“පළමුව -ජාතිය” ප්‍රතිපත්තිය අනුගමනය කිරීම සම්බන්ධයෙන් ජාතික සංවිධාන අගමැති දිනේෂ්ට ප්‍රශංසා කරයි 
Posted on August 14th, 2022

Lanka Lead News

ජාතික සංවිධාන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් 2022 අගෝස්තු 10 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර,වෛද්‍යය වසන්ත බණ්ඩාර, නීතීඥ කල්‍යානන්ද තිරාණගම, මහාචාර්ය ආර්. බී. හේරත්, ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න, විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ, නීතීඥ මදුමාලි අල්විස්, ප්‍රිමාල් ප්‍රනාන්දු, යසස් ධර්මදාස, සේනාරත්න ද සිල්වා ඇතුළු ජාතික විද්වතුන්  නියෝජනය කරමින් සංවිධාන 13ක පමණ නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී විය.

එදා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා එක්ක එකතුවෙලා අපි අතීතයේ සැබෑ අරගලවලට පණ දුන්නා.අද විදේශ අවශ්‍යතා පිරිමසා ගන්නා, මුදලට කරන අරගල තියෙනවා.ඒවා අරගල ලෙස හඳුන්වන්න බැහැ.” යනුවෙන් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ” ආර්ථික,සාමාජීය,ආගමික,සංස්කෘතික වශයෙන් රට අස්ථාවර කිරීමට උත්සාහ කරන ප්‍රතිගාමීන් විවිධ ක්‍රම ඔස්සේ අරගල ලෙස ඉස්මතු වෙමි වේගයෙන් ක්‍රියාකරනවා.ඔබ දශක හතරක් ජාතිය වෙනුවෙන් ඉදිරියට ගෙන ගිය මෙහෙවර මත රට යහමගට ගැනීමට ඔබට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒ වාගේම ජනාධිපතිතුමා සහ ඔබතුමාගේ සුසංයෝගය රටට විශාල ශක්තියක් වෙනවා.” යනුවෙන් පැවසුවේය.

මෙම අවස්ථාවට සහභාගි වූ පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් රටේ ජාතික අනන්‍යතාවය ආරක්‍ෂා කිරීමට කැපවී සිටින ඔබ තුමා අග්‍රාමාත්‍ය ධූරයට පත්වීම රටට ඉතා වැදගත්. ඉදිරියේදි ගොඩ නැගීමට නියමිත සර්ව පාක්ෂික අණ්ඩුව වෙනුවෙන් අපේ සංවිධාන වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. ඔබ තුමා එය අධ්‍යයනය කර ඉදිරියට ගෙන යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.රටේ අවශ්‍යතා වෙනුවෙන් හඬ නගන ප්‍රගතිශීලී චරිත අපකීර්තියට පත් කිරීමේ මහා මෙහෙයුමක ප්‍රතිගාමීන් නිරතව සිටිනවා.” යනුවෙන් පැවසූහ.

එහිදී අදහස් දක්වමින් ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා මෙසේ කීය. රටට අහිතකර වූ සිතාගත නොහැකි නීති කිහිපයක් අපි ආපස්සට හැරෙව්වා.ඔබත් එදා යෝධ ශක්තියක් ලබා දෙමින් අපිත් එක්ක හිටියා.කවුරුත් හිතුවේ නැහැ විදේශ විනිමය පනතට එරෙහි නඩුවෙන් අපි දිනයි කියලා.ඒත් අපි එදා ඒක කළා.අපිට ආයෙත් ලැබිලා තියෙනවා ඒ විශ්වාසය අපි එකතුවෙලා හරි තීරණයක් අරගෙන වැඩ කරමු.”

මේ අතර වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ ඔබ අගමැති ධුරයේ සිටීම ජාතික සංවිධානවලට විශාල ශක්තියක් . මේ ගමනේ නරක තත්ත්වයකට ගියොත් අපිව බේරගන්න පුළුවන් එකම කෙනා ඔබයි. මහජන විශ්වාසය නිවැරදි දිශාවට යොමු කළහොත් අරගල නැති වී යයි. අපි ඉදිරිපත් කළ වැඩපිළිවෙළ තුළ ඔවුන් නිවැරදි මාවතකට යොමු වුණොත් අපි අපේ දායකත්වය ලබාදෙනවා.”

පළමුව-ජාතිය ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කළ එකම නායකයා ඔබයි,” මහාචාර්ය ආර්. බී. හේරත් මහතා පැවසූ අතර, එම ප්‍රතිපත්තිය නිවැරදි මාවතේ ඉදිරියට ගෙන යාමට අපි ඔබට සහාය දෙමු” යනුවෙන් සහතික විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress