දිවියෙන් සමුගත් සිය දියණිය සිහි කර අනුරපුර ආර්ථික අපහසුතා ඇති පවුල් වලට ආධාර
Posted on January 19th, 2022

තිසර සමල් – එප්පාවල

දිවියෙන් සමුගත් සිය දියණියට පිං පිණිස අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආර්ථික අපහසුතා ඇති පවුල් 100 කට අත්‍යවශය ආහාර මලු බෙදා දීමට කොළඹ 05 ප්‍රදේශයේ ව්‍යාපාරික මහත්මියක වන විශාකා වීරකෝන් මහත්මිය ඊයේ (17) දුරුතු පොහෝ දින කටයුතු කළාය.

මීට දෙවසරකට පමණ ඉහතදී දිවියෙන් සමුගත් නදීරා විජේරත්න නම් දියණියට පිං පිණිස ඇයගේ මව වන කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික මහත්මියක වන විශාකා වීරකෝන් මහත්මිය‍ මෙම පිංකම සිදු කරනු ලැබුවාය.

මෙම පිංකම සඳහා රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණයෙන් අනුරාධපුර නොච්චියාගම අඹගහවැව ගල්කිරියාගම ගම්මානයේ , පලාගල කළුගල ගම්මානයේ හා ගල්නෑව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල් සියයක් වෙත මෙම අත්‍යවශ්‍යය භාණ්ඩ බෙදා දීම සිදු විය.

එම එක් එක් ගම්මානයන් වෙත ගොස් ඔවුන් හමුවී මෙම පරිත්‍යාගයන් සිදු කරනු ලැබීය.

මේ දින වල බොහෝ ආර්ථික දුෂ්කරතා මැද දිවි ගෙවන බැවින් මෙම පරිත්‍යාගය බොහෝ සේ වටිනා බවද ඔවුන් පැවසූහ.

පරිත්‍යාගයන් සිදු කිරීමෙන් අනතුරුව ආඩියාගල අඹරැලි විහාරයේ විහාරාධිපති අධිකරණ සංඝනායක ඉඟුරුවැවේ පියරතන හිමියන් මෙම පරිත්‍යාගයන් අගයමින්, දිවියෙන් සමුගත් නදීරා විජේරත්න දියණියට පිං අනුමෝදනා සිදු කරනු ලැබූහ. මෙම අවස්ථාවන්ට ආඩියාගල අඹරැලි විහාරයේ විහාරාධිපති අධිකරණ සංඝනායක ඉඟුරුවැවේ පියරතන හිමියන්, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා හා ගම්වාසීන් සහභාගී වූහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress