2022 මැයි මස 25 වන දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත මහ බැංකුවේ මුදල් මණ්ඩලයට – අදාළ කටයුතු පිළිබඳව ඉදිරිපත් වූ සාවද්‍ය තොරතුරු නිවැරදි කිරීම 
Posted on June 3rd, 2022

සමන්ත කුමාරසිංහ හිටපු මුදල් මණ්ඩල සාමාජික 

2022 මැයි 30

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා 

ගරු සභාපති 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 

ගරු සභාපතිතුමනි 

2022 මැයි මස 25 වන දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත මහ බැංකුවේ මුදල් මණ්ඩලයට – අදාළ කටයුතු පිළිබඳව ඉදිරිපත් වූ සාවද්‍ය තොරතුරු නිවැරදි කිරීම 

උක්ත කරුණට අදාළව සාකච්ඡාවට භාජනය වූ කාලපරිච්ඡේදය තුළ මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ හිටපු සාමාජිකයකු මෙන්ම රටේ නීතිගරුක සහ වගකිවයුතු පුරවැසියෙකු ලෙස සත්‍ය තොරතුරු ඔබතුමා වෙත සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සාමාජිකයන් වෙත හෙළිදරව් කිරීම මාගේ පරම යුතුකමක් සහ ජාතික වගකීමක් ලෙස සලකා මෙම ලිපිය ඔබතුමා වෙත යොමු කරමි. 

1. මුදල් නීති පනත යටතේ ස්ථාපනය කර ඇති මහ බැංකු මූල්‍ය මණ්ඩලය සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වේ. නිල බලයෙන් පත්වන මහ බැංකු අධිපතිවරයාත්, භාණ්ඩාගාර ලේකම්වරයාත්, ජනාධිපතිතුමන් විසින් පත්කරනු ලබන සාමාජිකයින් තිදෙනෙකුත් මහ බැංකු මූල්‍ය මණ්ඩලයට ඇතුළත් වේ. එහි සභාපතිත්වය මහ බැංකු අධිපතිතුමා විසින් දරනු ලබයි. 2020 ජූලි 01 වනදා සිට 2022 මාර්තු 31 වනදා තෙක් එම පත්කළ සාමාජිකයින් තිදෙනා වූයේ ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා, ආචාර්‍ය රාණි ජයමහ මහත්මිය සහ සමන්ත කුමාරසිංහ වන මාය. 2022 මාර්තු මස 31 වන දින සිට මා මුදල් මණ්ඩලයෙන් ඉල්ලා අස් වීමෙන් පසු දැනට මා දන්නා ආකාරයට මුදල් මණ්ඩලයේ පත්කළ සාමාජිකයින් ලෙස ඉතිරිව ඇත්තේ ඉහත සඳහන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්‍ය රාණි ජයමහ මහත්මිය යන දෙදෙනාය. 

මුදල් මණ්ඩල සාමාජිකයින් අවම වශයෙන් සති දෙකකට වරක් පැවැත්වෙන මුදල් මණ්ඩල රැස්වීම් සඳහා සහභාගි වේ. අවශ්‍ය අවස්ථා වලදී මසකට මුදල් මණ්ඩල රැස්වීම් දෙකකට වැඩි ප්‍රමාණයක් වුවද පැවැත්වීමේ හැකියාව මහ බැංකු අධිපතිවරයා සතු වේ. 

මුදල් මණ්ඩල රැස්වීම් වලදී උසස් මහ බැංකු නිලධාරීන් විසින් ඉදිරිපත් කරන යෝජනා සහිත මණ්ඩල පත්‍රිකා සාකච්ඡාවට ගනු ලබයි. මුදල් මණ්ඩල සාමාජිකයන් පස්දෙනාගේම අනුමැතිය අවශ්‍ය ඇතැම් මණ්ඩල පත්‍රිකා හැරුණුකොට අනෙකුත් මණ්ඩල පත්‍රිකා සඳහා අවම වශයෙන් සමාජිකයින් තුන් දෙනෙකුගේ අනුමැතිය අවශ්‍ය වේ. 

2. ඉහත සඳහන් 2022 මැයි මස 25 වන දින පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ මුදල් මණ්ඩල සාමාජිකා ආචාර්‍ය රාණි ජයමහ මහත්මිය කරුණු දැක්වූ අතර එම කරුණු අතර ඉතා බරපතල සාවද්‍ය තොරතුරු ඇතුළත් විය. වසර 38ක පමණ කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කර 2009 වසරේ විශ්‍රාම ගැනීමෙන් පසුව 2011 පෙබරවාරි සිට 2015 මාර්තු දක්වා පුද්ගලික අංශයේ බැංකුවක සභාපතිවරිය ලෙසද ක්‍රියා කර 2020 ජූලි මස 01 වන දින සිට මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ක්‍රියා කරන ආචායී රාණි ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ වගකීම් පිළිබඳ අතිමහත් දැනුමක් සතු අයෙකු විය යුතුය. 

එවන් දැනුමක් ඇති ඇය විසින් ඔබතුමා ඇතුළු අනෙකුත් කාරක සභා නියෝජිතයන් හිතාමතාම නොමඟ යවමින් සාවද්‍ය ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ ඇය සහ මුදල් මණ්ඩල සාමාජික සංජීව ජයවර්ධන මහතා යන දෙදෙනාගේ මතය සම්පූර්ණයෙන්ම බැහැර කර සෙසු මුදල් මණ්ඩල සාමාජිකයින් තිදෙනා රුපියල (ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව) අවප්‍රමාණය කිරීමකින් තොරව 203 අගයේ පවත්වාගෙන ගිය වගයි. එහිදී ඊට වගකිව යුතු මුදල් මණ්ඩල සාමාජිකයින් ලෙස එවකට මහ බැංකු අධිපති මහාචාර්‍ය W.D. ලක්ෂ්මන් මහතා, භාණ්ඩාගාර ලේකප්තුමා සහ පත්කළ සාමාජික සමන්ත කුමාරසිංහ වන මා යන තිදෙනා යැයි ඇය විසින් ප්‍රකාශ කර සිටින ලදී. 

ය විසින් කරන ලද ඉහත ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් පදනම් විරහිත බවත් සහ ඉතා වැදගත් නිළියක් වන මහ බැංකු මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු විසින් නොකළ යුතු බරපතල වැරදි ප්‍රකාශයක් බවත් මා ප්‍රකාශ කර සිටිමි. ඇය එසේ කරන ලද සාවද්‍ය ප්‍රකාශයට සහ ඉන්පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා ඇයගේ සාවද්‍ය ප්‍රකාශයෙහි අඩංගු කරුණු පදනම් කරගනිමින් එම කාරක සභා වාරය තුළදීම සිදු කරන ලද සත්‍ය නොවන බරපතල චෝදනා වලට අතිවිශාල ප්‍රසිද්ධියක් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින්ද, සමාජ මාධ්‍ය ජාලා මගින්ද ලබාදී ඇති බැවින් අතිමහත් බහුතර ජනතාවක් සම්පූර්ණයෙන්ම වැරදි තොරතුරු විශ්වාස කරමින් දැඩි ලෙස නොමඟ 

ගොස් ඇත. 

එබැවින් ඇය විසින් සිදුකළ එම ප්‍රකාශය සාවද්‍ය සහ වගකීම් විරහිත ප්‍රකාශයක් බව සනාථ කිරීම සඳහා මා පහත සඳහන් මුදල් මණ්ඩල රැස්වීම් සටහන් වෙතින් උපුටා ගත් සත්‍ය තොරතුරු ඔබතුමා වෙත ඉදිරිපත් කරමි. 

මුදල් මණ්ඩල රැස්වීම් අංකය දිනය 

24I2021 – 07.07.2021 

මෙම රැස්වීම සඳහා එවකට මහ බැංකු අධිපති මහාචාර්‍ය W.D. ලක්ෂ්මන් මහතා ඇතුළු මුදල් මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු සහභාගී වූවද භාණ්ඩාගාර ලේකමා ඒ සඳහා සහභාගී වී නැත. එම රැස්වීම් සටහනෙහි 1.2.4 යටතේ විනිමය අනුපාතිකය වෙළඳපොල තීරණය කරන මට්ටමට පත්වීමට ක්‍රමයෙන් ඉඩ සැලසිය යුතු බවට සමන්ත කුමාරසිංහ වන මා ප්‍රකාශ කළ බව සටහන් වී ඇත. එහිදී ආචාර්‍ය රාණි ජයමහ මහත්මියද ඒ හා සමානව අදහස් ප්‍රකාශ කර ඇත. එම සටහනට අනුව මෙම රැස්වීමට සහභාගී වූ සංජීව ජයවර්ධන මහතා මෙම විෂය පිළිබඳව එම අවස්ථාවේදී කිසිදු අදහසක් ප්‍රකාශ කර නැත. එනමුත් මුදල් මණ්ඩල සභාපතිවරයා එවිට ප්‍රකාශ කර ඇත්තේ එම අවස්ථාවේදී රුපියල අවප්‍රමාණය වුවහොත් රුපියල් වලින් ගෙවීමට සිදුවන රාජ්‍ය ණය ප්‍රමාණයේ බරපතල වැඩිවීම පිළිබඳව රජයේ දැඩි අවධානය යොමුවී ඇති බවයි. 

ඉහත රැස්වීම් සටහන අනුව මහාචාර්‍ය W.D. ලක්ෂ්ම න් මහතා මහ බැංකු අධිපති ලෙස කටයුතු කල වකවානුවේ ආචාර්‍ය රාණි ජයමහ මහත්මිය පැවසූ පරිදි ඇයගේ සහ සංජීව ජයවර්ධන මහතාගේ මතය අනුව රුපියල අවප්‍රමාණය කිරීම වැළැක්වූයේ මහ බැංකු අධිපති මහාචාර්‍ය W.D. ලක්ෂ්ම න් මහතා, භාණ්ඩාගාර ලේකම්තුමා සහ සමන්ත කුමාරසිංහ වන මා බව පැවසීම සම්පූර්ණ අසත්‍යක් බව තහවුරු වන අතර එමගින් ඇය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නොමග යවා ඇති බව පැහැදිලි වේ. 

3. ඉන්පසුව පත්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ සභාපතිත්වය යටතේ පැවති පහත සඳහන් මුදල් මණ්ඩල රැස්වීම් දෙකකදී මෙම විෂය නැවතත් සාකච්ඡාවට භාජනය වී ඇත. 

(i) මුදල් මණ්ඩල රැස්වීම් අංකය – 3I2022 

දිනය 

– 19.01.2022 

එම මුදල් මණ්ඩල රැස්වීම සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා, ආචාර්‍ය රාණි ජයමහ මහත්මිය සහ සමන්ත කුමාරසිංහ වන මා යන සාමාජිකයින් තිදෙනා පමණක් සහභාගි වී ඇත. එහිදී රුපියල අවප්‍රමාණය කිරීමේ විෂය සාකච්ඡාවට ගන්නා ලද අතර එහි කළ දෑ සහ ගත් තීරණය රැස්වීම් සටහන් පිටු අංක 31හි අයිතම අංක 2.3 යටතේ වාර්තා කර ඇත. එම සටහන් වලට අනුව මුදල් මණ්ඩලය අවධාරණය කර ඇත්තේ රුපියල අවප්‍රමාණය කිරීමේ යෝජනා සලකා බැලීමේදී එයින් සිදුවිය හැකි හානිකර බලපෑම් ද පෙන්වා දිය යුතු බවය. එසේ සිදුවිය හැකි හානිකර බලපෑම් විශාල ප්‍රමාණයක් ඇති බැවින් මුදල් මණ්ඩලය රුපියල අවප්‍රමාණය නොකිරීමට තීරණය කරන ලද බව එම සටහනෙන්ම සඳහන් වේ. 

ඉහත රැස්වීම් සටහනින් පැහැදිලි වනුයේ ආචාර්‍ය රාණි ජයමහ මහත්මිය ඇතුළු මුදල් මණ්ඩලයේ එම අවස්ථාවේ සිටි සාමාජිකයින් තිදෙනාම එකඟව ගත් තීරණය අනුව රුපියල අවප්‍රමාණය නොකිරීමට එදින මුදල් මණ්ඩලය තීරණය කරන ලද බවයි. එම අයිතම අංක 2.3 රැස්වීම් සටහන ස්ථිර කරමින් ඇය ඇතුළුව මුදල් මණ්ඩල සාමාජිකයින් තිදෙනාම පිටු අංක 53හි අත්සන් යොදා ඇත. ආචාර්‍ය රාණි ජයමහ මහත්මිය පවසන පරිදි ඉහත තීරණයට ඇය විරුද්ධ වූවා නම් තීරක මුදල් මණ්ඩල සාමාජිකයා ලෙස එම තීරණය වැළැක්වීමේ හැකියාව පැහැදිළිව ඇය සතුව පැවතුණි. නමුත් ඇය එසේ සිදු කර නැත. එම සටහන් වලින්ද තහවුරු වනුයේ ඇය විසින් ඔබතුමා ඇතුළු කාරක සභා සාමාජිකයින් හිතාමතාම 

නොමඟ යැවීමට සත්‍ය වසන් කර කරුණු ඉදිරිපත් කර ඇති බවයි. 

(i) මුදල් මණ්ඩල රැස්වීම් අංකය – 7I2022 

දිනය 

|- 03.03.2022 

මෙම සාකච්ඡාවට මුදල් මණ්ඩල සාමාජිකයන් සියළු දෙනාම සහභාගී වී ඇත. එදින රැස්වීම් සටහනේ පිටු අංක 25හි අයිතම අංක 2.3 කොටසේ සඳහන් පරිදි රුපියල අවප්‍රමාණය කිරීමේදී සිදුවිය හැකි වාසි සහ අවාසි මුදල් මණ්ඩලය සාකච්ඡාවට භාජනය කර ඇත. එම අවස්ථාවේදී මා ප්‍රකාශ කර ඇත්තේ හවාලා/උන්ඩියාල් ක්‍රම යටතේ මෙරටට විදේශ විනිමය නීති විරෝධී ලෙස අහිමි වීම වැළැක්වීමට ප්‍රමාණවත් පියවර ගැනීමකින් තොරව රුපියල අවප්‍රමාණය කිරීමට මා හට එකඟ විය නොහැකි බවයි. එසේ වුවද පිටු අංක 25හි අයිතම අංක 2.4හි සඳහන් පරිදි මාගේ එකඟත්වය නොමැතිව එදින ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල රු.5-රු. 10 දක්වා අගයකින් අවප්‍රමාණය කිරීමේ බලය මහ බැංකු අධිපතිවරයා වෙන මුදල් මණ්ඩලය විසින් පවරා ඇත. ඉහත රැස්වීම් සටහන් ස්ථිර කරමින් මුදල් මණ්ඩල සාමාජිකයන් පස්දෙනාම අත්සන් තබා ඇති අයුරු ඉහත රැස්වීම් සටහන් වල පිටු අංක 38හි දැක්වේ. 

ඉහත රැස්වීම් සටහන් මගින්ද තහවුරු වනුයේ රුපියල අවප්‍රමාණය කිරීමේ තීරණය මා නිසා ක්‍රියාත්මක කළ නොහැකි වූ බවට ගම්‍ය වන පරිදි ආචාර්‍ය රාණි ජයමහ මහත්මිය කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නොමග යැවීම සඳහා කරන ලද්දක් බවයි. 

මෙහිදී මා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත අවධාරණය කරනුයේ හවාලා/උන්ඩියාල් ක්‍රම යටතේ මෙරටට ලැබිය යුතු විදේශ විනිමය නීති විරෝධී ලෙස අහිමි වීම වැළැක්වීමට ප්‍රමාණවත් පියවර ගැනීමකින් තොරව රුපියල අවප්‍රමාණය කිරීමෙන් විය හැකි විනාශය දුටු මා ඉහත සඳහන් පරිදි හවාලා/උන්ඩියාල් ක්‍රම මැඩ පැවැත්වීමකින් තොරව රුපියල අවප්‍රමාණය කිරීමට එකඟ නොවූ වගයි. ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ පළපුරුද්දක් සහ මනා දැනීමක් ඇති මා එදා දුටු එම අවධානම මේ අවස්ථාව වන විට ඇමෙරිකානු ඩොලරය රුපියල් 370ක් පමණ ප්‍රමාණයක් වනසේ රුපියල අවප්‍රමාණය වීමෙන් ප්‍රත්‍යක්ෂ වී ඇත. නමුත් රටේ අවාසනාවට මුදල් මණ්ඩලයේ එවකට සිටි අන් සාමාජිකයින් එම අවධානම දුටු බවක් පෙනෙන්නට නැත. 

4. ආචාර්‍ය රාණි ජයමහ මහත්මිය විසින් සිදුකරන ලද ඉහත සඳහන් අසත්‍ය ප්‍රකාශ වලින් වැරදි 

අවබෝධයක් ලබාගෙන නොමඟ යෑම මත හෝ වෙනත් හේතුවක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී ආචායී හර්ෂ ද සිල්වා මහතා විසින් ඉන්පසුව මා හට මුදල් මණ්ඩලයේ තීරක ඡන්දය ඇති සාමාජිකයා යැයි චෝදනා කරමින් රට වර්තමානයේ වැටී ඇති ආර්ථිකය කඩා වැටීමට වගකිව යුතු පුද්ගලයා ලෙස මා වෙත පදනම් විරහිත චෝදනාවක් එල්ල කරන ලදී. එම චෝදනාව සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර බව ඉහත අංක (2) සහ (3) යටතේ දක්වා ඇති කරුණු වලින් පැහැදිලිව සනාථ වේ. 

එබැවින් මා ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මුදල් මණ්ඩලයේ ඉහත සඳහන් රැස්වීම් සටහන් ගෙන්වාගෙන මා සඳහන් කළ කරුණු වල සත්‍යතාවය පැහැදිලි කරගන්නා ලෙසයි. 

5. විවිධ සාධාරණ හේතූන් මත මා එකඟ නොවූ මුදල් මණ්ඩල තීරණ ඇති නමුත් ඒ සෑම අවස්ථාවකදීම ආචාර්‍ය රාණි ජයමහ මහත්මිය ඇතුළු අනෙකුත් සාමාජිකයින්ගේ තීරණ අනුව එම මුදල් මණ්ඩල යෝජනා සම්මත වී ඇති බව මා හට සහතික වශයෙන් ප්‍රකාශ කළ හැක. අවශ්‍ය වන්නේ නම් එකී මුදල් මණ්ඩල තීරණ ඇතුළත් සටහන් මා හට ඉදිරිපත් කළ හැක. එබැවින් මුදල් මණ්ඩල තීරණ වල තීරකයා 

මා යැයි පැවසීම ඉතාමත් අයුක්තිසහගත මෙන්ම අසත්‍ය ප්‍රකාශයකි. 

6. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී මා කවුද යන්න විමසා සිටි බැවින් මා පිළිබඳ කෙටි විස්තරයක් ඔබතුමාගේ සහ අනෙකුත් කාරක සභාසාමාජිකයින්ගේ දැන ගැනීම පිණිස මෙසේ සඳහන් කරමි. 

මා මුදල් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස 2020 ජුනි මස 29 වන දින අතිගරු ජනාධිපතිතුමාගේ නිර්දේශය මත පත්කරනු ලැබූ අතර එතැන් පටන් 2022 මාර්තු මස 21 වන දින දක්වා මුදල් මණ්ඩල රැස්වීම් වලට සහභාගී වී ඇත. එම කාලය තුළදී මුදල් මණ්ඩලයේ මා විසින් කරන ලද සේවය වෙනුවෙන් මහ බැංකුව වෙතින් හෝ වෙනත් කිසිම ආයතනයකින් කිසිදු දීමනාවක් හෝ මොනයම ආකාරයක වරප්‍රසාදයක් ලබාගෙන නැත. 

ඉහත පත්වීම සඳහා මා කිසිදු ඉල්ලීමක් කර නැත. එම පත්කිරීමට හේතු පාදක වූයේ මා විසින් දේශීය කර්මාන්තකරුවකු ලෙස දේශීය ආර්ථිකය ගොඩනැගීම උදෙසා 1993 වසරේ සිට කර ඇති කාර්‍යභාරය සහ ශ්‍රී ලංකාව වෙනත් රටවල් සමඟ අත්සන් කිරීමට යෝජිත වූ වෙළඳ සහ විස්තීර්ණ ආර්ථික ගිවිසුම් මැනවින් විශ්ලේෂණය කර අදාළ පාර්ශවයන්ට වසර 20ක් පුරා කරුණු දැක්වීම සහ ඊට අදාළ මාගේ ක්‍රියාකාරකම් වන්නට ඇතැයි සිතමි. 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරියකු වන මා එංගලන්තයේ ක්‍රාෆීල්ඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ බ්‍රැෆීල්ඩ් ව්‍යාපාර පාසලේ සහ ඇමෙරිකාවේ හාවඩ් ව්‍යාපාර පාසලේ ජාත්‍යන්තර ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ අධ්‍යයනය කර ඇති අතර හාවඩ් ව්‍යාපාර පාසලේ ආදි විද්‍යාර්ථයෙකු ද තවද ජපානය, කොරියාව, තායිවානය සහ සිංගප්පූරුව වැනි රටවලදීද ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ පාඨමාලා මා විසින් හදාරා ඇත. එයට අමතරව වසර 20ක පමණ කාලයක් පුරා ශ්‍රී ලංකාවට අදාළ වන වීපාර්ශ්වක සහ බහුපාත්වික වෙළඳ ගිවිසුම් පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ මනා දැනීමක් මා ලබාගෙන ඇත. 

ශ්‍රී ලංකාව තුළ මෙන්ම බංගලාදේශයේ සහ වියට්නාමයේ කර්මාන්තශාලා පවත්වාගෙන යන මා හට රටක ආර්ථිකය ගොඩනැගීම සඳහා කර්මාන්තකරුවන් හට ඉටුකළ හැකි කාර්‍යභාරය පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් සහ වසර 30කට ආසන්න සාර්ථක අත්දැකීම් ඇත. මාගේ එම වසර 30ක ව්‍යවසායක කාලය තුළ අපනයන මගින් විදේශ විනිමයද උපයමින්, රජයට නිසි ලෙස බදු ගෙවමින්, බැංකු පොළී සහ වාරික හිඟ නොතබා අඛණ්ඩව ගෙවමින් ශ්‍රී ලාංකිකයින් 1000කට පමණ රැකියා සපයමින් මා නීතිගරුක ව්‍යවසායකයකු ලෙස ක්‍රියා කර ඇත. 

ඉහත මුදල් මණ්ඩල සාමාජිකත්වයට පත්කිරීමට පෙර ද ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා 2009 වසරේ සිට ඇතැම් කාල වකවානු සඳහා පැවති රජයන් විසින් මා ජනාධිපති කොමිෂන් සභා කිහිපයකට සහ තනතුරු කිහිපයකට පත්කරනු ලැබූ අතර ඉන් කිහිපයක් පහත සඳහන් කර ඇත. 

කොමසාරිස් – ජනාධිපති බදු කොමිසම (2009-2010) සාමාජික – ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය (2012-2014) කමිටු සාමාජික – ඒකාබද්ධ විෂයමාලාව ක්‍රියාත්මක කිරීම, විෂයන් සහ අධ්‍යයන ක්‍රියාකාරකම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ කමිටුව, අධ්‍යාපන අමාත්‍යාංශය (2013) 

සාමාජික – කර්මාන්තකරණය සඳහා වූ ජනාධිපති කොමිසම (2018-2019) 

• සාමාජික – ශ්‍රී ලංකා රේගු නවීකරණ කොමිසම (2001) 

ඉහත පත්කිරීම් සඳහා වුවද මා විසින් කිසිදු ඉල්ලීමක් නොකරන ලද අතර එම අවස්ථාවන්හීදී මා කළ සේවය සඳහාද මොනයම ආකාරයක දීමනාවක් හෝ වරප්‍රසාදයක් ලබාගෙන නැත. ඒ මා ලැබූ නිදහස් අධ්‍යාපනය සඳහා හැකි සෑම අවස්ථාවකම රට වෙනුවෙන් ගෞරවණීය සේයක් කිරීම මාගේ ප්‍රතිපත්තිය වන නිසාය. 

7. මහ බැංකු මුදල් මණ්ඩල සාමාජිකයකු ලෙස මා කටයුතු කළ ආකාරය ඇතැම් මුදල් මණ්ඩල සාමාජිකයින් මහ බැංකුව තුළ වෙනත් කමිටු සහ අනු කමිටු සඳහාද මහ බැංකු අධිපතිවරයා විසින් පත්කර තිබුනද මා එවන් කිසිම කමිටුවක හෝ අනු කමිටුවක සාමාජිකයෙක් ලෙස පක්කර හෝ කටයුතු කර නැත. ඒ සඳහා මා කිසිදු ඉල්ලීමක්ද සිදුකර නැත. 

මා මුදල් මණ්ඩල රැස්වීම් වලට අමතරව මහ බැංකුවේ වෙනත් කිසිම කමිටුවක හෝ අනු කමිටුවක කටයුතු නොකිරීම හේතුවෙන් අනෙකුත් මුදල් මණ්ඩල සාමාජිකයන් සිව්දෙනා සමග සංසන්දනය කිරීමේදී මහ බැංකු නිලධාරීන් සමඟ වෙනත් සම්බන්ධතා කිසිවක් මා හට නොතිබිණි. එබැවින් මා වෙත ලබා දෙන ලද මණ්ඩල පත්‍රිකා වල අඩංගු කරුණු හැකි උපරිමයෙන් අධ්‍යයනය කිරීමෙන් ලබාගත් තොරතුරු මත සහ එම පත්‍රිකා මගින් ඉල්ලා ඇති මුදල් මණ්ඩල තීරණ මගින් ශ්‍රී ලාංකීය ආර්ථිකයට, පොදු ජනතාවට සහ මහ බැංකුවට සිදුවිය හැකි බලපෑම් ප්‍රායෝගික ඇසකින් බලා මා විසින් මුදල් මණ්ඩලය තුළදී අදහස්, යෝජනා සහ එකඟවීම හෝ එකඟ නොවීම අපක්ෂපාතීව ඉදිරිපත් කර ඇතෙමි, 

ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ වූයේ 1950 වසරේ අගෝස්තු 28 වන දිනදීය. ඉන් පසු දිනම මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබාගෙන ඇත. එතැන් සිට 2019 වසර අවසානය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කිට්ටු සම්බන්ධතාවයක් පවත්වමින් ඔවුන්ගේ උපදෙස් ලබමින් ක්‍රියාත්මක වී ඇත. ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය රටට වාසිදායක ලෙස පාලනය කිරීම මහ බැංකුව සතු වගකීමකි. 1950 වසරේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වූයේ රුපියල් 4.76කි. නමුත් 2012 වර්ෂයේදී එය රුපියල් 178ක් පමණ විය. එම අවුරුදු 70 තුළ රුපියල බරපතල ලෙස අවප්‍රමාණය වී තිබුණද යම් ප්‍රමාණයකින් හෝ එහි වගකීම දැරීමට හෝ ඒ සඳහා වගවීමට මහ බැකුව තුළ කිසිවෙකුත් නොමැත. එනමුත් මහ බැංකුවේ උසස් නිලධාරීන් වැඩි කොටසක් වසර 30 කින් පමණ පසු විශ්‍රාම ගන්නා තුරු මහ බැංකුවේ විවිධ අංශයන්හි සේවය කරනු ලබයි. ඕනෑම මහ බැංකු තීරණයක වගකීම මුදල් මණ්ඩලයට පැවරෙන අතර එම තීරණයට අදාළව යෝජනා ඉදිරිපත් කරන්නා වූ කිසිම උසස් මහ බැංකු නිලධාරියකු එම තීරණයට වගකීමට හෝ වගවීමට බැඳී නැත. මෙය මා මහ බැංකුව තුළ දුටු විශාල අඩුපාඩුවකි.  

එබැවින් 2020 ජූලි මස සිටම මා නොයෙක් වර මුදල් මණ්ඩල රැස්වීම් තුළත් ඉන්පසුව විද්‍යුත් තැපැල් මාර්ගයෙනුත් එවකට මහ බැංකු අධිපතිවරයා වූ මහාචාර්‍ය W.D. ලක්ෂ්මන් මහතා වෙත සහ අනෙකුත් මුදල් මණ්ඩල සාමාජිකයින්ට දැනුම් දුන් ප්‍රධානතම කරුණක් නම් මහ බැංකු උසස් නිලධාරීන්ගේ යෝජනා මත මුදල් මණ්ඩලය ගන්නා වූ තීරණ සඳහා වගකීමට සහ වගවීමට ඔවුන්ද භාජනය වියයුතු බවයි. කෙසේ වුවද මාගේ එම යෝජනා සාකච්ඡාවකට පවා බඳුන් වූයේ නැත. 

තවත් මා කළ ප්‍රධාන යෝජනාවක් නම් ශ්‍රී ලංකාවට මසකට විදේශ විනිමය ඩොලර් මිලියන 300කට වැඩි ප්‍රමාණයක් අහිමි කරවන උඩියාල්/හවලා නීතිවිරෝධී මුදල් ගනුදෙනු නතර කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළදී ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමයි. එම යෝජනාවද නිසි අයුරින් මෙතෙක් ක්‍රියාත්මක කර නැත. 

කෙසේ වුවද මා විසින් මුදල් මණ්ඩලය තුළදී මුදල් මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන්ගේ සහයෝගයද ඇතිව මහ බැංකු උසස් නිලධාරීන් වෙත නිතර කරුණු තහවුරු කරමින් 2020, 2021 වසර වලදී පහත සඳහන් තීරණ ගැනීමට සක්‍රීයව දායක වීම පිළිබඳ මට සතුටු විය හැක. 

i. පුද්ගලික අංශය සඳහා නිවාස ණය පොළී අනුපාතිකය අඩු කිරීම. ii. උකස් බඩු සඳහා පොළී අනුපාතිකය අඩු කිරීම. iii. කර්මාන්තකරුවන්ට අවශ්‍ය වන අමුද්‍රව්‍ය සඳහා ආනයන සීමා පැනවීමට උත්සාහ ගත් අවස්ථා වලදී ඉන් දේශීය කර්මාන්තයට සිදුවන වන හානිය පෙන්වාදී එය වළක්වා ගැනීම, iv. මධ්‍යම පාන්තික ජනතාව විසින් බහුලව භාවිතා කරන ක්‍රමයක් වන ක්‍රෙඩිට් කාඩ් මගින් ලබාගන්නා ණය සඳහා වන පොළී අනුපාතිකයන් අඩුකිරීම. v. කොවිච් – 19 තත්වයන් යටතේ රට වැසීගොස් තිබූ අවස්ථාවේ බැංකු පද්ධතිය සඳහා විදේශ විනිමය යොමු කිරීමට රට තුළ සිටි ශ්‍රී ලාංකිකයන් අතැති විදේශ මුදල් බැංකුගත කිරීමට හැකිවන 

න්සේ න්වාසික විදේශ මුදල් තැන්පතු සඳහා පහසුකම් සැලසීමට යෝජනා කිරීම. vi. සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය සඳහා වගකීම් දරණ මහ බැංකුවේ අදාළ දෙපාර්තමේන්තුව විසින් ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ඇතැම් ආයෝජන වලින් රුපියල් බිලියන ගණනක් පාඩු සිදුවී ඇතත් එයට මහ බැංකුවේ කිසිවකුගේ වගවීමක් නොමැති බැවින් සේවක අර්ථසාධක අරමුදල් හැකිතාක් දුරට ලැයිස්තුගත සමාගම්හි ආයෝජනය නොකර හාණ්ඩාගාර බිල්පත් වල් ආයෝජනය කිරීමට සේවක අර්ථසාධක අරමුදලේ අධ්‍යක්ෂකවරයා හට මුදල් මණ්ඩලය විසින් උපදෙස් ලබාදීම. 

8. ශ්‍රී ලංකාවට මසකට විදේශ විනිමය ඩොලර් මිලියන 300කට වැඩි ප්‍රමාණයක් අහිමි කරවන උන්ඩියාල්/හවාලා නීතිවිරෝධී මුදල් ගනුදෙනු නතර කිරීම සඳහා මා විසින් මුදල් මණ්ඩලයට සහ රජයට යොමු කරන ලද ශ්‍රී ලංකාව තුළදී ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමක් සිදු නොවිණි. එබැවින් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට මා ලංකාදීප පුවත්පතෙහි මාධ්‍යවේදී ගුණසිංහ හේරත් මහතා සමඟ කරන ලද සාකච්ඡාවකට අනුව 2021 දෙසැම්බර් 30 වන දින ‘විනිමය අර්බුදයට පිළියමයන ශීර්ෂය යටතේ ලිපියක් පළවිය. එහි මා ප්‍රධාන වශයෙන්ම ප්‍රකාශ කර ඇත්තේ රටෙහි ආර්ථිකය අගාධයට වැටුන්නේ කෙසේද යන්නත් මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකීය ජනතාව උන්ඩියාල් ක්‍රමය හරහා විදේශ විනිමය මිලදී ගැනීමෙන් වැළකිය යුතු බවත් සහ දේශපාලඥයින් සහ රජයේ නිලධාරීන් වෙත ඇඟිල්ල දිගු කරමින් මහජනතාවට වුවද රටට වංචා කිරීමට අයිතියක් නැති බවයි. 

9. එසේ වුවද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා විසින් ඉහත අංක (8) හි සඳහන් වචන 2000ක පමණ වූ ලිපියෙහි ඇති වචන 18කින් කියවුනු ඉතා කුඩා කොටසක් උපුටා ගනිමින් තදබල ලෙස මා විවේචනයට ලක් කර තිබුනද එම ලිපියෙහි ප්‍රධානම කරුණ ලෙස පෙන්වා දී ඇති උන්ඩියාල් ක්‍රමය නිසා වසරකට රටට අහිමි වී යන විදේශ විනිමය ඩොලර් බිලියන ගණනක් වෙත ඔහුගේ අවධානය යොමු කර නැත.  

තවද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා විසින් අසම්පූර්ණ සහ නිවැරදි නොවන තොරතුරු හුවා දක්වමින් මා මුදල් මණ්ඩල තීරණ වල තීරකයා යැයි පුන පුනා ප්‍රකාශ කරමින් සැබෑ තතු නොදත් මහජනතාව නොමඟ යැවීම ඉතා අසාධාරණ සහ අයුක්ති සහගත ක්‍රියාවක් බව මා ප්‍රකාශ කර සිටිමි. 

සත්‍ය කරුණ නම් ආචාර්‍ය රාණි ජයමහ මහත්මියගේ ඇතැම් මතවලට විරුද්ධ මතයක් දැරුවද මා කිසිම මුදල් මණ්ඩල තීරණයක් වළක්වා නැති බවයි. ආචාර්‍ය රාණි ජයමහ මහත්මිය කුමන මතයක් දැරුවද ඒ ඒ අවස්ථා වලදී සිටි මහ බැංකු අධිපතිවරයා විසින් ගන්නා ලද තීරණ වලට ඇය අවසානයේ එකඟ වූ බව මාගේ මතකයේ ඇත. මා විසින් තීරක චන්දයක් දෙමින් තුන්වන මුදල් මණ්ඩල සාමාජිකයා ලෙස යම් මුදල් මණ්ඩල තීරණයක් ආචාර්‍ය රාණි ජයමහ මහත්මියගේ මතයට විරුද්ධව ක්‍රියාත්මක කර ඇත්නම් ඒවාට අදාළ මුදල් මණ්ඩල රැස්වීම් සටහන් ඇය විසින් ඉදිරිපත් කළ යුතුය. 

10. ඕනෑම කෙනෙකුට යම් න්‍යායාත්මක කරුණු තමාට සුදුසු ආකාරයට විග්‍රහ කළ හැකි අතර ඒ සඳහා යම් උපකල්පන ප්‍රමාණයක් අවශ්‍ය වේ. බොහෝ විට ප්‍රායෝගික භාවිතයේදී උපකල්පනය කළ පරිදි සියල්ල සිදු නොවන බැවින් න්‍යායාත්මකව අපේක්ෂිත ප්‍රථිපල නොලැබී යයි. විද්‍යාවේදියෙකුගේ පුහුණුව සහ කර්මාන්තකරුවෙකුගේ ප්‍රායෝගික දැනීමක් ඇති මා සැමවිටම ඕනෑම න්‍යායක් ක්‍රියාත්මක කිරීමේදී එම අවස්ථාවේදී පවතින පසුබිමේ තත්වය සහ වෙනත් බාහිර බලපෑම් මගින් එම ක්‍රියාවේ ප්‍රථිඵලය අනපේක්ෂිත ලෙස වෙනස් විය හැකි බව හොඳින් දනිමි. 

එයට උදාහරණයක් ලෙස 2022 මාර්තු 07 වන දින මහ බැංකු අධිපති, සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්‍ය රාණි ජයමහ මහත්මිය යන තිදෙනා පමණක් සහභාගී වූ හදිසි මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා රුපියල පාලනයකින් තොරව පා කර හැරීමට ගත් තීරණය දැක්විය හැක. එම තීරණය මගින් ඔවුන් න්‍යායාත්මකව බලාපොරොත්තු වූයේ විශාල ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේෂණ රට තුළට ගලා එනු ඇතැයි විය හැක. එහිදී ඔවුන් බාහිර බලපෑමක් වන රට තුළ ප්‍රභලව ක්‍රියාත්මක වන නීතිවිරෝධී උන්ඩියාල් ක්‍රමයෙන් වියහැකි බලපෑම් සලකා බලා නැත. එබැවින් න්‍යය කුමක් වුවද ප්‍රායෝගිකව සිදුවී ඇත්තේ ඇමෙරිකානු ඩොලරයක මිල ශ්‍රී ලංකා රුපියල් 203 සිට රුපියල් 370 පසුකර යාමය. එසේ වුවද ඩොලරයක් රුපියල් 203ට පැවති සමයේදී ශ්‍රී ලංකාවට ලැබුණු විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේෂණ ප්‍රමාණයවත් දැන් නොලැබී යාමයි. එයට හේතුව එම තීරණයේ වාසිය නීතිවිරෝධී බාහිර බලවේගයක් වූ උන්ඩියාල් ක්‍රියාකරුවන් අත්පත් කරගෙන ඔවුන්ගේ ලාභ වැඩිකර ගැනීමයි. 

ඉහත තීරණය නිසා සැබැවින්ම සිදුවී ඇත්තේ ශ්‍රී ලාංකික ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඉන්ධන, ගෑස් සහ අනෙකුත් ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල දෙගුණ තෙගුණ වීමත් ඊට සමගාමීව ප්‍රවාහන ගාස්තු සහ අමුද්‍රව්‍ය ගාස්තු වැඩි වීම නිසා දේශීයව නිපදවන භාණ්ඩ වල මිලද ඉතා විශාල ලෙස ඉහළ යාමයි. ඒ හේතුවෙන් පොදු ජනතාව දරාගත නොහැකි ජීවන වියදමකින් බැටකන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟකමින් කෝපාවිෂ්ඨ වී සිටී. 

11. මුදල් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීම 

i. මාගේ අවබෝය පරිදි 2021 මුල් කාර්තුව අවසානය වනවිට මහ බැංකු අධිපතිතුමාට සහ මුදල් මණ්ඩලයට මහ බැංකුව නිසි ලෙස මෙහෙයවීමට අපොහොසත් තත්වයක් උදා වී තිබුණි. මහ බැංකු උසස් නිලධාරීන් ඔවුන් විසින් යෝජනා කිරීමෙන් පසු මුදල් මණ්ඩල අනුමැතිය ලබාගන්නා තීරණ සඳහා වගවීමට පවා ඉදිරිපත් නොවන ත ත්වයක් ඇතිවී තිබුණි. ඒ පිළිබඳව මා විසින් සඳහන් කළ ඇතැම් වැදගත් කරුණු රැස්වීම් සටහන් වලට ඇතුළත් නොකිරීම නිසා මා 2021 මැයි මස 22 වන දින මාගේ පළමු ඉල්ලා අස්වීමේ ලිපිය අතිගරු ජනාධිපතිතුමා වෙත යොමුකරන ලදී. එසේ වුවද එම ඉල්ලා අස්වීම ජනාධිපතිතුමන් විසින් පිළිනොගත් බව මා හට 2021 මැයි 31 වන දින දන්වා එවූ අතර මා හට නැවතත් මුදල් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ක්‍රියා කිරීමට සිදුවිය. 

i. දෙවන වරට මා මුදල් මණ්ඩලයෙන් ඉල්ලා අස් වීමට තීරණය කරන ලද්දේ මා සහභාගී නොවූ මුදල් මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් පමණක් සහභාගී වූ 2022.03.07 වන දින පැවති හදිසි මුදල් මණ්ඩල රැස්වීමකදී ශ්‍රී ලංකා රුපියල සීමාවකින් තොරව පා කර හැරීමට ගත් තීරණයට මා න්ම විරුද්ධ බැවිනි. මා එම තීරණයට විරුද්ධ වන්නේ ඒ අවස්ථාව වනවිටත් ශ්‍රී ලංකාවට මසකට විදේශ විනිමය ඩොලර් මිලියන 300කට වැඩි ප්‍රමාණයක් අහිමි කරවන උන්ඩියා/හවලා නීතිවිරෝධී මුදල් ගනුදෙනු නතර කිරීමට මහ බැංකුවට සහ රජයට නොහැකිවී තිබීම නිසා සහ එම තීරණය මගින් රුපියල ඉතා විශාල ලෙස අවප්‍රමාණය වී රටට සහ පොදු ජනතාවට නැවත හැරවිය නොහැකි පාඩුවක් සිදුවන බව මට ඉතා පැහැදිළි වූ බැවිනි. 

2022 මාර්තු 07 දින ගනු ලැබූ ඉහත තීරණයෙන් රටට වන හානිය නැවත හැරවිය නොහැකි බැවින් මා මුදල් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ අතර 2022 මාර්තු 07 වන දිනෙන් පසු 2022 මාර්තු මස 21 වන දින පැවති ඊළඟ මුදල් මණ්ඩල රැස්වීමේදීම එකී තීරණයට හේතු එම තීරණය ගත් මුදල් මණ්ඩල සාමාජිකයින් තිදෙනාගෙන් විමසන ලදී. එයට මා ලද පිළිතුර වූයේ ඔවුන්ට එය කිරීමට සිදුවූ බව පමණි. එදිනට පසු දිනම එනම් 2022 මාර්තු මස 22 වන දින අතිගරු ජනාධිපතිතුමාට යොමු කරන ලද ඉල්ලා අස්වීමේ ලිපියක් අනුව 2022 මාර්තු මස 31 වන දින සිට මා මුදල් මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ අතර එය අතිගරු ජනාධිපතිතුමා විසින් භාරගෙන ඇත. 

|T2 24දා ය., 

අවසාන වශයෙන් මා හට ප්‍රකාශ කිරීමට ඇ ත්තේ 2022.03.07 වන දින ආචාර්‍ය රාණි ජයමහ මහත්මිය ඇතුළු මුදල් මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු පමණක් සිටි මුදල් මණ්ඩල රැස්වීමකදී පාලනයකින් 

පියල පා කිරීමට ගත් තීරණය නිසා රටේ ආර්ථිකයට සහ රටේ ජනතාවට සිදුවී ඇති බරපතල හානියට වගකිව යුතු පුද්ගලයින් විසින් තම වගකීමෙන් මිදීමට පදනම් විරහිත චෝදනා කරමින් ඉතාමත් නිර්ලජ්ජිත ලෙස වෙනත් අයකු මත වරද පැටවීමට දරණ උත්සාහය ඉතා පිළිකුල් සහගත බවයි. 

තවද මෙවන් අයගේ සාවද්‍ය ප්‍රකාශ තහවුරු කරගැනීමකින් තොරව ඔවුන් විසින් පැවසූ පරිදිම පිළිගෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් විසින් නිර්දෝෂී පුද්ගලයින්ට නිර්දය ලෙස වාගේ ප්‍රහාර එල්ල කිරීමෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව කෙරෙහිද ජනතා විශ්වාසය කඩවීමට මඟ පෑදීමක් වන බවයි. 

ස්තූතියි මෙයට විශ්වාසී සමන්ත කුමාරසිංහ 

– හිටපු මුදල් මණ්ඩල සාමාජික 

පිටපත් – ගරු කථානායකතුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට 

– කාරක සභා සාමාජිකයින්, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව 

පා. ම. ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා, සභාපති, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව Page 8 of 8

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress