දේශපාලන පළිගැනීමේ අරමුණෙන් යහපාලන රජයෙන් පැවරූ නඩුවලින් නිදොස්කොට නිදහස් වූ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය නිලධාරීන්ට සහන සැලසීමට පත්කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍යතුමාට භාරදෙයි
Posted on March 24th, 2022
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
යහපාලන රජය යටතේ දේශපාලන පළිගැනීමේ අරමුණින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට එරෙහිව පවරන ලද නඩුවලින් නිදොස්කොට නිදහස් වූ රාජ්‍ය නිලධාරීන්ට සහන සැලසීමට පත් කළ කමිටුවේ වාර්තාව කමිටු සභාපති විශ්‍රාමික අගවිනිසුරු අසෝක ද සිල්වා මහතා විසින් අද (24) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්නේය.
ඒ අනුව මෙම කමිටු වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේදීම සිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ 2021 ජූලි 30වැනි දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් 2021 සැත්තැම්බර් 07 වෙනිදා අමාත්‍ය මණ්ඩලය ගන්නා ලද තීරණයකට අනුව 2021 සැත්තැම්බර් 10 වෙනිදා සිට මෙම කමිටුව පත්කෙරිණි.
විශ්‍රාමික අගවිනිසුරු අසෝක ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, ජනාධිපති නීතීඥ වී.කේ. චොක්සි, ගණකාධිකාරී කේ.එස්.චන්ද්‍රපාල ද සිල්වා, විශ්‍රාමික රජයේ ගණකාධිකාරී එච්.ඩී. වීරසිරි මහත්වරු කටයුතු කළහ. එහි කමිටු ලේකම් ලෙස කටයුතු කරනු ලැබූවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නීති අධ්‍යක්ෂ නීතීඥ දක්ෂිත දේවපුර මහතාය.
යහපාලන රජය යටතේ දේශපාලන පළිගැනීමේ අරමුණින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට එරෙහිව පවරන ලද නඩුවලින් නිදොස්කොට නිදහස් වූ රාජ්‍ය නිලධාරීන්ට දැරීමට සිදුවූ වියදම්, මානසික සහ සමාජීය වශයෙන් සිදුවූ අපහසුතාවයන් සලකා බලා, සුදුසු සහන සහ වන්දි ලබාදීම මෙහි පරමාර්ථයයි.
මෙම අවස්ථාවට කමිටු සභාපති අසෝක ද සිල්වා, කමිටු සාමාජිකයන් වන නිහාල් සුනිල් රාජපක්ෂ, වී.කේ. චොක්සි, කේ.එස්.චන්ද්‍රපාල ද සිල්වා කමිටු ලේකම් අග්‍රාමාත්‍ය කාර්යාලයේ නීති අධ්‍යක්ෂ නීතීඥ දක්ෂිත දේවපුර මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.