අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයට නවීන බස් රථයක්
Posted on January 22nd, 2022
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී කොළඹ රාජකීය විද්‍යාලයට නවීන බස් රථයක් පිරිනැමිණි.
කීර්ති මන්ත්‍රීරත්න මහතා විසින් පරිත්‍යාග කළ මෙම බස් රථය ජපානයේ නිෂ්පාදිත ආසන 54කින් යුතු සුඛෝපභෝගී බස් රථයකි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති එම්.වී.එස්. ගුණතිලක මහතා වෙත බස් රථයේ යතුර පිරිනැමුවේය.
අනතුරුව අග්‍රාමාත්‍යතුමා විසින් බස් රථයේ පහසුකම් නිරීක්ෂණය කරන ලදි.
මෙම බස් රථය පරිත්‍යාග කළ කිර්ති මන්ත්‍රීරත්න මහතා වෙත ද අග්‍රාමාත්‍යතුමා අතින් සමරු සිහිවටනයක් පිරිනැමුණු අතර කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති එම්. වී.එස්. ගුණතිලක මහතා විසින් අග්‍රාමාත්‍යතුමාට ද සමරු තිළිණයක් පිළිගැන්වීය.
අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් මෙම බස් රථයට අදාළ සියලු තීරු බදු සහන ලබා දී තිබිණි. විශ්‍රාමලත් සහකාර විදුහල්පති අශෝක ගලහිටියාව මහතා ඊට අදාළ ව්‍යාපෘති සම්බන්ධීකරණය ඉටු කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත, කොළඹ රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ක්‍රිශාන්ත සිල්වා, විද්‍යාලයීය දෙමාපියන් නියෝජනය කරමින් මහේෂ් ගුණරත්න මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.