හෙට පත්කෙරෙන අලුත් ඇමති මංඩලය.
Posted on January 9th, 2022

ආචාර්ය සුදත් ගුණසේකර, මහනුවර

ආණ්ඩුකරම විවස්ථාවේ කුමක් සඳහන් උනත් අද රටේ පවතින ආර්තික අමාරුකම් නිසා ජනාධිපති වරයා වශයෙන් ඔබම වරෙක ජාතියට පොරුන්දුවූ පරිදි අමාත්යවරුන් 15 දෙනකුගේ ඇමති මන්ඩලයක් පත්කිරීමේ පොරුන්දුව ඉටුකිරීමට දැන් හොදම අවස්තාව උදාවී අත.හැබෙයි එම ඇමති මන්ඩලයට සින්හලයාගේ ප්‍රධාන ආහාරය බත බවවත් නොදන්නා අලුත්ගමගේ කෘශිකර්ම ඇමති වශයෙන් පත් නොකෙරීමටද එසේම සීන්හල බෞධ්දයෙකුපමණක්  අධිකරණ ඇමති වශයෙන් පත් කිරීමටද වගබලාගනු ඇතැයි මම සිතමි.
 එසේ කළ විට ජනාධිපති වරයාට සහ අගමැතිවරයාට නියෝජ්ය ඇමතිවරුන් නැති නිසා නියෝජ්ය ඇමතිවරුන් පත්කල යුත්තේ 13 ක් පමණි. එසේ කලහොත් මුලු ඇමතිසන්ක්යාව 28 කට සීමා කලහැක
එසේ වූ විට දැනට විවිධ නම්වලින් සිටින ඇමතිවරුන් සන්ක්යාවෙන් 42 ක්ම අඩුවෙයි. එසේ වූවිට ඇමතිවරුන් 42 ක් වෙනුවෙන් සහ එම අමාත්යාන්ශ වෙනුවෙන් නාස්තිකරන  කෝටි ගානක් මහජන මුදල්ද ඉතිරිවෙනවා නේද.
අනෙක් අතින් ඇමතිවරුන් 70 ක් සිටියා කියල,  ඒ ඒ අය සැපසම්පත් විදිම, ඔවුන්ගේ පසුම්බි පිරීම හැර ඔවුන්ගෙන් මේ රටට හා ජනතාවට සිදුවෙලා තියෙන සේවය මොකක්ද?

 ජනාධිපති තුමනි 73 වසරක් පුරා බලලෝබී ආත්මාර්තකාමී දේශපාලුවන් විසින් විනාශ කොට හපයක් බවට පත් කොට ඇති  මේ රටේ යලිත් ගොඩගෙන අලුත් දේශපාලන සන්ස්කෘතියක් ආරම්ඹ්හ කිරීමට තියෙන හොන්දම අවස්ථාව දැන් උදාවී ඇත. ඔබතුමාගේ තනතුර පාර්ලිමේන්තුව හරහා ලැබුණු එකක් නොවේ. 2019 වසරේදී ජනාධිපතිවරනයෙන් 69 ලක්ශයක් මේ රටේ සින්හල බෞධ්දයින්ගේ චන්දයෙන් මේ රටේ ජනාධිපති වශයෙන් පත්වුණු  දුටුගැමුනු රජුන්ගේ සෙන්පතියෙකු වශයෙන් සිටි   මේ රට හා සින්හල ජාතියත්  බුදු සසුනත් ආරක්ශා කිරීම සන්දහා  පැමිනි ගෝටඉම්බර මිස, 1948 න් පසු සුද්දන් විසින් ඔවුන්ගේ ඊනියා පාර්ලිමේන්තු ක්‍රමය නමති  මලපුඩුවෙන් උපන් දේශපාලකයකු නොවේ කියා මේ සින්හල ජාතියට පෙන්වා දීමට ඇති ස්වර්ණමය අවස්ථාවයි මේ.2025 වසරේදී පැවැත්වෙන ජනාධිපති වරනයේදිද ඔබතුමාගේ ජයග්‍රහානය සහතික කිරීම සදහා මේ තිරණයම  සෑහෙනු ඇත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress