිය හැට ගුණයකප්‍රමාණයක් ණය පොලිය හා රාජ්‍ය සේවක වැටුප් ස`දහා පමණක් ගෙවන්නට සිදුවී අති බව දැනට ප්‍රකාශ වී තිඛෙන විස්මිත දත්ත වලින් පිලිබිඹු කරන බව දේශීය බුද්ධි පර්යේෂණ ආයතයක් වන පාත්ෆයින්ඩර් පදනම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

රජයේ ණය සේවා පොලී ගෙවීම් රජයේ වාර්ෂික ආදායමෙන් සියයට 70 කි. මෙය ලෝකයේ ඉහළම අගය විය හැකිය. රජයේ සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ස`දහා පිරිවැය රජයේ සමස්ථ ආදායමෙන් සියයට 90 ඉක්මවා තිබේ. රජය ගෙවිය යුතු ණය පොලිය සහ වැටුප්/විශ්‍රාම වැටුප් යන අංශවල වියදම  මෙරට ජාතික ආදායමෙන් සියයට 160 කට වඩා වැඩි මට්ටමකට පැමිණ ඇති අතරඑය ඉතාම තීරණාත්මක බව පාත්ෆයින්ඩර් පදනම පෙන්වා දෙයි. මෙම තත්ත්වයට මුහුණදීම ස`දහා රජයට ලබා ගෙන ඇති දේශීය ශ=ද්ධ ණය ප්‍රමාණය 2021 නොවැම්බර් වන විට රැපියල් ටිලියන 1.1 කි. මෙම විශාල ණය ආපසු පියවන විට කරන මුදල් මුද්‍රණය අනිවාර්යයෙන්ම උද්ධමනය ඉහළ නංවන බරපතල හේතුවක් වන බව ද පාත්ෆයින්ඩර් පදනම නිකුත් කළ නිවේදනයෙහි දැක්වේ.

දැනට පවතින විදේශ විනිමය හි`ගය අනුව ආනයන ඉහළ නැංවීමක් කළහොත්  ගෙවුම් ශේෂයට බලපෑම් කරන අතර විනිමය අනුපාතයෙහි ස්ථායීතාවය අඩාල කරනු ඇත. ඇමරිකානු ඩොලර් සම්බන්ධයෙන් ගත් කල, 2021 නොවැම්බර් මාසය අවසන් වන විට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ඩොලර් බිලියන 1.6 ක හි`ගයක් වාර්තා කර තිබුණි. සමස්ත බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ඩොලර් බිලියන 4.1 ක රින අගයක පවතින බව ද ස`දහන් කරයි. මෙම තත්ත්වය ම`ගහැරවීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සහ විදේශ මුදල් ආකර්ෂණය කර ගැනීම සඳහා තීරණාත්මක, විප්ලවීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණවීම වැදගත් වනු ඇති බව ද පාත්ෆයින්ඩර් පදනම කියා සිටී. අභ්‍යන්තර ණය හා විදේශ විනිමය හි`ගය යන මෙම ද්විත්ව ගැටළු වල ප්‍රතිවිපාක දැනටමත් දරුණු වී ඇත. උද්ධමනය ඉහළ නැග තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීම තියුණුය. කිරි ආහාර ඇතුළු එදිනෙදා ආහාර ද්‍රව්‍යවල හි`ගයක් ඇති වී තිබේ. ඉන්ධන, ගෑස්, සහ ඖෂධ ඇතුළු දේ ආනයනයට ද බාධා ඇත. විදේශ මුදල් සම්බන්ධ නීති විරෝධී  වෙළඳපොලක් ද පවතී. ව්‍යාපාර කඩා වැටී ජීවනෝපාය අහිමි වී ඇත.


බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම, තාවකාලික සංචිත ස`දහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සහ විදේශ විනිමය පරතරය සපුරාලීම සඳහා වහාම හවුල්කාර මූල්‍ය පහසුකම් බලමුලු ගැන්වීම අවශ්‍ය බව මෙහි දී පෙන්වා දී ඇත. එය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සහ ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය හුස්ම ගැනීමේ අවකාශයක් ලබා දෙනු ඇත. බහුපාර්ශ්වික ආයතනවලින් සහ සමහර ද්විපාර්ශ්වික පරිත්‍යාගශීලීන්ගෙන් සෘජුවම විනිමය සංචිත උපයා ගැනීම මගින් තාවකාලිකඋත්ප්‍රේරණ වැඩපිළිවෙළකට හැකි වනු ඇති අතර සහ ආයෝජකයින් සහ ණය හිමියන් අතර විශ්වාසය වැඩි කිරීමේ අවශ්‍යතාවයක් ද ඇති බව නිවේදනය අවධාරණය කරයි.

 
ඉන්දියාවෙන් ලැඛෙන සහන පැකේජය දිරිගන්වන සුළු ආරම්භයකි. කෙසේ වෙතත්, එය මාස දෙකක කාලයක ආනයන ස`දහා ප්‍රමාණවත්ය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සහ ජාත්‍යන්තර මූල්‍යඅරමුදලේ වැඩසටහනක්  සාකච්ඡා කිරීමට ගතවන කාලය තුළ අවශ්‍ය වන සහාය මූල්‍ය ලබා ගැනීම සඳහා ජපානය ඇතුළු අනෙකුත් මිත්‍ර රටවල සහාය රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය පාලනය කරන්නට ඉවහල් වනු ඇති බව ද පාත්ෆයින්ඩර් පදනම දක්වයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress