එක්සත් රාජධානියේ රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා සහ අග්‍රාමාත්‍යතුමා අතර හමුවක්
Posted on January 19th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

එක්සත් රාජධානියේ දකුණු ආසියානු හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කටයුතු රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (18) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සමඟ පවතින සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙරටට පැමිණි රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා දින තුනක කාලයක් මෙරට රැදී සිටිනු ඇත.

ඉහළ රාජතාන්ත්‍රික හමුවීම්වලට අමතරව රාජ්‍ය අමාත්‍ය තරික් අහමඩ් සාමිවරයා යාපනය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල ද සංචාරය කිරීමට නියමිතය.

සංචාරක කර්මාන්තයට සහය පළ කිරීම, සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය කිරීම, විදේශ රැකියා අවස්ථා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම හමුවේදී අවධානය යොමු විය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ  බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය සාරා හුල්ටන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress