අපට කල නොහැක්කේ මොනවාද?
Posted on June 14th, 2022

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ස්ථානය රාගම ශික්ෂණ රෝහල් වැඩබිමයි. ඒ වනවිට රෝහල ඉදිවෙමින් පැවතිණි.බිම් මහල ඇතුළුව මහල් 4ක කොන්ක්‍රීට් වැඩ නිමවා තිබුණි. තවද එක කණුවක් නියමිත ස්ථානයට වඩා අඩියක පරතෙරකින් පිහිටීමේ වරදක් අප අතින් සිදුව තිබුණි. මේ වරද මම එතරම් ප්‍රභල වරදක් ලෙස නොසැලකුවත් එය ව්‍යාපෘති කළමනාකාර මහතාට දැක ගැනීමට ලැබුනේ, 4 වෙනි මහලත් සම්පුර්ණ වූ පසුවය. මෙය දුටු ඔහු මහත් ව්‍යාකුල තත්වයකට පත්ව මා වෙතට පැමිණ ඒ සම්බන්ධව ඔහු තුල ඇති නොසතුට මට පැවසුහ.
“චන්දරේ, මම කොහොමද මේක දන්නේ නැහැ වගේ ඉන්නේ?” දැන් මට මේක ලොකු හිසරදයක් නිර්මාණය කරලයි තියෙන්නේ, යයි මහත් සැලෙන හඬකින් පැවසුහ.

ඒ වනවිට මේ අද අප ගතකරන ආකාරයේම නිවාඩුවක් ලංව තිබුණි.
“එහෙම නම් මිස්ටර් …………..අපි මේ සිකුරාදා වැඩ ඉවර වුනාට පස්සේ සදුදත් නිවාඩු දීලා දවස් 4ක් වැඩබිම වහන්න මම ඔය කණුව අවශ්‍ය තැනට අරගෙන තියන්නම්.”

ඔහු පුදුමයෙන් මෙන් “ඔයාට සුවර්ද ඔය වැඩේ කරන්න පුළුවන් කියලා?”

“ඔව් මම ඕක කරන්නම් අපිට දවස් 4කම තියෙනවානේ “යයි මම පැවසුවෙමි.

සියල්ලන්ටම හොරෙන් මේ අපි කරන්න යන්නේ කිසිවෙක්වත් අත නොගසන ආකාරයේ,කටයුත්තකි.වැඩබිම් කළමනාකාරතුමා, මා මිට පෙර වැඩකර ඇති ආකාරය ඉතා හොදින් දන්නෙකු වූ බැවින්, මා කෙරෙහි තබාගෙන සිටි අසීමිත විශ්වාසය නිසා මට එම කාර්ය කිරීමට අවස්තාව හිමිවිය.
තට්ටු 4ක් දක්වා ඉහලට ගමන් කොට තිබු කණුව නිවැරදි තැනට ස්ථානගත කිරීම සිකුරාදා හවස 6අට පමණ ආරම්භ කොට සෙනසුරාදා උදෑසන වනවිට නිම කිරීමට මා ඇතුළු කණ්ඩායමට හැකිවිය.එවැන්නක් සිදුකල බවට කිසිවෙකුටත් තේරුම් ගත නොහැකිවන සේ සියලුම දේ ඉතා සුක්ෂම නිම කළෙමු. දින හතරකදී නිමකිරීමට සැලසුම් කල කටයුත්ත. පය 12කින් නිම කිරීමට හැකිවීම සම්බන්ධව ඊට සහභාගිවී මා සැලසුම කල ආකාරයටම සියල්ලක්ම කල කණ්ඩායමට වැඩිපුර දීමනා ලබාදී ඔවුන් විසින් සිදුකල කාර්ය භාරය අපි ඉහලින්ම ඇගයීමකට ලක් කළෙමු. අපට කල නොහැක්කක් නැත අවශ්‍ය නම් පොළොවේ සිට අඩි 150ක ඉහලකට ජලය ස්වභාවික ක්‍රමයකට ගෙන ගොස්,එහි සිට සිට අඛණ්ඩව ගලා හැලෙන දිය දහරාවක් නිර්මාණය කර ජල විදුලිය නිපදවීමේ මධ්‍යස්ථානයක් වුවද ගොඩනංවන එක එතරම් අසීරු කටයුත්තක් නොවන බව අපි දන්නෙමු. නමුත්. ඒ සඳහා අවශ්‍ය වන්නේ, අපව විශ්වාස කරන අයගේ සහය පමණි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress