උගත් නීතීඥ මහත්ම මහත්මීන්ගේ  උදහසට ලක්වීම පිණිස ලියමි.
Posted on July 23rd, 2022

හිරාන් කුරේ

නඩත්තු නඩුවට ඇවිත් සැමියා දෙන රු10000/- න් ගෑණු මනුස්සයාගෙන් රු 2000/- ක් ගාස්තු ලෙස ගන්නත්,

          පොලිසිය හරහා අර මහත්තයා අල්ලන්න..ඇප ගන්නනම් කියලා visiting card එක දීගන්නටත්,

          දික්කසාද නඩුවේ නියත තීන්දුවේ සහතික පිටපත උසාවියෙන් අරන් දෙන්න රු 5000/- ක් ගැනීමටත්,

          කුඩු නඩුවේ මිනිහගෙ නඩුවට පෙනී ඉඳලා ගාස්තුවට හරි යන්න ගෑණිගේ කරාඹු ජෝඩුව ගලව ගන්නටත්,

         ඔප්පුවේ ප්‍රතිෂ්ඨාව අඩුවෙන් දාලා මුද්දර ගාස්තු වලින් රාජ්‍ය ආදායමට යන්න ඕන බදු ටිකට කෙලින්නටත්,

        ඇතුලේ ඉන්න රංජන් කියන්නා වගේ ගත්ත ගාස්තුවට රිසිට් එකක් දී ගන්නටත්,

             ඇත්ත දැන දැන බොරු හදලා හත් පොලේ දිවුරලා, සාක්ෂි වසන් කරලා,පොලිසිය අල්ලගෙන අපරාධකාරයෝ, මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෝ, කප්පම් කාරයෝ, බේර ගන්නටත්,

           හම්බ කරන සල්ලි වසන් කරලා ආදායම් බදු ගෙවන එකට අරින්නටත්,

    හිතට එකඟව බැරි නිසාවෙන් නිදහස් අධ්‍යාපනයට පින් සිදුවෙන්න ලබපු අධ්‍යාපනය රට,ජාතිය වෙනුවෙන් යමක් කරගෙන ඉන්න මට මේ ටික අහන්නමහිතුනා

මට මේ ටික අහන්න දෙන්න අයියෝ

1.  ජනාධිපති ලේකම් කාර්‍යාලය නීතී විරෝධී  ලෙස අත්පත් කරගෙන එහි රැදීසිටීමට අයිතියක් තියෙනව කියල කියන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ කවර ව්‍යවස්ථාව යටතේද?           

2.  අරගල කරුවන් තමන් එයින් ඉවත්වෙන්නෙ අහවල් දිනේ අහවල් වෙලාවටයි කියන්න බලයක් ලැබෙන්නෙ කොහොමද? කවර නීතියක් යටතේද?

    එතෙක් ආරක්ෂක  අංශ සිල්සමාදන් වෙලා සිටිය යුතුයි කියන්නෙ කුමන නීතියකින්ද?       

 3.  අරගලකරුවන්ට රටේ නීතියට උඩින් විශේෂ  නීතියක් ක්‍රියාත්මක වේද?

නීතියේ ආධිපත්‍යය කියන්නෙ ඒකටද??

 4. හමුදා සාමාජිකයින්ට අමානුෂික ලෙස පහරදී තුවක්කු පැහරගෙන යද්දී හමුදාවන් නවගුණ වැලේ ඇට ගණන් කල යුතුද.?

5.  හමුදා සෙබලාට පහරදෙනව වීඩියෝ කරල කවුරුවත් දැම්මද? මේක වැරදියි කියල. ඇත්තටම  ඒක වරදක් නෙවේද?

ඔවුන්ට දණ්ඩ නීති සංග්‍රහය තුල89 සිට 99 දක්වා වගන්ති තුල සඳහන් ආත්මාරක්ෂාවේ අයිතිය අකැපද?

 6. හමුදා සාමාජිකයින් ප්‍රකෝප කරදමින් ඔවුන්ගේ අම්මා අප්පා මතක්කරමින් බැණ වදිමින් ඉල්ලන් කෑම පමණක් වීඩියෝගත කර දැම්මාම හරිද?

ඇත්තටම උන් මහජන බදු මුදලින් නඩත්තු වෙන උන් විතරද? උන් ගන්න පඩියෙන් ගෙදරට ගෙනියන හාල් ටිකට,පරිප්පු ටිකට බදු වදින්නේ නැද්ද? ටික ගෙවන්නෙත් ඔයාලාමද?

( වීඩියෝ නම් මොනාද? කොයි කවුරු ගාවත් තියෙනව අද කාලෙනිසි අධිකරණයක් ඉදිරියේ දකින්න ලැබේවි)

7. ව්‍යවස්ථාවෙ 3 පරිච්ඡේදයේ 10 සිට 14 දක්වා වන මූලික අයිතිවාසිකම් ගැන සද්දෙට කතා කරන්නා සේම සෑම අයිතිවාසිකමක්ම බුක්ති විඳිය යුත්තේ සීමාවන්ට යටත් බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 15 වන ව්‍යවස්ථාව තුල අන්තර්ගත සීමා කිරීම් ගැන නොදන්නේද?

වගේම, 28 වන ව්‍යවස්ථාව තුල පවත්නා පුරවැසි යුතුකම් ගැන කියවලා නැද්ද?

    ඔබේ සැරයටිය වනමින් ඔබට මේ අත යාමට ඇති අයිතිය අනෙකාගේ නාසය අසලින් කෙලවර වන බව උගත් බව අමතකද?

9. ජනාධිපති කාර්‍යාලය අත්පත් කරගැනීම , රාජ්‍ය නිලධාරීන් ගේ රාජකාරි වලට බාධා කිරීම් සියල්ල සාධාරණීකරණය කරන්න නීති පොත්පත්වල තියන මා නොදත් ඔබ පමණක් දත් නීති මොනවාද?

10.  ඔය කියන විදියට අරගල කරුවන් හමුදා මූලස්ථානය අල්ලාගෙන තව දින 10 කින් දෙනවායැයි කිව්වොත්😁

ඔවුන් දෙනකම් හමුදාවන් සීල ව්‍යාපාරයක් පටන් ගත යුතුද.??

   නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවන අතරම

නීතිය අතැඹුලක් සේ දැන දැනම නීතිය නොදත් පුරවැසියන්  නොමඟ යවමින් ඔවුන් අපරාධ කරුවන් බවට පත් කිරීම ඊට වඩා බරපතළ ක්‍රියාවකි.

      සාලිය පීරිස් සල්ලි💰 එන්නේ කොයින්ද? උපුල් කුමාරප්පෙරුම කඩේ යවන්නේ කාවද? CFPS අජිත් පී පෙරේරා ගේ ක්‍රියාත්මකභාවය කුමක්ද? cfps එකෙන් law college ගිය S3 නීතීඥ සිප්පි කටු කඩේ යන්නේ කාටද?

   සාමාන්‍ය මිනිස්සුන්ට  නීතිය අතට ගන්න පාර පෙන්නලාදැන් අඳ බිහිරි ගී කියන්නේ කවුද?? සරත් ජයමාන්න වැනි ජ්‍යේෂ්ඨයන් හැර ගියේ මන්ද?   

    රටේ සමස්ත නීතීඥ ප්‍රජාවගේම සංගමයක් කොටසකගේ අවශ්‍යතාව සඳහා වෛශ්‍යා සේවනයේ යෙදවිය හැකිද?

   රටේ අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවටත්, යුක්තිය පසිඳලීම පිණිස සහය වන බවටත් දිවුරුම් දෙන උගත් මිතුරන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  ගිනිතැබිය යුතු එකක් බවට රටේ  ප්‍රසිද්ධ මාධ්‍යයකට පවා පැමිණ ප්‍රකාශ කිරීමෙන් නීතිය සහමුලින්ම වැලලීමට පාර කපන්නේද? එය නිවැරැදිද?

    එලෙස ගිණි තැබිය යුතු ව්‍යවස්ථාවක පවත්නා අයිතිවාසිකම් ගැන පමණද? කතා කරන්නේ.

      අරගලය හරහා system change කරන්නට බලපෑම් කණ්ඩායමක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන්නටත්, රටේ වෙනස් විය යුතු නීති,අණ පනත් සංශෝධනය කිරීමටත්, ක්‍රම වෙනසකට අවශ්‍ය නව නීති රීති ඇතිකරලීමටත්,

      කතිකාවතක්,වේදිකාවක් නිර්මාණය කර ගැනීමට මහඟු අවස්ථාවක් තිබියදී

     රටේ මුඛ්‍ය  නීතියටත් පටහැණිව යෝජනා මාලාවක් හදාගෙන ඇවිත් හත්පොලේ ගා ගත්තේ මන්ද?

      අරගලය ඇතුලේ ලකුණු දා ගන්න විතරමද?? බැලුවේ  😁💰

       පවත්නා නීතියට අනුගත වීමටත්, නීතීන් ප්‍රකාර හිමි බලය ක්‍රියාත්මක කිරීමටත් සන්නද්ධ හමුදාවන් වලට බැරිද? සඳහා සංගමයෙන් නීතියක් කියලා දෙනවද? නැතිනම් සභාපතිවරයාගේ හමුදා විරෝධී ආකල්පයට හමුදාවන් අනුගත විය යුතුද?

        පවත්නා නීතිය ප්‍රකාර ප්‍රජාතන්ත්‍රවාදීව පත්වූ ජනාධිපතිවරයකුට මහජන ආරක්ෂණ පනත ප්‍රකාර හදිසි නීතිය  පණවන්න බැරිද?

     නීතිය ගැන දන්න කියන කට්ටියගෙන් ඇහුවේ

   ගොඩ පෙරකදෝරු උදවිය ෆෝම් වීම අනවශ්‍යයි….

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress