හීනෙන් දුටු ගොල්ෆ් පේස් පිට්ටනිය -පළමුවෙනි කොටස
Posted on June 21st, 2022

දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට

හීනය

අම්මා ලඟට ඇවිත් කිවේ හෙට අපි ගොල්ෆ් පේස් පිට්ටනියට යමු පුතේ කියලාය ගමේ අනිත් කට්ටියත් යනවා, අපි එතනට ගිහින් විනෝද වෙමු එතනට ගොඩක් කට්ටිය එනවා සැණකෙළියක් වගේ. ඉතින් ඒ ගැන අහනකොටත් ඇඟ කිලිපොලා යාමක් හා දැඩි සීතලක්ද දැනුණා.

Pic by Nisal Baduge Daily Mirror

ඔන්න ඉතින් හිනෙන්නම් ගමේ කට්ටියක් එක්ක එතනට ගිහින් බලනකොට ඒ පිට්ටනිය එදා තිබු අසිරිය නැහැනේ නිදහස බුක්තිවින්ද ඒ තැන අද කළු කොඩි වටලාගෙන අමුතු අමුතු සටන් පාඨ කියමින් ඉන්න අපිට කලින් එතනට ගිය පිරිසක් ඉන්නවා, ඒ පිරිස විටික අඬමින්,කෑකෝ ගසමින් , විරිත්තමින් මොනවදෝ කියනවා, මිනීමරුවා, නාකියා , ”ගෝ ගෝ ” ,මයිනා , ”කපුටු කාක් කාක්” , කියන නංගිලා මල්ලිලා ,බාල මහළු වැඩිහිටියන්ද එතැන ඉන්නවා, ඉතින් ඒ අතර බලනකොට ‘ අපි ඉන්නකන් මේ කට්ටියට ගහන්න දෙන්නේ නැත කියන විදිහට ‘ කන්‍යා සොහොයුරියන් රෑනක් තවත් පැත්තකින් නිදිමරාගෙන, ඔලුවේ අත තියාගෙන,අත ගුලි කරගෙන උඩබලාගෙන මොනවදෝ මුමුනමින් ඉන්නවා, පස්ස හැරිලා බලපුවම , එතන හාමුදුරුවන් පිරිසකුත් ඉන්නවා, ඉතින් මේ මොකද වෙන්නේ කියලා හිතා ගන්නවත් බැහැ , මේකනම් අම්මා කියපු අර සුන්දර ගොල්ෆ් පේස් පිට්ටනියට වෙන්න බැහැ , ආයමත් හැරෙනකොට හදිස්සියේම දැක්කේ මුහුණ පුරා රැවුල් වවාගත් ඉටි පන්දමක් අතින් ගත්ත සහෝදර පිරිසක් කෑ ගහනවා ‘ ලේසර් ආලෝකය එහා මෙහා යනවා , පරණ පාර්ලිමේන්තුව එක එක පාටින් පේනේවා ‘ ප්‍රංශයේ අර ” වැඩේ ” කරණ එක අඟවන විදියට මැදගිල්ල බිත්ති පුරා වර්ණවත් වෙලා තියෙනවා. ඇත්ටම එතන රාත්‍රී සමාජ ශාලාවක් වගේ ‘නංගිලා මල්ලිලා උඩ පනිනවා ” ගෝ………ඇටේ….. ඥා… නා…ක් කාගේ….ටේ ” කියනවා , කාන්තා විලි වසාගන්න ඇඳුම් එල්ලලා තියෙනවා , උඩ විසික් කරනවා, මේක හීනයක්ම වෙන්න ඕනේ , ”අම්මගෙන් ඇසුවේ අම්ම්මේ මේ ගොල්ෆ් පේස් පිට්ටනිය ද කියලා , නමුත් අම්මා සද්දයක් නැහැ එතන හිටියෙත් නැහැ, ලඟම හිටිය පොඩි හාමුදුරුවන් කෙනෙකුගෙන් ඇසුවේ ‘ අපේ හාමුදුරුවනේ මේ අපි කොහේද ඉන්නේ ඔබවහන්සේලාට මේවා කැප නැහැනේද නිකන්ම සතර අපා වැටෙනවා නේද කියල?. හාමුදුරුවන්ගේ මුහුණ රතුවිය, කිපෙන හාමුදුරු කෙනෙක් මෙතන ඉන්නේ කියා මම හිමින් සීරුවේ පිට්ටනියේ අනිත් පැත්තට ගියේය, මෙන්න ප්‍රවෘත්ති ”පාස්කු ප්‍රහාරය සිදුකල සියලන්ටම සමාව දී ඇති අතර අපිව හිඟ මනෙට දැම්ම සිංහල බෞද්ධ යන්ගෙන් පළිගැනීමට අපි තීරණය කර ඇත්තෙමු අපි මේකට ජිනීවා හරි යනවා”, ඇඳෙන් නැගිටීම තරම් බයක් දනුනුන අතර, මේ පිට්ටනියෙන් පිටතට වේගයෙන් දිව ගියෙමි. නමුත් පය ලිස්සා ඒ තුලටම ඇද වැටුනේය, ළඟ හිටි කාන්තිමත් නමුත් මුහුණ ටිකක් භයානක කාන්ත ලාල් හා ගුණරත්නම් කුමාර අපි හොඳින් දන්නා අයියලා දෙන්නෙක් කෙනෙක් මාව හරවලා බලලා කිවේ ‘මල්ලි ඔය බය වෙන්න එපා අපි ගහන්නේ හොරුන්ට විතරයි. මේ ඔක්කමගේ රට අපි නායකයන් වූ වහාම මේ ‘මයිනා හා උගේ මල්ලි එළවලා දාලා අපි රට හදනවා. එත් එක්කම ඉබ්‍රාහීම් මාමා වගේ කෙනෙක් ළඟ හිටිය හින්ඳ මම ඔලුව වනා තුෂ්ණීම්භූතව නිශ්ශබ්ද වුයේ තමන්ගේම පුතාලව ‘ බෝම්බ පිපරවීමට හොටෙල් බූකින් කරණ කෙනෙක් කෝ වගේ දරුණු ඇතිද කියාය. හීනෙන් නැගිටීමට වාර ගණනාවක් උත්සහා කලත් එකම මගේ හීනෙ වුනයේය.මේ අමුනුශ්‍යා දුටු මා හට දාඩිය දැම්මත් හීනෙන් නැගිටීමට වාර ගණනාවක් උත්සහා කලත් කරුමෙකට එකම මගේ හීනේම වුනයේය.

ශාන්ත පෙනුමක් තිබිච්ච් නිසොල්මනේ තීක්ෂණ බුද්ධියකින් බලා ඉන්න පුජක තුමෙකු දැක ඇයි මේ ළමයි අර ”හෙබ්‍රෙව් මණ්ඩපයක්” ලෙස හදලා තියෙන කූඩාරම්” හැමතැනම මේ පිට්ටනියේ තියෙනවා ඔබ දන්නවද ඔබ කුඩා කාලයේදී අපි මෙතනට ඇවිල්ල නිදහසේ හිටියා සරුංගල් ඇරියා සෙල්ලම් කලා නමුත් දැන් මේ ලමයි රටකට ඇතුල්වුණ ආගන්තුකයින් වගේ මුළු මහත් සමාජයෙන්ම වෙන්වෙලා අර ඉබාගාතේ යාමේදී දෙවියන් වහන්සේ ඔවුන් සමඟ කඳවුරු බැඳගෙන සිටින කියන මතකය යලිත් මතක් කර දීමක් වගේ හා ඔවුන් යන තැන දෙවියන් වහන්සේ ය. ඔවුන් ගිය තැන දෙවියන් ගියා වගේ හැගීමක් මේ කුඩාරම් තුල ඉන්න ළමයින්ට ඇතිවෙලවත්ද මේ උදේ දවල් ගිණි කාෂ්ඨක අවුවේ සිට්ටින්නේ ?,ශුද්ධ ලියවිල්ල තිබෙන මැද පෙරදිග සංස්කෘතියේ ගෝත්‍රික ප්‍රධානියාගේ ආරක්ෂිත සහ නවාතැන් භූමිකාවත් ද මේ සිදුකරන්නේ. ”ෆාදර් දන්නවනේ ” සාමාන්‍යයෙන් කූඩාරම් සෑදීම යන්නෙන් අදහස් කරන්නේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ දේවසේවය සඳහා තමාව හෝ තමාව කැප කරන අතරේ, පල්ලියේ වැඩ සඳහා සුළු හෝ වැටුපක් නොලබන, නමුත් ආධාර සැපයීම සඳහා වෙනත් (කූඩාරම් සෑදීම”) රැකියා කරන ඕනෑම කිතුනුවකුගේ ක්‍රියාකාරකම් කියා. ”ෆාදර් දන්නවනේ ” අර බයිබලයෙත් පවසන්නේ ජබල් කූඩාරම් වල වාසය කරන්නන්ගේ පියා” (උත්පත්ති 4:20). කුලදෙටුවන් වූ ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් වැඩිපුරම ජීවත් වූයේ කූඩාරම්වල කියා. ”ෆාදර් ට මතකද? අර පොරන්දුවේ භුමියේ බුමිකාව මට වඩා, ”ෆාදර් ” මාදේශ බැලුවේවත් නැහැ, ගණන් ගත්තෙත් නැහැ” පාස්කු පාස්කු කිය කියා මන්ත්‍රයක් ජපකරමින් සිටියේය.

ළඟ තිබුණු ජංගම දුරකථන සියල්ලේ විදුලි ආලෝකය පත්තු කරන්න ” මණ්ඩපයක් සාදා ගෙන ”මයික්” එකක් අතින් ගත් සහෝදරයෙක් ”ඕය ෆෝන් එකේ ලයිට් එක ගහන්න ඔක්කොම කිවේය” මමද ජංගම දුරකථනයේ අතට ගත්තේය නමුත් අවාසනාවකට පරණ දුරකථනයක් වූ ඒ පෝන් එකේ බැටරියේ විදුලි බලය අඩුවී තිබු නිසාත් ආර්ථික දුෂ්කරථා නිසා මට ඒ මල්ලිට ”සපෝර්ට් එකක්” දෙන්න බැරිවිය, නමුත ”අයි ෆෝන් ” උයි ෆෝන් අර ෆෝන් මේ ෆෝන් සියල්ලේම අලෝකය පත්තු වුනි කොතරම් ආර්ථික දුෂ්කරථා තිබුනත් මේ වගේ ගණන් ෆෝන් ඇමෙරිකාවෙත් නැති බව හැඟීමෙන් හා මට නැතත් අල්ලපු ගෙදර කෙනා ගාව හරි තියෙන නිසා අපේ රටේ දේශපාලකයන්ගේ ආර්ථික විශේෂඥ භාවය ගැන හරි ආඩම්බරයක් ඇතිවුනි.

ශාන්ත අයියා, නළු නිළි , රැට්ටා, පැඩ්ඩා ඔක්කම එතන හිටියා . මාලිගාව වටකරමු, ඊළඟට යන්නේ නෙල්ලි ගල, කැලණියේ, පන්සල් වල වැඩ කරන හමුදාව ඉවත් කරමු, හාමුදුරු වරුන්ට දානේ දෙන්න එපා අර සවේන්ද්‍ර ගේ රුපෙට ගිහිල්ලා රබර් වෙඩිල්ලක් තියෙන්න හදලා තියෙන චිත්‍රයක් තියෙනවා ,හොරු අල්ලමු , හාමුදුරුවරුන් වහන්සේලා හට නැවත බණ කියන්න තියන්නේ නැහැ කියලා හක්ක කැඩෙන්න ගහන සහෝදරයන්,

එල් ටි ටි යේ ගුරුවරු වන පුජකයන්ද එතන සිටියේය, ඇඟට සිවුර දාගෙන ඔලුවට මුස්ලිම් තොප්පිය එක අතකින් ත්‍රි සුලය අනිත් අතින් කුරුසය ගත් නව පන්නයේ නීති විරෝධී නාඩගම් කාරයෝ, අපේ ගමේ බුදු පිළිම මුස්ලිම් සහෝදරයෝ කැඩුවත් කිසිම මුස්ලිම් සහෝදරයෙක්ට අතක් තියන්නේ නැහැ කියලා පොරෝදුවෙමු කියලා උස් හඬින් කැ මොර දෙන තවත් දේශ ද්‍රෝහී, ආගම් වාදී පිරිසක් මේ පිට්ටනියේම අනිත් පැත්තේ ඉන්නවා බලන්නකෝ කියා හිනෙන්ම මතුවූ ආ තවත් ජනමාධ්‍ය වේදියෙක් කිවේය ඒ පැත්තට දිවගියේ මේ මොකුන්ද කියා බැලීමටයි නමුත් ඒවෙනකොට ඇසුණු ප්‍රවෘත්තියක් නිසා මම එතරම් කලබල නොවිණි ඒ ඇයි කිවොත් ” මහානායකවරු කිවේ මේ මොවුන් කරන්නේ සාමකාමී උත්ගොෂණයක්” කියාය. ඒ බණට මම හිතුවේ ශ්‍රී දන්ථ දාතුන් වහන්සේට පවා අරවා මේවා කියන ලප මුහුණන්ගේ හෙන්චයියලා එතරම් බයානක නොවන බවය. නැතහොත් ඒ බණට හිලෑ වුන යක්කු වෙන්නැති කියාය. නමුත් සැකෙට නමෝ බුද්ධාය කියමින් වට පිට බැලුවේය මාර දිව්‍ය පුත්‍ර සේනාව ඒ ලඟම ඉන්න බව තේරුම් ගියෙමි.

හදිස්සියේම දුටුවේ ළඟ හිටිය පිරිමි ගැහැණු සියල්ලම කූඩාරමකට ඇතුල් වෙන බවය රැ දවල් දෙක ඒ හීනේ තුල පැටලී තිබුණි ” තෝ ගෙදර පල ” කියා කැබ් රියේ පිටුපස ගසාගත් ”රෝලෙක්ස් ” මාදිලියේ අත් ඔරලෝසු බැඳගත්” චන්ඩි අයියා කෙනෙක් හා එයාගේ චන්ඩි නෝනත් කොටි ගානක් වටිනා ඩබල් කැබ් එකෙන් බැස්සේ ” බුරියානි,වතුර බෝතල් ඇතුළු අනිකුත් සියල්ලම රැගෙනය එදා ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් යමෙකුට තම කුඩාරම් වලට ඇතුල් වීමට ඉඩ දීම සංකේතවත් කළේ ආගන්තුක සත්කාරයේ සහ සමහර විට රැකවරණයේ සාමාන්‍ය දිගුවක් වශයෙන්ය. මගේ උගුර කට තොල් වේලි තිබුන නිසා වතුර පොදක් දෙන්න කිවේය නමුත් එතනම මතුවුන එතනම අන්ත්‍රස්‌ දානවෙන සහෝදරයෙක් කිවේ ඔය හිටගෙන ඉන්න ”අන්තරය” අතර තියෙන විලේ පොහොට්ටු පිපිලා තියෙනවා වතුර ඔතන තියෙනවා උඹ ඕකෙන් බීපන් නැත්නම් මෙතනින් පලයන් කියාය. ඒහෙම කියන විටම ඒ ඇතින් හිටිය ඕනෑම දෙයක් අන්ත්‍රස්‌දාන කරන්න පුළුවන් කට්ටියක් සිටින බව මට වඩා උඩින් පාවෙමින් සිටි දෙවි කෙනක් දෝ කොහේදෝ කිවේ ” මල්ලි පණට ආදරයක් තියෙනවනම් ගොල්ෆ් පේස් පිට්ටනියට ඔයා අවේ නිදහසේ ඉන්නනෙ නමුත් දැන් හොඳම වැඩේ ඔය කුඩාරමක් ඇතුලට රිංගන එකයි කියාය. බියෙන් තැති ගත් මාහට තවත් දාඩිය දැමුවේය. උගුර කට වේලෙන්න ඇවිත් හුස්ම හිර වෙනවගේ දනුනේය. නමුත් සිත ශක්තිමත් කර ගත් මා මුණ රැලි වැටුන උෂණ කෝෂය බිමට ගැවෙනකම් කැගහන තරුණයන් දෙසට ගොස් ඇසුවේ අනේ සහෝදරයා මට ඔකට්ටිය ගැන හරිම කනගාටුයි මොනවා ලැබුනත් අම්මගේ කෑම වේල තරම් මොන කැමවත් රසවත් නැහැ.

දැන් අපිට කන්න බොන්නවත් නැහැ ඔකට්ටිය හරියට දුක් විදින්නේ ජෝන්ද බැප්ටිස්ට් විසින් බව්තීස්ම වීමෙන් පසු, ජුදා කාන්තාරයේ දින 40 ක් සහ රාත්‍රී නිරාහාරව සිටීමෙන් පසු යේසුස් වහන්සේව යක්ෂයා විසින් පරීක්ෂාවට ලක් කරනවා වගේ දැනට දවස් 30 කට වඩා යනකන් ඔක්කටියට ඇහැහුකම් දුන්නේ නැහැ කව්රුත්. ඒවගේ මේ රටේ පාලකයෝ තව දින ගනනාවක් ඔක්කටියව මොනවාද මේ කරන්න යන්නේ කියලා ‘චෙක් ‘ කරයි වගේ කියාය. තාරුණ්‍ය දියාරු වෙනකම් කැගැහු සහෝදරයෙක් කිවේ. අසල සිටි බවුන් වඩනවාගෙ වගේ සිටි අන්තරේ හාමුදුරුවෝ කෙනෙක් කිවේ උන් අපේ සාමකාමී උත්ගොෂණ කරුවෙකුට වෙඩි තිබ්බා අපි ඇට මස් ලේ නහර සිදෙන තුරු නැගිට්ටිනේ නැහැ කියලාය. හිනේන්ම දැක්ක හාමුදුරුවෝ එහෙම කියද්දී අසල සිටි කෙනෙකු ප්‍රවෘත්ති බලනවා දුටුවේය නිකමට වගේ අපේ සිත් ඇදී ගිය චරිත ටිකක් එහි තිබ්බේය. ” සාමකාමී උත්ගොෂණයට පහර දීම අපි හෙලා දකිනවා. ඉතින් රාත්‍රී සමාජ ශාලාවක් වගේ තිබ්බ පිටනිය වටේ මම හිතින් මම ගියේ අම්මා කියූ නිසා නේද නැත්නම් අර පිරිමි ළමයින් කියන විධිහට පොඩි ජොලියක් එතන තියෙන නිසාදෝ කියලා පැටලිලි සහගත හැගීමක් ආවා. ඉරු සඳු වේගයෙන් කැරකුණ අතර දවස් දෙකක් තුනක් ගියේයය.

Thugs Attack Peaceful Protesters, GotaGoGama Destroyed pic by Grounds Views

හිටි අඩියේම ”මයිනා ගෝ හෝම් කියන පිරිසට” මහින්ද ඩෝන්ට් ගෝ හෝම් පිරිසක් අතින් පයින් ගහන්න පටන්න ගත්තේය. මේ හීනයක්ද නැත්නම් ත්‍රයි ලෝක විජය පත්‍ර ඔතා බොන කොල්ලන්ට පේන හීනයක්ද දවල් හීනයක්ද කියා මට නොතේරුනි. නමුත් අර නිසොල්මනේ සැම දෙයක්ම බලා සිටි පුජක තුමන්ලා වැඩි පිරිසක් හිමින් සීරුවේ මාරුවෙනවා දැක්කේය,එතැනින් මාරු වීමට බැරි පුජකයන් ගුටිද කෑවේය.

Demonstrators and government supporters clash outside the official residence of Mahinda Rajapaksa, in Colombo. AFP

An injured Sri Lankan Buddhist monk is being carried away who among many other anti-government protesters were injured after attacked by government supporters outside prime minister Mahinda Rajapaksa’s residence in Colombo, Sri Lanka, Monday, May 9, 2022. Government supporters on Monday attacked protesters who have been camped outside the offices of Sri Lanka’s president and prime minster, as trade unions began a Week of Protests” demanding the government change and its president to step down over the country’s worst economic crisis in memory. (AP Photo/Eranga Jayawardena)

හාමුදුරුවරු කිහිපයක් අර පුරුද්කටවගේ මිනිසුන් බේරාගැනීමට මැදට පැන හොඳටම ගුටි කෑවේය, ඒ අතර බෙරේ වැව පැත්තේ ගුටි කෙළියට ආ පිරිසට නැවත ජිහාඩ් ආකාරයේ පහර දීමක් හා දියේ ගිල්වන අර මුහුණ ඇතුලට රැවුල් වවාගත් මෝටර් බයිසිකල් වලින් එහා මෙහා යන සහෝදරයෝ හා හා මුණ රැලි වැටුන උෂණ කෝෂය බිමට ගැවෙනකම් කැගහන තරුණයන් උඩපැන පැන නාකි උදවිය හට මෙලෝ හසරක් බල්ලන්නේ නැතිව ”නාකිය, හූඋ….,,කැ….” කිය කියා පොළු මුගුරු අතපය හා අහුවෙන එකෙන් පහර දුන්නේය, පොලිසියේ පිරිස් වෙත ප්‍රහාර එල්ලවිය, 88-89 කාලයේ වගෙ යැයි හීනයේ සිටි සියලුම දෙනාට දැනුනා වාගේ සමහර මිනිසුන් හිස් ලුළු අත දිවගියෙය්ය. මේ දුමාරය අස්සෙන් විපක්ෂ නායක තුමා ආ අතර ඔහුට දුවන්න ගහන්න මහින්ද ඩෝන්ට් ගෝ හෝම්” යනුවෙන් කියා කියා ආ කුලී සටන් කරුවන් හා ඒ අතර මැදින්

A bus was burnt near Sri Lanka’s outgoing prime minister Mahinda Rajapaksa’s official residence in Colombo, as protests turned violent. AFP

පැන්න ‘ගෝඨා ගෝ හෝම්’ කට්ටිය එහෙට මෙහෙට වනනු දැක්ක බව හිනෙන්ම පෙනුනි. අනුර කියන දේශපාලනය පක්ෂයක් නායෙකු ආ අතර ඔහුට කිසිම කරදරයක් නොවුනේ මේ උත්ගෝෂණය ඔහු විසින් මෙහය වූ එකක් නෙවේ යැයි මා සිතාගත්තේ මා දුටු ඒ දවල් හිනයෙන්ම වේ.ව්‍යාපාරයක් මේ හීනයක්ද නැත්නම් කරුමයක්ද යැයි හිනේදී මට තේරුම් ගත නොහැකි විය. සැම තැනම වහන දෙපළ ගිනිගත් අතර දවස් දෙකක් යාමට ඉස්සරලා හොරකම්,මන්ත්‍රී වරුන්ට වෙඩි තැබීම් පාක්ෂිකයන්ට පහර දීම තරම් උත්සන්න විය, වැවේ තිබුන වහන වලට අමතර මා නොදුටුවේ 88-89 කාලයේ වගේ ඇල දොළ, ගංගා වල පාවුණ මළ මිනි පමණි. එකපාරටම තිගැස්සීමක් වුන අතර රූපවාහිනියෙන් දුටුවේ පොරි හැල්ලෙන්න ගැහුවත් ” ඉවසීමෙන් කටයුතු කරන්න කියන පුජක තුමන්ලා හා ත්‍රස්ථ වාදයෙන් රට බේරාගැනීමට අත් උදවු උපකාර කෙරු නායකත්වය දුන් මින්සුන් හට මේ හොරිකඩයන්ගේ ජඩ වැඩවලින් සිදුවුණ අවුල නිසා එතුමන්ලාව එක් දිනයකදී එක් රැයකදී ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගහන කුහුක හමුදුරුවරුද ප්‍රවෘත්ති වල සිටියේ. අපේ දේශයක් සාපලත් එකක් වීම සඳහා මුන් ඔක්කොම වග කිව යුතු යැයි හිනෙන්නම් කැ ගැහුවේය. වතුර නැතිව කට වියලි ඇති නිසා කිසිම හඬක් ශබ්දයක් වශයෙන් පිටවුනේ නැති නිසා මාගේ ප්‍රාණය බේරීමට පුර්වේ කරුමෙකට වුන දෙයක් වෙන්න ඇතයි කියා හිනෙන්ම තේරුනේ ප්‍රවෘත්ති වල ගිනි යකා හොර යකා එක්ක ඒවෙනකොට විදුළි වේගයෙන් මාරුවුන රැ දවල් දෙක චිත්‍ර පටියක් ලෙස දැකීම නිසාය, හිටි අඩියේම ”පුතේ පුතේ නැගිටින්න දැන් උදේ වෙලා කියා ඇඳ ළඟ ඉඳගත් අම්මා ඔළුව අතගා කි බැවින් ඒ මාර රාජ්‍යයේ හීනෙන් මම පුර්වේ වාසනාවකට මිදුනෙමි, නැත්නම් හීනෙ තුලම මට පිහිපාරක් වදින්ට ඉඩ තිබුණි.

අම්මා ඒ වනවිට ක්‍රියාත්මක කර තිබු රේඩියෝවේ මා දුටු සැබෑ සිහිනේ සිටි හා නොසිටි, සත්‍ය වශයෙන්ම ඇසු ගීයක් වාදනය වෙමින් තිබුණි. ඒ ගීතය හොඳ නරක සියල්ලන්ම ඇසිය යුතු ගීතයකි…


ඒ ගිතයනම්…

බුදු බණ කිව්වා නිරන්තරේ
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගති ගුණ අතින් අපි තවමත් වනාන්තරේ ..//

බෝසත් ගතිගුණ පිහිටාන්නේ නැති ගතියක් ඇතිවද මන්දා
මේ තරමට බුදුබණ අහනා රට දින දින පිරිහෙන කරුමය මන්දා
සිරිත් විරිත් යහගුණෙන් පිරි ගිය නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එකඉර හඳ යට හිනහෙන දවසක් යළි කවදාවත් නේ විද මන්දා…

ධම්මපදය…….

මනෝ පුබ්බංගමා ධම්මා – මනො සෙට්ඨා මනොමයා
මනසා චෙ පදුටෙඨ න – භාසතී වා කාරොති වා
තතෝනං දුක්ඛ මනෙවති – චක්කංච වහතො පදං”

අකුසල් විපාකය ගවයා අනුව යන රිය සක මෙන්ද, කුසලානිශංසය තමා අත් නොහැර යන සෙවනැල්ල මෙන්ද ගමන් කරනු ඇත.

දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට

2022-05-14

මෙහි දෙවන කොටස ළඟදීම බලාපොරොත්තු වන්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress