රටේ ආර්ථික ප්‍රශ්නවලට සජිත්ගෙන් උත්තරයක්
Posted on January 9th, 2022

උපුටාගැණීම අද දෙරණ

රටේ ආර්ථික ප්‍රශ්නවලට පිළිතුර වන්නේ දේශපාලන කණ්ඩායම් එකතු වී නව සංවිධාන බිහිකිරීම නොව, පාලකයින් කැපකිරීම්වලට යොමුවීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ සිය උතුරු පළාත් සංචාරය අතරතුර යාපනයේදී අද (09) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

“තෙල්, බෙහෙත්, ආහාර ගෙන්වන්න ඩොලර් නැහැ. කර්මාන්තවලට අමුද්‍රව්‍ය නැහැ. නිෂ්පාදනය කඩා වැටෙනවා. ඉතා භයානක තැනකට ඇවිත් තියෙන්නේ. ගත්තු වැරදි තීන්දුවලට රටම විඳවනවා. රටේ තියෙන්නේ නාමික ආණ්ඩුවක්. ආණ්ඩුවක් නෙමේ පාණ්ඩුවක්. සොරකම ඉහවහා ගිහින්. දූෂණත් වෙද්දි කොහොමද රට ගොඩගන්නේ. ගොඩදාන්න පුළුවන්. හැබැයි නිවැරදි ගමනක් යන්න ඕනේ. පාලකයන් කැපකිරීම් කරන්න ඕනේ.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress