කර්මාන්ත අමාත්‍ය (රමේෂ් පතිරන) සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය…..
Posted on June 18th, 2022

තුශාර ගමගේ මුහුණ පොතින්

1987 වසරේ එවකට මම හත වසර ශිෂ්‍යයකු ලෙස මහමෝදර කරාපිටිය පාරේ ගල්වඩුගොඩ හන්දියේ jayalath අයියාගේ රේස්බුකියට සහ ලොකු අම්මාගේ සිල්ලර කඩයට පාසල ඇරී හවස් ජාමෙට යන්නේ ලොකු අම්මාට සුලු සුලු උදව් කිරීම සඳහාය. හවසට කඩේ වසා ලොකු අම්මා සමග ගෙදර ඒම මගේ සාමාන්‍ය පුරුද්දයි.

ගාල්ලේ මහින්දයට මා පාසල් යන්නේ ලොකු අම්මලාගේ ගෙදර නැවතී සිටයි. ලොකු අම්මාගේ කඩය ඉදිරියේ ඇති ඉස්කෝලේ මාමාගේ සහ නැන්දාගේ ගෙදරට සතියට දෙතුන් වරක් හවස් ජාමයේ 07 ශ්‍රී හෝ 15 ශ්‍රී පර්ජෝ වර්ගයේ කාරයකින් සුද සරම බැනිය අදින කොන්ඩය පැත්තට පීරාගත් ඒ එන පුද්ගලයා අපේ කඩයේ සිටින අය සමගද පාරේ යන සියලු දෙනා සමගද සුහද පිලිසදරේ යෙදීම මගේ ඇසට නිතරම සුලබ දසුනකි.

ඔහු කවුද?යි ලොකු අම්මාගෙන් මම අසන්නේ මම ඔහුට ප්‍රිය කල බැවිනි. එවකට ඔහුට (රිචා)යනුවෙන් නමක් පටබැදී තිබුණි. රිචර්ඩ් පතිරන ගැන මාගේ බැදීමේ අතීතය එයයි.

අද මම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකරණයේ සේවය කරන අතර එදා මා ප්‍රියකල ගාල්ලේ නායකයාගේ පුතා කර්මාන්ත අමාත්‍යවරයාය. ඔහු ඊයේ ජනපතිවරයා සමග කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රවර්ධනය උදෙසා ජනපති මැදුරේ පැවැති රැස්වීමේදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිසා අපනයන කටයුතු නිසි පරිදි කිරීමට නොහැකි බවත් එය අවශ්‍ය නොවන ආයතනයක් බවත් ප්‍රකාශ කිරීම මම ඔහුට එරෙහිව අවි ඔසවීමට හේතුවූ කාරණාවය.(ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කාර්‍යභාරය අගය එකතුකල මැණික් අපනයනය පමනක් නොවන බවද මතක් කරමි)

ලංකාවට අංක එකේ ඩොලර් ගෙනෙන ව්‍යාපාරයක් ලෙස මැණික් අපනයනයට ඇත්තේ පට්ට අතීතයකි.අප අකමැත්තෙන් උවත් පිලිගත යුතු සත්‍යයක් වන්නේ මෙහි සම්පූර්ණ ඒකාධිකාරය ලංකාවේ මුස්ලිම් ප්‍රජාව සතු බවය. ඔවුන් කිසි කලෙක කිසිලෙසකවත් මේ වෙලදාමේදී සාධාරණ වී නොමැත. මෙය පිරික්සීමට අවැසිනම් ඇමතිවරයාට ආයතනයට පරීක්ශාවකට ඇරයුම් කරමි. නිමි ඇදුම් මෙන් ස්වයං නියාමනයකට මෙය පත් කලහොත් වසර පහක් දහයකදී සිංහල බෞද්ධ බහුතරය උන්ගේ පයට පෑගෙනු ඇත. (හේතු පැහැදීමට සාකච්ඡාවක් ලබා දෙනු මැනවි)

ඇමතිවරු පත්වන සෑම අවස්ථාවකම මෙම ඊනියා මුස්ලිම් ප්‍රජාව ඇමතිවරයා රැවටීමට උත්සාහ කරනු ලබයි.කෙටිකලකින් ඔවුන්ගේ මේ මාෆියාව හදුනා ගන්නා ඇමතිවරයා ඔවුන්ට අවැසිලෙස ක්‍රියා නොකරනු ඇත. ඔබතුමා අද පත්වී ඇත්තේ මේ අවස්ථාවට බව සිතමි.

කරවටක් මඩෙහි එරී ඩොලර් හිගයෙන් බෙහෙත් නොමැතිව දූපතේ ජනතාව මරණය පෙනි පෙනී ජීවත් උවද නියාමනයක් නොකළහොත් උන් මෙරටට ගෙනෙන ඩොලරයක් නැත. අදටත් ඔවුන්ගේ සේප්පු වල තාවකාලිකව රටේ අර්බුද විසඳීමට ඩොලර් ඇත. නමුත් එක ඩොලරයක් ඔවුන් එලියට අදින්නේද නැත. ඕනෑම දෙයකට නියාමනයක් අනවශ්‍ය නම් ඩොලර් අවශ්‍ය තරම් ජනතාව මත තබා ගැනීමට මහ බැංකු අධිපතිවරයා අවසර නොදුන්නේ ඇයි?

උන් අඩුමුදලට මැණික් තක්සේරු කර අපනයනය කර එයට සමපාතව ඩොලර් මේ රටට පැමින ඇත්දැයි පසුගිය මාස හයට අදාලව සොයා බලන ලෙස ඇමතිවරයාට අභියෝග කරමි. උන්ගේ ආයෝජන ඩුබායි,බැංකොක් වලය. නිසි නියාමනයකින් සහ තක්සේරුවකින් තොරව අපනයනයට අවසර ලබා දීමෙන් අනාගතයේ ඔවුන් මේ රටේ ගෙල සිරකරන බව කැට තියා කියමි.

ඇමතිතුමනි,

නිසි තක්සේරුවක් සහිතව මේ සම්පත අපනයනය කර එයට අදාල මුදල අඩුම දින 90 කින්වත් ගිණුමට ගෙන්වා ගෙන පෙන්වන ලෙසත් නොඑසේනම් ඊලග අපනයනය කොම්පුටරයෙන්ම ක්‍රියා විරහිතවන ක්‍රමයක් සලකා බලන ලෙසද යෝජනා කරමි.හොරපාරෙන් අපනයනයේදී මේවාට රක්ෂනයක් නොලැබෙන බැවින් ඔවුන් ඒවාට ලොකු අවධානයක් නොයොදන බව මගේ හැගීමයි.

එවිට උන්ට ලංකාවට අනිවාර්යයෙන්ම ඩොලර් ගෙනාආ යුතුමය. වෙන රටකට ගොස් මේ වෙලදාම උන්ට කල නොහැක. එලෙස හැකියාවක් ඇත්නම් ඔය කිසිවෙකු මෙරට අදත් රැදෙන්නේ නැත.

අවසන මෙසේ කියමි, 09/05/2022 දින නීතියක් නොමැති වූ බැවින් ඔබතුමාගේ පියා සාදන ලද ගේ දොර සියල්ල ඔබට අහිමිවන්නේ කිසියම් කල්ලියක ස්වයං නියාමනයකින්‍ ය.

(මට තේරෙන සිංහලෙන්)

තුශාර ගමගේ…..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress