තෛපොංගල් සුභ පැතුම්
Posted on January 13th, 2022

ඒ.ජේ.එම්. මුසම්මිල්, ඌව පළාත් ආණ්ඩුකාරවර

ලෝකවාසී හින්දු භක්තිකයන් දුරුතු මස උත්සවශ්‍රීරීයෙන් සමරන තෛපොංගල් දිනය සාමාජීය, සංස්කෘතික හා ආගමික වශයෙන් අතිශය වැදගත්ය. අද දින ශ්‍රී ලාංකීය හා ලෝකවාසී සියළු හින්දු භක්තිකයන් වෙත තෛපොංගල් සුභ පැතුම් එක් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මා බෙහෙවින් සතුටු වෙමි.

කෘෂිකර්මාන්තය තම ජීවනෝපාය කරගත් ජනතාව අද දින හිරු දෙවියන්ට කෘතඥතාවය දක්වමින් තම ජීවන රටාවෙහි දියුණුව අපේක්ෂා කරයි. එසේම ස්වභාව ධර්මයට ගරු කරමින්, කළගුණ සැලකිය යුතුය යන්න මානුෂීය ගුණාංගයක් බව සියළු ජාතීන්ගේ අභිලාෂය වේය යන්න තෛපොංගල් දිනයේ ප්‍රාරාර්ථනාවයි.

තෛපොංගල් වැනි සැමරුම් හේතුවෙන් ජනතාව අතර ඇතිවන නව බලාපොරොත්තු පවුල් ඒකකය මඟින් සමස්ත සමාජයට ගලාගෙන යනු ලබයි. මේ හරහා මානුෂීය සමාජ ගති ලක්ෂණ වඩ වඩාත් දියුණු වන්නේය යන්න අපගේ ඒකායන බලාපොරොත්තුවයි.

මෙම ධර්මතාවයන්ට අනුව දුරුතු මහේ සියළු පැතුම් ඉටුවේය යන විශ්වාසයත් සමඟ සමරන තෛපොංගල් උත්සවය තුළින් සියළු දෙනා හට සාමය, සතුට, සෞභාග්‍යය පිරි වාසනාවන්ත දිවියක් උදාවේවායි ඉතසිතින් මා ප්‍රාරාර්ථනා කරමි.

ඒ.ජේ.එම්. මුසම්මිල්,
ඌව පළාත් ආණ්ඩුකාරවර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress