රුසියන් AEROFLOT ගුවන් යානා නඩුවේ (CHC/126/22/MR) ෆිස්කල්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කිහිප දෙනෙකු ගන්නා උත්සාහය ඉංග්‍රීසියෙන් ඇති අධිකරණ නියෝග තේරුම් නොගැනීමක්ද?
Posted on June 13th, 2022

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col)

1) Registrar is directed to convey this enjoining order to the Head of Air Navigation Services, the 2nd defendent.

2) Registrar is directed to inform the Chief Trafic Controller by telephone and serve through the Fiscal also.

ඉහත නියෝග 2 කොළඹ වාණිජ මහාධිකරණය විසින් CHC/126/22/MR නඩුවේදී එරොෆ්ලොට් රුසියන් එයර්ලයින් වෙත වාරණ නියෝගයක් නිකුත් කිරීමට අතිරේකව 2022.06.02 දින ලබා දී ඇත.


රුසියන් AEROFLOT  ගුවන් යානාව බේරුම්කරණ තීරණය ප්‍රදානය කරන තෙක් පියාසර කටයුතු කිරීම වළක්වමින් වාරණ නියෝගයක්  නිකුත් කිරීමේදී ඉහත නියෝග 2ද අතිරේකව ලබා දී ඇත.

සිංහල භාෂාවෙන් වාරණ නියෝගය ලබා දී ඇති අතර ඉහත අතිරේක නියෝග 2 ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දී ඇත.

රුසියන් AEROFLOT ගුවන් යානා තහනම් නඩුවේදී  සිංහලෙන් එක නියෝගයක් ලබා දී ඉංග්‍රීසියෙන් තවත් නියෝග කිහිපයක් ලබා දී තිබියදි ෆිස්කල් මගින් කළ ක්‍රියාව අභියෝග කිරීමේදී හෝ ඒවායේ වරද, නිවරද පරීක්ෂා කිරීමේදී අධිකරණය ලබාදුන් සියලු නියෝග කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

කොළඹ වාණිජ මහාධිකරණ CHC/126/22/MR නඩුවේ 2022.06.02 නියෝග කිහිපයක්ම ලබා දී ඇත.

එදින වාරණ නියෝගය සිංහල භාෂාවෙන් ලබා දී ඇත්තේ 1වන විත්තිකාර රුසියාව, මොස්කව් 119002, බිල්ඩ් 10, ආර්බට් ස්ට්‍රා, ඒරොෆ්ලොට් රුසියන් එයාර් ලයින්, පබ්ලික් ජොයින්ට් ස්ටොක් කම්පැනියට එරෙහිවය. (මේ වාරණ නියෝගයේ පිටපතක්, පැමිණිල්ල, දිව්රුම් පෙත්සම, ඇමිණුම් සහ අතුරු තහනම් නියෝග ඉල්ලීම පිළිබඳ දැන්වීම විත්තිකරුට යවයි.)

එසේ වුවත් නඩු වාර්තාවේ වෙනම ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ඉහත අතිරේක නියෝග විත්තිකරු වෙත අධිකරණ ෆිස්කල් මගින් යැවෙන්නේ නැත.

ගුවන් නාවික සේවා වැඩබලන ප්‍රධානී එන්.සී.අබේවර්ධන මෙම නඩුවේ 2වන විත්තිකරු වන අතර ඔහු සහ තවත් අය සම්බන්ධයෙන්  නඩු වාර්තාවේ කාර්ය සටහන් සහ විනිශ්චයාසනයේ සිට ලබා දුන් වෙනත් නියෝග සන්නිවේදනය වන්නේ නැත.

ෆිස්කල්වරයා සහ අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා අධිකරණය ලබා දෙන සියලු නියෝග ක්‍රියාත්මක කළ යුතු අතර නීතිගරුක තැනැත්තන් ඒ අධිකරණ නියෝගවලට කීකරු වෙයි.

ඒ අනුව කොළඹ වාණිජ මහාධිකරණය විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දී ඇති,

1) Registrar is directed to convey this enjoining order to the Head of Air Navigation Services, the 2nd defendent.

2) Registrar is dorected to inform the Chief Trafic Controller by telephone and serve through the Fiscal also යන නියෝගද ඒවා අධිකරණය විසින් වෙනස් කරන තෙක් වලංගු නියෝග ලෙස සැළකිය යුතුය.


මේ අනුව ෆිස්කල්වරයා සිදුකර ඇත්තේ අධිකරණ නියෝග අනුව ක්‍රියා කර වාරණ නියෝගය සහ ඒ සමග ඇති ලේඛන 1වන විත්තිකරුට ලබා දීමය. 

ඒ අනුව ෆිස්කල්වරයා වරදක් කර නැත.ඔහු අධිකරණය ලබා දුන් නියෝග සියල්ලම ක්‍රියාත්මක කර ඇත.

“සතාසිවම්” නඩුවේ මෝල්ගහ වරද කර ඇති බව ජනතාව කීවා සේ ඒරොෆ්ලොට් රුසියන් එයාර් ලයින් ගුවන් යානා තහනමේදී වරද කර ඇත්තේ ශ්‍රී ලංකාවේ “සංචාරක කර්මාන්තය” විසින්ම බව ජනතාව කීවොත් පුදුම විය යුතු නැත. මන්ද ඒරොෆ්ලොට් රුසියන් එයාර් ලයින් නඩුවේදී
නීතිමය වරදක් කිසිවෙකු විසින් හෝ සිඳුකර නැති හෙයිනි.

මෙම නඩුවේ නඩු වාර්තාව පරිශීලනය කිරීමේදී මේ කරුණු අනාවරණය වුවද, ෆිස්කල්වරයා වැරදි ලෙස ක්‍රියා කර ඇති බවට තොරතුරු සමාජයට ගලායාම සහ මාධ්‍ය මගින් යථාතත්ත්වය ජනතාවට සන්නිවේදනය නොවී ඇත්තේ සහ නීති අපගමනයන්  වන්නේ  අධිකරණ භාෂාවෙන් නීති කටයුතු සිඳුකිරීම වළක්වා තිබීම සහ අධිකරණ භාෂාව නොවන ඉංග්‍රීසි භාෂාවෙන් අධිකරණ නීති කටයුතු සිඳු කිරීම හේතුවෙන්‍ බවට පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වේ.

මේ වන විට අධිකරණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමද සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් වළක්වා ඇති අතර, 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් අධිකරණය භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමට එරෙහිව නීති පනවා ඇති හෙයින් මෙවැනි නීති අපගමයන්, යුක්ති අපගමනයන් ඉදිරියේදී වැඩි වශයෙන් ඇති වීම සහ සිඳුකිරීම වැළැක්විය නොහැකිය.

විදේශීය සමාගම් සම්බන්ධ අධිකරණ කටයුත්තකදී වියයුත්තේ අධිකරණ භාෂාවෙන් නඩු කටයුතු සිඳුකර එකී විදේශීය සමාගම කටයුතු කරන භාෂාවෙන් පරිවර්තන ලබා දීම සහ අධිකරණ නියෝග සියල්ලම සන්නිවේදනය කිරීම වුවත් ශ්‍රී ලංකාවේ නීති ක්‍රමය තුළ එය සිඳු නොවේ.

ඒ බව කොළඹ වාණිජ මහාධිකරණ CHC/126/22/MR නඩු වාර්තාව අධ්‍යයනය කිරීමේදී පෙනී යයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් පාර්ලිමේන්තු සභාගැබේදී ඉල්ලා සිටියද එය ඉටුකිරීමට කථානායකවරයාට නොහැකි වූ අතර, රටේ බහුතර ජනතාව භාව්තා කරන සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ලබා දීමට තරම්වත් ව්‍යවස්ථාදායක බලයක් පාර්ලිමේන්තුවටනොතිබීමෙන් පෙනී යන්නෙ ව්‍යවස්ථාදායක, අධිකරණ සහ විධායක ආයතන ජනතා පරමාධිපත්‍යය නොතකන ප්‍රමාණයේ තරමය.

මෙවැනි තත්ත්වයක් තුළ කොළඹ වාණිජ මහාධිකරණ නියෝග අනුව ක්‍රියා කළ ෆිස්කල්වරයාට අයුක්තියක්, අසාධාරණයක්  සිඳුවීම පිළිබඳ තැකීමක් කළ යුතුද? නැද්ද? එය සමාජ ප්‍රශ්නයකි. නීතියේ පාලනය පිළිබඳ ප්‍රශ්නයකි. යුක්තියට ඇති සම ප්‍රවේශයේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයකි.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394) (2022.06.12)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress