ත්‍රිරෝද රථ රියදුරන් බහුවිධ නිපුණතාවයෙන් පූර්ණ කිරීමේ ජාතික මෙහෙවර වයඹ පළාතින් ඇරඹේ
Posted on January 15th, 2022

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත නිපුණතා උදාන ජාතික වැඩසටහන වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් ‘වයඹ උදානය’ නමින් පසුගියදා ආරම්භ විය. මෙම ජාතික වැඩසටහනට සමගාමීව වයඹ පළාතේ විසිර සිටින ත්‍රිරෝද රථ රියදුරන්ගේ නිපුණතා හැකියාවන් වර්ධනය කර ඔවුන් බහුවිධ නිපුණතා සහිත වෘත්තීලාභීන් බවට පත් කර ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් “Skills 4 you” වැඩසටහන ආරම්භ විය.

එම වැඩසටහන යටතේ ත්‍රීරෝද රථ රියදුරන් හට,

🔸ගොඩනැගිලි නඩත්තු සහ සේවා

🔸ලෝහ පිරික්සුම්කරණය

🔸ගෘහස්ථ විදුලි උපකරණ අලුත්වැඩියාව සහ සේවා

🔸ගෘහාශ්‍රිත වෙනත් සේවා වැනි ක්ෂේත්‍රයන් 04ක් යටතේ ඇති විවිධ වෘත්තීය පුහුණු පාඨමාලාවන් හැදෑරීමෙන් නිපුණතා සපුරාගත් පසු ඔවුන්ට පවතින රැකියා අවස්ථාවන් ලබා දීම සහ ස්වයං රැකියා වෙත යොමු කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම වැඩසටහන සඳහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ද සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress