නව ලොවට පියනගන දරුවන් වෙනුවෙන් ඉදි වූ සුහුරු පන්ති කාමර සංකල්පය වයඹ පළාතින් යථාර්ථයක් බවට පත් වේ.
Posted on January 19th, 2022

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

පළාත් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන “නිපුණතා උදානය” ජාතික වැඩසටහන පසුගියදා වයඹ පළාතින් ආරම්භ විය. එම වැඩසටහනට සමගාමීව සිදුවන තවත් එක් ජාතික මෙහෙවරක් වූ දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ස්ථාන 40ක ගොඩනැඟෙන සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය පළමුවරට වයඹ පළාතින් ආරම්භ කරන ලදී. ඒ අනුව කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ඉදි වූ තාක්ෂණය උපයෝගී කරගත් දුරස්ථ අධ්‍යාපනය පහසු කරන සුහුරු පන්‍ති කාමරය පළමුවරට සිසු අයිතියට පත් කිරීම නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මෙහි දී භාෂා ත්‍රිත්ත්වයෙන්ම අධ්‍යයන කටයුතු සිදු කෙරෙන අතර අන්තර්ජාල පුස්තකාල පහසුකම ( E – library), සෑම සිසුවෙක්ටම නොමිලේ 1TB දත්‍ත ගබඩා කිරීමේ පහසුකම (Cloud Storage)ඇතුළු පහසුකම්  රැසක් නොමිලේ ලබා දීමට කටයුතු කෙරේ.

මාධ්‍ය ඒකකය

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය

One Response to “නව ලොවට පියනගන දරුවන් වෙනුවෙන් ඉදි වූ සුහුරු පන්ති කාමර සංකල්පය වයඹ පළාතින් යථාර්ථයක් බවට පත් වේ.”

  1. aloy Says:

    This is a good move, but should be implemented in a systematic way at the secondary school level. When I was a student in this very place (it was a central college then) there were class rooms for wood work and metal work. We were taught to make certain items like bottle openers and different connections (dove tails etc) with wood.

    In todays terms students should be taught to use power tools and use electronic circuits and work with Arduino boards or Raspberry Pi.

    I have seen videos on students in Chinese schools who have been given a target to wire up a robot with standard connectors and get it working. The students who excel should be given direct entrance to universities without going through Z score.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress