සිංහලෙන් එකක් කියා ඉංග්‍රීසියෙන් වෙන එකක් කියන “එරොෆ්ලොස්ට් ගුවන් යානා නඩුවේ නීතිය” ගැන රුසියන් තානාපති කාර්යාලය කුමක් කියයිද?
Posted on June 12th, 2022

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col)

What does the Russian embassy say about the law in the aeroflot plane case which One in Sinhala and another in English?

Что говорит российское посольство о законе в деле самолета Аэрофлота, один на сингальском, другой на английском?

රුසියන් ගුවන් යානා තහනමේදී  සිංහලෙන් එකක් කියා ඉංග්‍රීසියෙන් වෙන එකක් කියා ඇති නිසා වරද කර ඇත්තේ ෆිස්කල් නොව සතාසිවම් නඩුවේ මොල්ගහ මෙන් සංචාරක කර්මාන්තයයි.

රුසියන් ගුවන් යානා තහනමේදී  සිංහලෙන් එක නියෝගයක් ලබා දී ඉංග්‍රීසියෙන් තවත් නියෝගයක් ලබා දී ෆිස්කල් මගින් කළ ක්‍රියාව නීතිපති අභියෝග කළාද?

කොළඹ වාණිජ මහාධිකරණ chc/126/22/mr නඩුවේ 2022.06.02 නියෝග 2ක් ලබා දී ඇත. වාරණ නියෝගය සිංහලෙන් ලබා දී ඇත්තේ 1වන විත්තිකාර රුසියන් සමාගමට එරෙහිවය. (මේ නියෝගයේ පිටපතක් විත්තිකරුට යවයි)

එසේ වුවත් නඩු වාර්තාවේද වෙනම ඉංග්‍රීසි භාෂාවෙන් ඇති නියෝගයේ ගුවන් නාවික සේවා වැඩබලන ප්‍රධානී එන්.සී.අබේවර්ධන මගින් එකී නියෝගය ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇත. (මේ නියෝගයේ පිටපතක් විත්තිකරුට යවන්නේ නැත)
මේ අනුව ෆිස්කල්වරයා වරදක් කර නැත.ඔහු අධිකරණය ලබා දුන් නියෝග 2ම ක්‍රියාත්මක කර ඇත. සතාසිවම් නඩුවේ මෝල්ගහ වරද කර ඇති බව ජනතාව කීවා සේ රුසියන් ගුවන් යානා තහනමේදී වරද කර ඇත්තේ ශ්‍රී ලංකවේ සංචාරක කර්මාන්තය බව කීවොත් පුදුම විය යුතු නැත. මන්ද නීතිමය වරදක් කිසිවෙකු සිදුකර නැති හෙයිනි.

මේ ආකාරයේ
නීති අපගමනයන් කිරීමට හැකි වී ඇත්තේ සහ නීති අපගමනයන්  වන්නේ  අධිකරණ භාෂාවෙන් නීති කටයුතු සිඳුකිරීම වළක්වා අධිකරණ භාෂාව නොවන ඉංග්‍රීසි භාෂාවෙන් නීති කටයුතු සිඳු කිරීම හේතුවෙන්‍ ය. මේ වන විට අධිකරණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමද සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් වැළැක්වීමට 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් නීති පනවා ඇති හෙයින් මෙවැනි නීති අපගමයන් ඉදිරියේදී වැඩි වශයෙන් ඇති වීම සහ සිඳුකිරීම වැළැක්විය නොහැකිය.
විදේශීය සමාගම් සම්බන්ධ අධිකරණ කටයුත්තකදී වියයුත්තේ අධිකරණ භාෂාවෙන් නඩු කටයුතු සිඳුකර එකී විදේශීය සමාගම කටයුතු කරන භාෂාවෙන් පරිවර්තනය ලබා දීම වුවත් ශ්‍රී ලංකාවේ නීති ක්‍රමය තුළ එය සිඳු නොවේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියද එය ඉටුකිරීමට කථානායකවරයාට නොහැකි වූ අතර, රටේ බහුතර ජනතාව භාව්තා කරන සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණ ලබා දීමට පවා ව්‍යවස්ථාදායක බලයක් පාර්ලිමේන්තුවටනොතිබීමෙන් පෙනී යන්නෙ ව්‍යවස්ථාදායක, අධිකරණ සහ විධායක ආයතන ජනතා පරමාධිපත්‍යය නොතකන ප්‍රමාණයේ තරමය.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress