ආගමන හා විගමන දෙපාර්තමේන්තුව (පාස්පෝට් කාර්යාලය) පැය 24 පුරා විවෘත කර තැබිය යුතුය
Posted on June 8th, 2022

රජිත් කීර්ති තෙන්නකෝන්

සෑම දිනකම මධ්‍යම රාත්‍රී 12.00  වන විට ත් පසු දින පාස්පෝට් පෝලිමට 350 කට වැඩි පිරිසක් එක්වේ.  මෙයට අමතරව 2000 කට වැඩි පිරිසක් කලින් වෙළාව වෙන් ගනිති. සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව මෙන්ම  පාස්පෝට් කාර්යාලයේ සේවකයින්ගෙන් ද මෙලෙස අමානුෂීය ලෙස වැඩ ගැනීම ජාත්‍යන්තරව පිළිගත් කම්කරු නීති, මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. ආගමන හා විගමණ දෙපාර්තමේන්තුව අද වැඩිම ජනතාවක් සේවා ලබාගැනීමට පැමිණෙන ආයතනයකි. තරුණ ප්‍රජාවේ අවසන් බලාපොරොත්තුව බවට එය පත්ව ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලිපි යොමු කරමින් තෙන්නකෝන් මහතා පවසන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ මන්දගාමීත්වය,   පරිගණක සර්වර් එක යාවත්කාලීන නොකර, අලුත් පරිගණක පද්ධතිගත කිරීම මෙතරම් වේළාවක් ජනතාවට පෝලිම්වල රැදී සිටීමට එක් හේතුවක් වී ඇති බවයි. කටුනායක ගුවන්තොටුපලේ කවුන්ටරවල ද ඇත්තේ එවැනිම තත්වයකි. 

ඉහත සරළ ගැටළුව විසඳිය නොහැකි නම්, ආගමන විගමණ දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පහත යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.  

·        දැනට රාජ්‍ය සේවයේ නිරත ආගමන හා විගමණ දෙපාර්තමේන්තුවේ සේවා අත්දැකීම් සහිත පිරිස ඔවුන්ගේ කැමැත්ත අනුව නැවත දෙපාර්තමේන්තුව වෙත කැඳවීම. .

·        දැනට විධායක ශ්‍රේණියේ තනතුරු දරන නිලධාරින් සංඛ්‍යාව මෙන් දෙගුණයක් වැඩ ආවරණය කිරීම හෝ වෙනත් විධිමත් ක්‍රමවේදයකට දෙපාර්තමේන්තුව වෙත අනියුක්ත කිරීම.

·        අවශ්‍ය මානව සම්පත් සපයා ගැනීමෙන් පසුව, පැය 24 ක් සේවාවක් (පැය 8 සේවා මුර ක්‍රමයට) පවත්වා ගෙන යාම

·        දැනට මුද්‍රිත ගුවන් ගමන් බලපත්‍ර අවසන්වන තුරු අඛණ්ඩව මෙම සේවාව පවත්වාගෙන යාම.

·        මුද්‍රිත ගුවන් බලපත්‍ර අවසන්වීමට පෙර අලුත් මුද්‍රණයට සඳහා ඇනවුම් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීම. (එසේ නොවන්නේ නම්, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම අතහැර දමා ඇති ආකාරයටම මුද්‍රිත බලපත්‍ර අවසන් වූ පසුව, ගමන් බලපත්‍ර නිකුත් කිරීම ද අතහැර දැමීමට සිදු වනු ඇත)

සේවා මුර ක්‍රමයක් හදුන්වාදීමෙන් පසුව ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් දිනකට නිකුත් කරන පාස්පෝට් ප්‍රමාණය දෙගුණයකින් ඉහළ නැංවිය හැකිය. ඔවුන්ගෙන් බහුතරය විදේශගතවි අවම වශයෙන් තම වැටුපෙන් කොටසක් නැවත ලංකාවට එවනු ඇති අතර, රටේ ඩොලර් අවශ්‍යතාවයට යම් සහනයක් ලැබෙනු ඇත.

විදේශගතවන්නන් නිසා ඉන්ධන, ගෑස් ආදී ආනයනයන් මත පැටවෙන පීඩනය ද අඩුවනු ඇත.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැය 8 සේවා මුර ක්‍රමයක් ඇති කිරීමටත්, මහජනතාවට පැය 24 පුරා සේවා සැපයීමටත් පියවර ගන්නා ලෙසත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්කෝන් මහතා සිය ලිපිය මගින් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress