ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා 2022.05.03 වන දින අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා වෙත එල්ල කරන ලද අසත්‍ය චෝදනා පිලිබඳව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙනි
Posted on May 4th, 2022

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී  2022.05.03 දින පවත්වන්නට යෙදුනු මාධ්‍ය සාකච්ඡාවේ දී යෝෂිත රාජපක්ෂ මහතාට අයත් ඉඩම් ලෙසට යම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අසත්‍ය හා ජනතාව නොමගයවනසුළු ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම නිසා ඔහුට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ඉදිරි නීති කටයුතු සිදුකිරීම සඳහා ස්වකීය නීතීඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

එකී මාධ්‍ය ප්‍රකාශයේ දී සිදුකරන ලද අසත්‍ය ප්‍රකාශ දැඩි පිළිකුලෙන් යුක්තව හෙළා දකිමු.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress