අනුර කුමාර එලියට දැම්මේ යහපාලන දුෂණ විරෝධී කමිටුවට ආ තොරතුරුයි.
Posted on May 4th, 2022

Courtesy Colombotoday

යහපාලන සමයේදී අරලියගහ මන්දිරයේ පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ලවූ දුෂණ විරෝධී කමිටුව වෙත සිවිල් සංවිධාන සහ මහජනතාව විසින් ලබා දුන් තොරතුරු ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අද (3) දින වීරයෙකු මෙන් මාධ්‍ය වෙත ලබා දුන් බවට පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

තම සංවිධානයද ඇතුළුව සිවිල් සංවිධාන රැසක් අල්ලස් හෝ දුෂණ වැළක්වීමේ කොමිෂන් සභාව වෙත පැමිණිලි රැසක් ඉදිරිපත් කර ඇතත් ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අවස්ථාවක ඒ පිළිබඳව විමසීමක් කර නොමැති බවයි පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කර සිටින්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විසින් ඒක පාර්ශවීයව කරුණු ඉදිරිපත් කරමින් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ක්‍රියාකරන ආකාරයක් මිසක් සැබෑ ලෙස දුෂණය වැලැක්වීම සඳහා ක්‍රියාකරන ආකාරයක් නොපෙනෙන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

තම හිතමිතුරු කැසිනෝ ව්‍යාපාරිකයන්ගේ දුෂණ සහ වංචා යට ගැසීමට ජවිපෙ නායකයා ක්‍රියාකරන බවත් පැරණි දූෂණ වංචා පිළිබද සමාජයේ අවධානය යොමු කිරීම මගින් අලුත් වංචා දූෂණ වසංකිරීම සදහා අනුර කුමාර කටයුතු කරන බවත් විතානගේ මහතා අවධාරණය කර සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress