සුපර්කැලි-ෆ්රැගිලිස්ටික්-එක්ස්පියලි-ඩෝසියස්
Posted on May 19th, 2022

ජයන්ත හේරත්

අපේ අගමැති අතිවිශිෂ්ටය

සුපර්කැලි-ෆ්රැගිලිස්ටික්-එක්ස්පියලි-ඩෝසියස් ය

supercalifragilisticexpialidocious –

වැ ඩ ට එන්න එපා

supercalifragilisticexpialidocious

අගමැති කියයි;

වැ ඩ ට එන්න එපා

එනවා නම් ඇවිද ගෙන එන්න,

බයිසිකලේ එන්න.

ව්යායාමයට හොඳය,

ඊටත් වාහන වල එන්න ඉන්ධන දෙන්න විදියක් නැත.

දීමනා දීම නතර කර ඇත.

වැටුප් අඩු කරන්න වෙන්නේය.

මගේ වැටුප අඩු කර ගත්ත විදියට

ඔහෙල ගෙත් පඩිය අඩු කරාන්න වෙන්නේය.

අයි එම් එෆ් කියන විදියට ජොබ් ගණනකට කෙලවෙන්නේය.

සූදානම් වෙන්න.

ආණ්ඩුවේ ඉස්කෝල වහල දමන්න

ඉගෙන ගන්න අවශ්ය නැත

ගෝල්පීස් ඉස්කෝලේ හොඳය. 

ටීචර්ලා ඉන්නෙත් ගෝල්පීස් එකේය

මේ අවුට්ඩෝ එඩියුකේෂන් කාලයයි,

අයි-පෝං එඩියුකේෂන් එක හරියට කරගන්න

ලෝකේ වෙන්නේ මොනවාද කියා දැන ගෙන

තානාපතිවරුන්ගේ අත්පොලොසන් නද මැද

ලංකා-වසන්තේට  කතා කරන්න.

විශ්ව විද්යාල වහල දමන්න

කොල්ලන්ට කෙල්ලන්ට ගෝල්පීස් යන්න කියන්න

ආචාර්ය මහාචාර්ය වරු කොහොමත් ඉන්නේ ගෝල්පීස්ය

මුහුදු හුළං වැදි වැදී

එන් ජී ඕ ෆන්ඩ්ස් වලින් කකා

එන් ජී ඕ බයිලා අහ අහා

බිම දිගෑදී ඉඳීම ආතල්ය

දැනුම හොයන්න කිමිදුම් කරන්නත් පුළුවන

මේ දවස්වල මෝරු තල්මස්සු ඉන්නෙත් බඩගින්නේය

එවුන්ටත් ආහාරයක් හිඟය

ශිෂ්යත්ව මුදල් ඉතිරි වන්නේය

පාර්ලිමේන්තු එන්න එපා

එක එකාට බැණීම

අඩි හප්පා ගැනීම

ගෙදර ඉඳන් කරන්න පුළුවන

ගෙදරට වී හිටින්න

ඉන්ධන ඉතිරි වෙන්නේය

කැන්ටිමේ කෑම වියදම නවතින්නේය

පාර්ලිමේන්තු දවසකට වැය වෙන රුපියල් ලක්ෂ 50

ඉතිරි කරගත්තත් ලොකු ගානක්ය.

ඕනෑම නම් විදුලි බලය ලැබෙන විදියට

සූම් ටීම් මීටීන්  තියන්න පුළුවන

අපේ අභිනව අගමැති මරුය

supercalifragilisticexpialidocious ය 

කීපවතාවක්ම

ලංකාව බේරා නොගෙන-බේරාගත්තේය

ඉස්සරහටත් වෙන්නේ ඕකමය.

Supercalifragilisticexpialidocious

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress