මේ වූ කලී, 2019 ජූලි 21 දින සහ 2021 සැප්තැම්බර් 10 වන දින වල ලන්කාවෙබ් අඩවියේ මවිසින් පළකරණු ලැබූ ලිපි දෙකක් නැවත පළකිරිමකි
Posted on August 14th, 2022

සුදත් ගුණසේකර

ජාතික වශයෙන් ඉතා වැදගත් මෙම කරුන ගැන නැවත, නැවත ළිවීමේ අරමුණ ණුයේ මෙහි ඇති ජාතික හා සන්ස්කෘතික වැදගත්කම පිළිබඳ වසර ගණනාවක් තිස්සේ ලියා ඇතත්  එහි ඇති ජාතික වැදගත්කම මේ රටේ  තත් කාලීන ජනාධිපති වරයා ඇතුළු කිසිම දේශපාලකයෙකුට මෙන්ම අවෂේශ ආගමික ජන නායකයින්යයි කියන රට .ජාතිය, ආගම සහ සින්හල බෞද්ධ සන්ස්කෘතිය ආරක්ෂාකර  ගැනීමේ වගකීම දරණ කිසිවෙකුට  හෝ එකම සින්හලයෙකුට හෝ මගේ ලිපියේ ඇති යතාර්ථය තේරී ඇති බවක් තවම මට පෙනීගොස් නැති නිසාය.

එසේ වීමට හේතුව ඔවුන් කිසිවෙකු තුල තම ජාතිය හා සන්ස්කෘතිය ගැන කිසිදු හැඟීමක් නැති නිසා විය හැක. ඊට හෙතුව 1505 සිටම ඔවුන්තුල තිබුණු සියලු ජාතික හැඟීම විදේශීන් විසින් මරා දමා ඇති බැවිණැයි මට හැඟේ.

මේ සින්හල බෞද්ධ රටේ රාජ්‍යත්වයේ සන්කෙත්යවන ශ්‍රී දළදා වහන්සේ වටා ගොඩනැගුණු ඒ අයිතිහාසික සම්ප්‍රදාය නැවත ආරම්භ කරනතුරු හෝ මා  මියයන තුරු හෝ කවදා හෝ සිහල බෞද්ධ නායකයකු එය  කරණු ඇතැයි යන බලාපොරුත්තුවෙන් මෙම අරගලය මම කරමි

මේ ඡායාරුපය දෙස දෑස් හැර හොඳින් බලන්න. මෙම සන්දේශය පිළිගන්වන්නේ රජගෙදරට ඇතුල්වන දොරටුවේදීය.මන්ද එදා මෙන්ම අදද යටත් විජිත වැසියන්ට රජගෙදරට ඇතුල්වීමට අව්සර නැති නිසා විය හැක.

ඡායාරුපයේ වම්පසින් සන්දේශය භාරගන්නේ රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාය. ඔහුගේ සහපිරිවර වන්නේ ජනාධිපති ලේකම්වරයා, මහනුවර දිසාපතිවරයා සහ නගරාධිපති වරයා ඇතුලු රාජ්‍ය නියෝජිත පිරිසය. ඔවුන් සියළුදෙනාගේම (ලේකම්වරයාගේ හැර) ඇඳුමින් පැළදුමින් ප්‍රකට වනුයේ ඔවුන් තවමත් ඉන්ග්‍රීසි මහරැජිනගේ නියෝජිතයින් මිස මේ සින්හල රටේ මිනිසුන් නොවන බව නොවේද? කිසියම් රටක අයිතිහාසික හා සන්කෘතික සිද්ධියකට සාභාගීවන සෑම අවස්ථාවකදීම මහත් අභිමානයෙන් තම රටේ අනන්‍යතාව පිළිබිඹුවන ඇඳුමින් සැරසී සිටීම ලෝකයේ ඔනෑම රටක් අනුගමනය කෙරෙන සම්ප්‍රදායයි. එහෙත් අපේ රටේ එසේ නොවන්නේ 1948 සිටම මේ රටේ සින්හල බෞද්ධ නමින් ජාතියක් නැතැයි යන මතයේ සියළුම දේශපාලකයින් (බන්ඩාරනයක මැතිනිය හැර) සුළුජන ඡන්ද භීතිකාවෙන් පෙලෙන  නිසා විය යුතුය.

දකුණු පසින් දියවඩනනිළමේ සහ දේවාලවල බස්නායක නිලමේ වරුනුන්ය. ඔවුන් තුලින්නම්  තවමත් සින්හල බෞද්ධ කම ප්‍රකටව පෙනේ  එහෙත් පහලින් සිට ඉහලින් සිටින අධිරාජ්‍යයේ නියෝජිතයින් ඉදිරියේ ඔවුන්ද, තවමත් මහරැජිනගේ  රාජ්‍යයේ යටත් විජිත නිළමේලාය

ඊනියා නිදස ලැබී වසර 74 ක් ගතව ඇතත් තවමත් මෙයින් මුළු ලොවටම ප්‍රදර්ශන කෙරෙණුයේ යත්විජිත ස්වාමි වරුන් ඉදිරියේ නිවට නියාළු අන්දමින් තමජාතියේ රාජකීය ඇඳුම පවා නින්දාවට පත්කරමින් අධිරාජ්‍යයේ නියෝජිතයින් වන කළු සුද්දන් ඉදිරියේ යටහත් පහත්ව තවමත් පහලින් සිටින  බවනොවේද

2019 August 25 දින saha 2021 සැප්තැම්බර් 10 වන ලන්කාවෙබ් අඩවියේ මවිසින් පළකරණු ලැබූ ලිපි දෙක

ඊනියා නිදහස ලැබී වසර 71 ක් ගතවී ඇතත් තවමත් යටත්විජිතවාදී මානසිකත්ව ග්‍රහණයෙන් මුදාගෙන නැති මහනුවර ශ්‍රී දළදා පෙරහැර

Posted on August 25th, 2019

ආචාර්ය සුදත් ගුණසේකර

සිව්වන සියවසේ (ක්‍රි . 313) කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා දවස ශ්‍රී දළදා වහන්සේ මෙරටට වැඩමවූදා සිටම අරම්භවූ ශ්‍රී දළදා ප්‍රදර්ශනය හා දළදා පෙරහැර ඉතිහාසය පුරාම ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වා ඇතිබැව් වන්ශකතාවලින් පැහැදිළිවෙයි. එදා සිටම 1815 දක්වාම  සින්හල බෞද්ධ රාජ්යක් වූ මේ රටේ දළදාවහන්සේගේ භාරකාරයා මෙන්ම ආරක්ශකයාද වුයේ රටේ රජතුමාය. නිසාම දළදාවහන්සේ වැඩසිටි දළදාමන්දිරය පිහිටියේද රජ මාළිගා  චතුරශ්‍රයේමයදිනපතා උන්වහන්සේට සිදුකෙරෙන පුද පූජා වලට අමතරව වසරකට වරක් දළදා වහන්සේ අභයගිරි පරිශ්‍රයට වැඩමවා එහි ප්‍රදර්ශනයකොට ජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව සලස්වයි. අනතුරුව නැවතත් දළදාවහන්සේ පෙරහැරින් රජමාලිගා පරිශ්‍රයට වැඩමවා දළදා මන්දිරයේ තැන්පත් කිරීම සිරිත විය.

මේ තුලින් දළදාවහ්න්සේගේ භාරකාරයා වශයෙන් රජතුමා එය ආරක්ශාකොට තබාගෙන ඇති බවත්, දයිනිකව වතාවත් සිදුකොට ඇති බවත්, වාර්ෂිකව ජනතාවට උන්වහන්සේ දැක බලාගැනිමට සහ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසාදී ඇති බවත් තුලින් රාජ්යත්වය ආරක්ශාකොටගත් බවත් පෙනේ. සින්හල බෞද්ධ රටක් වශයෙන් මේ රටේ ඉතිහාසය පුරාම මෙම  සම්ප්‍රදාය මහනුවර යුගයේ අවසානය දක්වාම පැවති බව වර්තමාන දළදා මන්දිරයද රජ  මාලිගා චතුරශ්‍රයේම පිහිටා තිබීමෙන් මනාව පැහැදිළිවෙයි

1815 දී මේ රට ඉන්ග්‍රීසීන් කුමන්ත්‍රණයෙන් අල්ලාගත් පසු මෙම තත්වය වෙනස් විය. උඩරට ගිවිසුමේ 5 වන වගන්තියෙන් මේ රටේ බෞද්ධ උරුමය ආරක්ශාකරණ බවට ව්‍යාජ පොරොන්දුවක් දුන්නද බ්‍රවුන් රිග් ආණ්ඩුකාරයා මාර්තු 2 උඩරට ගිවිසුමේ තීන්ත වේලීමටත් පෙර එය උල්ලන්ඝනය කළේය. එපමණක් නොව බෞද්ධ භික්ෂූන් සිරගතකිරීමට සහ මරාදැමීමටද ඔහු ක්‍රියාකළ අතර දළදා පෙරහැරද කිසිදිනක නොපැවත්විය.

1828 දි රටපුරා ඇතිවූ නියගයක් නිසා ඉන්ග්‍රීසි ආණ්ඩුවේ ආධාර ඇතිව දළදා පෙරහැරක් පැවත්වූ බව වාර්තා වී ඇත. සඳහා මහමලුවේ විශාල ශාලා දෙකක් සාදා අලන්කාර ලෙස සරසා ආණ්ඩුකාරයා ඇතුලු රජයේ නිලධාරින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මුරකාවල් යොදා තිබුණු බවද වාර්තාවේඅනතුරුව අණ්ඩුකාරයා පෙරහැරකින් මාලිගාව තුලට කැඳවා ගෙන ගොස් ධාතුකරණ්ඩුව දෙහිගම දියවඩන නිලමේ විසින් දෙන ලදුව ආණ්ඩුකාරයා විසින් ඇතුමත තැන්පත් කොට මහමලුවට පැමිණ අසුන් ගැනීමෙන් පසු පෙරහැර ආරම්භ කරණ ලදී. පෙරහැර අවසන්වීමෙන් පසු දියවඩන නිළමේ ඇතුලු පිරිස ආණ්ඩුකාරයා බැහැදැක පෙරහැර  අවසන්කළ බව වාර්තාකල බවද සන්දහන්වෙයි. රජ මැදුරේදී ආණ්ඩුකාරයා බැහැදැක පෙරහැර සාර්ථකව පවත්වා නිමාකළ බව ඔප්පුකිරීමේ සම්ප්‍රදාය ආම්භවූයේ මේ ආකාරයෙන්ය.

ඉන්ග්‍රීසි ආණ්ඩුව මින් බලාපොරොත්තුවූ කරුණු කීපකි. ඉන්ග්රීසි ආන්ඩුවේ අධිකාරිය මේ රට තුල තහවුරු කරගැනීම, යටත් විජිතයේ රාජපාක්සික භාවය ඉස්ථිරකරගැනීම  සහ යටත්විජිතවාදී අධිකාරී බලයේ යසෝරාවය ප්‍රදර්ශනය කිරිමද අතර වේ.

1948 දී මේ රටට නිදහස ලැබීයයි  කයිවාරු ගැසුවද අදද දියවඩන නිලමේවරයා බස්නාක නිලමේ වරුන් පිරිවරාගෙන අලිඇතුන් සහිත පෙරහරකින් මහනුවර ජනාධිපති නිල නිවසට ගොස් ගෞරව බහුමානයෙන් යුතුව ජනාධිපතිවරයා, ඔහුගේ ආර්යාව, පලාතේ ආණ්ඩුකාරයා, (මෙම කෝලම් නාඩගමට  කිසිදු සම්බන්ධයක් නැති උතුරුපලාතේ ආණ්ඩුකාරයා මහජන වියදමෙන් අනුරාධපුරයේ සිට නුවරට පැමිණ මේ වසරේ ඊට සහභාගී කරගත් බව දක්නට ලැබින) මහනුවර දිසාපතිවරයා ඇතුලු යටත්විජිතවාදී නෂ්ටාවශේෂ නළුවන් පිරිසක් බැහදැක සිදුකරණුයේද මේ දෙයමය.

ඊටත් වඩා මෙම කෝලම් රන්ගනයතුල මා දකින විහිළුව නම් එදා අධිරාජ්යවාදී සුද්දන් තම යටත් වැසියන් දෙස බැලු ආකාරයෙන්ම මේ රටේ සින්හල බෞද්ධ ගිහි ජනයාගේ නායකයා වසයෙන් සැලකෙන ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ වරයා සහ මහනුවර ප්‍රදේශයේ සම්භාවනීය ප්‍රභූන් වන සතරදේවාලවල බස්නායක නිළමේ වරුන් දෙස ජනතා චන්දයෙන් පස්අවුරුදු කාලයකට පත්ව සිටින ජනතා නියෝජිතයෙක් සහ ඔහුගේ ආවතේව කාරයින් පිරිසක් රජමැදුරේ ප්‍රවේශ පඩිපෙළ මත උජාරුවෙන් සිටගෙන තම නිළබල බලපරාක්‍රමය ප්‍රදර්ශනය කිරීමයි. පඩිපෙළ අරාසිටින දේශපාලනඥ්යින්ට මෙන්ම මිදුලේ පහලින් සිටගෙන ඉහලින් සිටින අධිරාජාය් ප්‍රතිරූපයන්ට යටහත් පහත් භාවයෙන්  ආචාර සමාචාර කරන නිළමේලාටද මේ කෝලම් නාඩගම ගැන කිසිදු අවභෝධයක් ඇති බවක් මටනම් නොපෙනේ.

මේ වු කලී අපගේ රජවරුන් තම යුතුකම් ජනතාව සහ භිෂූන් වෙනුවෙන් වාර්ෂිකව ඔවුන්වෙත ගොස් පෙන්වීමේ පෙරදිග විසිෂ්ඨ සන්කෘතියක් මුලුමනින්ම කණපිට හැරවීමකි. නිසා අන්ධානුකරනයෙන් හා ලජ්ජානැතිව  මොවුන් අද මේ අනුගමනය කරන්නේද  යල්පැනගිය එම යටත්විතිත සම්ප්‍රදායම නොවේද? ඊනියා නිදහස ලබා වසර 71 පසුව හෝ යටත්විජිත භාවයේ නෂ්ටාවශේෂයන්ට දැන්වත් තිත තබන්නේ නැත්තේ ඇයි? මේ රට නිදහස් නිවහල් රටක් බවවත් මොවුන් තවම නොදන්නා නිසාද?   එසේ නොවන්නේනම්  ඔවුන් තවමත් අධිරාජය්වාදීන්ගේ සුවච කීකරු ඇම්බැට්ටයින් නිසා නොවේද? 1948සිට සිට එකම රාජ්ය නායකයෙකුට හෝ මෙබඳු සිතිවිල්ලක් පවා පහල නොවීම ගැන ඔවුන් ලජ්ජා විය යුතුය රට ගැන හා අපේකම ගැන ඔවුන්ගේ ඇති අවභෝධය හා ඇපකැපවීම මෙයින්ම පැහැදිළිවේ. සින්හල බෞද්ධ අප තුලනම් ඔවුන් පිලිබඳ ඇත්තේ බලවත් කළකිරීමක් සහ  පිළිකුලකි.

ඇත්තවශයෙන්ම මේ අධිරාජ්යවාදි දීන බව ප්‍රදර්ශනය කිරීමේ සම්ප්‍රදායට තිත තැබීමට පලමු

පියවර ගතයුත්තේ නිදහස්යයි කියන මේ රටේ රාජ්ය නායකයින් නොවේද? රට, ජාතිය හෝ රටේ සන්ස්කෘතිය ගැන නොදන්නා ගැන මෙලෝ අවභෝධයක් නැති බලය හා ධන තන්හාව පමණක් එකම අරමුණ කොට ගෙන සුද්දා විසින් දායදකොටදී ගිය පක්ෂ  දේශපාලනය නැමති සතර කොණින් ඕජස්ගලන කුනුමස්කද කරතබාගෙන සුලු ජන චන්ද නැමති එලු අණ්ඩකෝශය පසු පසම හඹා යන කිසිදු දේසප්‍රේමයක් හෝ ජාතිකාභිමානයක් නැති කලුසුද්දන් රැළකගෙන් එවැනි ස්වාධීනත්වයක් හෝ නිදහස් චින්තනයක් බලාපොරොත්තු විය හැකිද? අනෙක බලලෝභයෙන් හා වස්තු තන්හාවෙන් දෑස් අන්ධවු උත්කෲෂ්ඨ රාජ්ය පාලනය පිලිබඳ කිසිදු වැටහීමක් නැති දේශපාලන සිහින ලෝකයක ජීවත්වෙන  අපේ දේශපාලකයින්ගෙන් මෙවැනි දේසහිතයිෂී  ජාතිමාමක තීරණ බලාපොරුත්තුවීම ඉබ්බන්ගෙන් පිහාටු ලබාගැනීමට වෙහෙසෙන්නක් බඳුයයි මට සිතේ. වැටත් නියරත් යන දෙකම ගොයම කා නම් කාට පවසමුද  මේ අවණඩුව?

එමනිසා පළමුවෙන්ම තවදුරටත්  ලෝකයේම් විෂිස්ඨ සන්ස්කෘතියකට හිමිකම් කියන මේ නිදහස් රටේ අපි ඉන්ග්‍රීසි ගැත්තන් නොවී ඔවුන්ගේ දීන ගැත්තන් වන  දේසීය පාලකයින්ගේද ඇම්බැට්ටයන් නොවන බව පෙන්විමේ වගකීම සමස්ත ලාන්කේය සින්හල බෞධ ජන්තාවගේම ගිහි නායකයා සහ දළදාවන්සේගේ ගිහි භාරකරුවන  දියවඩන නිලමේ ඇතුලු සතරමහා දෙවාලවල බස්නායක නිලමේ වරුන් පියවර ගතයුතුයයි මම යෝජනා කරමි.

දේශපාලන හා වෙනත් හේතුන් නිසා ඔවුන්ටද එසේ කිරීමට පිටකොන්දක් නැතිනම් ඉතිහාසය පුරාම මේ රටේ හා ජාතියේ  මුරදේවතාවුන්  වහන්සේලා වූද, එසේම රටත්, ජාතියත් එසේම සාශනයත් රැකගෙන රාජ්යපාලකයින්ට අවවාද අනුශාසනා කරමින්  නිසි මන්ග යැවූ මහාවිහාර වන්ශික සන්ඝ පරම්පරාවෙන් පැවත එන අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් ඇතුලු ප්‍රධාන භික්ෂූන්   වහන්සේලා හෝ මේ අධිරාජ්යවාදී ගැතිකමේ නස්ඨාවශේෂ සම්ප්‍රදායන්ට වහාම තිත තැබීමටත් සන්දහා සින්හල බෞද්ධ රාජ්යක සම්ප්‍රදායන්ට ගැලපෙන ක්‍රම වේදයක් නැවතත් ඇති කිරීමටත් සුදුසු කාලය දැන් එළම්බ ඇතැයි මම සිතමි. එමනිසා දැන්වත් අනුව කටයුතු කරනමෙන් මේ පරගැති අනුකාරක රාජ්ය පාලකයින්ට නොපමාව උපදෙස් දෙන මෙන් උන්වහන්සේලාගෙන් මම ගෞරවයෙන්  ඉල්ලා සිටිමි

උන්වහන්සේලාද මේ සදහා එවැනි පියවරක් ගැනීමට මැලිවන්නේනම් මේ රටට හා සින්හල බෞද්ධ සන්ස්කෘතියට ආදරේ ඇති සින්හල බෞද්ධ උරුමය  පිලිබඳ උගතුන් හා බුද්ධිමතුන් එක්ව හෝ මේ යටත් විජිත නශ්ඨාවශේසයන් දැන්වත් ඉවත්කොට නිදහස් රටක් හා ජාතියක් වශයෙන් රැකගතයුතු අතරම ශ්‍රී දළදා වහන්සේගේ මෙන්ම සින්හල ජාතියේ හා සම්බුද්ධ ශාසනයේ  ගෞරවය නැවතත් ප්‍රතිශ්ඨාපනය වන පරිදි සුදුසු වැඩ පිලිවෙලක් යෝජනා කළයුතුයැයි මම යෝජනා කරමි.

මේ පිලිබන්ද තීරණයක් ගැනිමේ ශක්තියක් හෝ බලයක් මට ඇත්නම් මා යෝජනා  කරණුයේ රටේ රාජ්ය නායකයා සහ දියවඩන නිලමේ වරයා ඇතුළු බස්නායක නිළමේ වරුන් විසින් විසින් පෙරහැර පවත්වා අවසානයේදී සින්හල ජාතියේ වර්තමාන සම්ප්‍රදායික නායකයින් හා සාශනභාර මුර දේවතාවුන් වහන්සේලා වන අස්ගිරි මල්වතු මහා නායක හිමිවරුන් ඇතුලු ත්‍රයිනිකායික මහානායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර මඟුල් ම්ණ්ඩුවේදී පැවෙත්වෙන ත්‍රයි පාර්ශික කාරක සන්ඝ සභාවකට පෙරහර සාර්ථකව අවසන්කළ බව සැළකර සිටීමයි. එසේම ඊලග වසරේදී පෙරහැර පැවත්වීම පිල්බද  උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීමද සිදුකළයුතු බවය.

රජදවස රජතුමාද ඇතෙකුපිට නැගී පෙරහැරේ ගමන්කළ බව සන්දහන් වේ. අද අපට රජෙක් නැත. වෙනුවට වර්තමානයේ සිටින්නේ ජනාධිපති වරයෙකි. නමුත් ඔහු අද රටේ ජනතාව විසින් පත්කරගත් රටේ හා ජාතියේ  නායකයාය. ඔටුණු නොපලන් රජතුමාය. නිසා පුරාණ රජතුමාගේ කාර්යභාරය ඉටුකිරීමට ඔහුටද සෑම අයිතියක්ම තිබේ. මෙහිදී ජනාධිපති වරයාද ඊට සුදුසු මුල් ඇන්දුමකින් ((නිළ රජ ඇඳුමකින්) සැරසී දියවඩන නිළමේ සහ සතර මහා දේවාල බස්නායකවරුන් සහිත  පෙරහැරකින් පැමිණ මහාසන්ඝ රත්නයට මෙම සැළකර සිටීම කළ මැනවයිද මම යෝජනා කරමි.

එසේ කිරීමෙන් දළදා වහන්සේට කිසිදු සම්බන්ධයක් නැති යටත්විජිත නෂ්ඨාවශේෂයක් වූ ආණ්ඩුකාර නිළ නිවසට ගොස් යටත්විජිත ප්‍රතිරූපකයන්ගේ හා සම්ප්‍රදායන්ගේ අමිහිරි මතකයන් යළි යළිත් සිහිගන්වන ජනාධිපතිවරයා සහ දිසාපතිවරයා අතුලු නිලධාරීන් බැහැදැකීමේ නිවට සම්ප්‍රදාය අවසන්කොට නිදහස් නිවහල් සින්හල බෞද්ධ රාජ්යකට උචිත නව ආගමික, සාමාජික හා oස්කෘතික සම්ප්‍රදායක ආරම්භයක් පිලිබද අයිතිහාසික   සටහනක්ද සනිටුහන් වනූ ඇතැයි මම විස්වාශ කරමි. එසේම මේ රටේ තවමත් සින්හල බෞද්ධ රාජ්යක ලක්ෂණ නොනැසී පවතින බව මුලු ලොවටම පෙනීයනුද ඇත. එසේ නොකොට මහජන චන්දයෙන් තෝරාපත්කරගත් ජනාධිපති වරයා සිය පවුල සමඟ රැජිනහෝටලයේ සිව්මැදුරු කවුලුවක වාඩිවි පෙරහැර නැරබීමෙන් හා යටත් විජිත සමයේ දී සිදුකළ ක්‍රියාදමයක් අන්ධානුකරණයෙන් හා නිර්ළජ්ජිතව ප්‍රත්නිර්මාණය කිරීමෙන් ඔහුට සින්හල බෞද්ධ රාජ්යත්වයේ  ආගමික හා සාමාජික යුතුකම් ඉටුකළ නොහැකි බව දැන්වත් තේරුම් ගත යුතුයයි මම සිතමි.

මෙම ක්‍රියාදාමය මතුවටද අවිච්චින්නව නිසිපරිදි  ක්‍රියාත්මක කිරීම සන්දහා පහත සන්දහන් කරුණුද  ඉදිරියේදී සකස්කෙරෙන ආණ්ඩුක්‍රම විවස්ථාවට අතුලත් කළයුතුයයි මම යෝජනා කරමි.

දැනට පවතින ආණ්ඩුක්‍රම විවස්ථාවේ 9 වන වගන්තිය පහත පරිදි සන්ශෝධනය කිරීම

1 බුද්ධාගම මේ රටේ රාජ්ය ආගම වශයෙන් නැවතත් නීතිගත කිරීම සහ

විවස්ථාවේ 2.14 වන වගන්තියේ () පරිච්චින්න කිරීම l

මෙසේ කළයුත්තේ දැනට මේ රටේ පවතින බහු ආගමික සන්කල්පය නැතිකිරීම සන්දහාය.

තවද,

1බුද්ධසාශන අමාත්යාන්ශය සහ පුරාවිද්යා දෙපාර්තමේතුව රාජ්ය නායකයා යටතට විවස්ථාවෙන්ම පත්කළ යුතුය

කෙසේවුවද දළදාවහන්සේගේ භාරකාරත්වය දැනට පවතින පරිදි මහානයාක හිමිවරුන් සහ දියවඩන නිළමේ සතුවම තවදුරටත් තිබිය යුතුය.

තවද දළදාවහන්සේගේ ආරක්ෂාව මෙන්ම වාර්ෂිකව පූර්ණ රාජය අනුග්‍රහය ඇතිව දළදා පෙරහැර පැවෙත්වීමේ වගකීම මෙන්ම ඉන් අන්තුරුව ඉහත සන්දහන්කළ පරිදි මහා නායක හිමිවරුන් වහන්සේලා ප්‍රමුඛ උත්තරීතර සන්ඝ සභාවට පෙරහැර සාර්තකව පැවැත්වූ බව වාර්තාකිරීම රාජ්ය නායාක්යා විසින්ම කළ යුතුය.

මෙම නියමයන් සියල්ල ශ්‍රීලන්කා ආණ්දුක්‍රම විවස්ථාවේ ඇතුළත්   කළ යුතුයයි මම යෝජනා කරමි.

1853 දී ඉන්ග්‍රීසි ආණ්ඩුව විසින් දළදා වහන්සේගේ භාරකාරත්වය අස්ගිරි හා මල්වතු නා හිම්වරුන්ට සහ දියවඩන නිලමේට භාරදීමෙන් සිදුකොට ඇත්තේ අමිල සේවයකි. මන්ද එසේ නොකොට යම් ලෙසකින් අපේ දේසපාලකයින් අතට එයත් ලැබුණේනම් මේ උතුම් රටට  1948 සිට ඔවුන් විසින්  සිදුකොට ඇති විනාශය දෙස බලනවිට මේ වනවිටත් දළදා වහන්සේද ලෝකබැන්කුවට හෝ වෙනත් රටකට විකුනාගෙන කා අවසන්වීමට සෑම ඉඩක්ම තිබුණ නිසාය.

One Response to ඊනියා නිදහස ලැබී වසර 71 ක් ගතවී ඇතත් තවමත් යටත්විජිතවාදී මානසිකත්ව ග්‍රහණයෙන් මුදාගෙන නැති මහනුවර ශ්‍රී දළදා පෙරහැර

dhane Says:

August 26th, 2019 at 5:06 pm

We Sri Lankan should be very grateful that in 1853 දී ඉන්ග්‍රීසි ආණ්ඩුව විසින් දළදා වහන්සේගේ භාරකාරත්වය අස්ගිරි හා මල්වතු නා හිම්වරුන්ට සහ දියවඩන නිලමේට භාරදීමෙන් සිදුකොට ඇත්තේ අමිල සේවයකි. මන්ද එසේ නොකොට යම් ලෙසකින් අපේ දේසපාලකයින් අතට එයත් ලැබුණේනම් මේ උතුම් රටට 1948 සිට ඔවුන් විසින් සිදුකොට ඇති විනාශය දෙස බලනවිට මේ වනවිටත් දළදා වහන්සේද ලෝකබැන්කුවට හෝ වෙනත් රටකට විකුනාගෙන කා අවසන්වීමට සෑම ඉඩක්ම තිබුණ නිසාය.Hopefully this Bank Robbery Chief Ranil & Malik will not get idea on this.

1815 මාර්තු 02 වන දින මහනුවරි දී අත්සන්කළ උඩරට ගිවිසුමේ සිට සින්හල ජාතියට අහිමිවූ, සුද්දන් විසින් උදුරාගත් ජාතියේ ශ්‍රේෂ්ඨ  උරුමයන් යලි ආපසු ලබාගැනීම අපි මහනුවරින්ම අරඹමු

2021 ජූලි 21 දින ලන්කාවෙබ්

ආචාර්ය සුදත් ගුණසේකර

සිව්වන සියවසේ (ක්රි ව. 313) කීර්ති ශ්රී මේඝවර්ණ රජතුමා දවස ශ්රී දළදා වහන්සේ මෙරටට වැඩමවූදා සිටම අරම්භවූ ශ්රී දළදා ප්රදර්ශනය හා දළදා පෙරහැර ඉතිහාසය පුරාම ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වා ඇතිබැව් වන්ශකතාවලින් පැහැදිළිවෙයි. එදා සිටම සින්හල බෞද්ධ රාජ්යක් වූ මේ රටේ දළදාවහන්සේගේ භාරකාරයා මෙන්ම ආරක්ශකයාද වුයේ රජතුමාය. එසේම ශ්‍රී දළදාවහන්සේ තම භාරයේ තිබීම රාජ්‍යත්වයේ නීත්‍යානුකූළ බව තහවුරු කෙරෙන සන්කේතයද විය. ඒ නිසාම දළදාවහන්සේ වැඩසිටි දළදාමන්දිරය පිහිටියේද මාළිගා චතුරශ්‍රයේමය.  දිනපතා උන්වහන්සේට සිදුකෙරෙන පුද පූජා වලට අමතරව වසරකට වරක් දළදා වහන්සේ අභයගිරි විහාරයට පෙරහැරින් වැඩමවා දින අනූවක් එහි ප්රදර්ශනයකොට ජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව සලස්වයි. අනතුරුව නැවතත් දළදාවහන්සේ පෙරහරින් රජමාලිගා පරිශ්රයට වැඩමවා දළදා මන්දිරයේ තැන්පත් කිරීම සිරිත විය. මේ තුලින් දළදාවහ්න්සේගේ භාරකාරයා වසයෙන් රජතුමා එය ආරක්ශාකොට තබාගෙන ඇති බවත්, දයිනිකව වතාවත් සිදුකොට ඇති බවත්, වාර්ෂිකව ජනතාවට උන්වහන්සේ දැකබලාගැනිමට සහ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසාදී ඇති බවත් ඒ තුලින් රාජ්යත්වය ආරක්ශාකොටගත් බවත් පෙනේ. සින්හල බෞද්ධ රටක් වශයෙන් මේ රටේ ඉතිහාසය පුරාම මෙම  සම්ප්රදාය මහනුවර යුගයේ අවසානය දක්වාම පැවති බව වර්තමාන දළදා මන්දිරයද රජ  මාලිගා චතුරස්රයේම පිහිටා තිබීමෙන් මනාව පැහැදිළිවෙයි

1815 දී මේ රට ඉන්ග්‍රීසීන් කුමන්ත්රණයෙන් අල්ලාගත් පසු මෙම තත්වය වෙනස් විය. උඩරට ගිවිසුමේ 5 වන වගන්තියෙන් මේ රට් බෞද්ධ උරුමය ආරක්ෂාකරණ බවට ව්යාජ පොරොන්දුවක් දුන්නද බ්රවුන් රිග් ආණ්ඩුකාරයා මාර්තු 2 උඩරට ගිවිසුමේ තීන්ත වේලීමටත් පෙර එය උල්ලන්ගනය කළේය. එපමණක් නොව බෞද්ධ භික්ෂූන් සිරගතකිරීමට සහ මරාදැමීමටද ඔහු ක්රියාකළ අතර දළදා පෙරහැර පැවැත්වීමද නතර කළේය.

1828 දි රටපුරා ඇතිවූ නියගයක් නිසා ඉන්ග්‍රීසී ආණ්ඩුවේ ආධාර ඇතිව දළදා පෙරහැරක් පැවත්වූ බව වාර්තා වී ඇත. ඒ සඳහා මහමලුවේ විශාල ශාලා දෙකක් සාදා අලන්කාර ලෙස සරසා ආණ්ඩුකාරයා ඇතුලු රජයේ නිලධාරින් විසාල පිරිසකගේ සහභාගීත්වයෙන් මුරකාවල් යොදා තිබුණු බවද වාර්තාවේ.  අනතුරුව අණ්ඩුකාරයා පෙරහැරකින් මාලිගාව තුලට කැඳවා ගෙන ගොස් ධාතුකරණ්ඩුව දෙහිගම දියවඩන නිලමේ විසින් දෙන ලදුව ආණ්ඩුකාරයා විසින් ඇතුමත තැන්පත් කොට මහමලුවට පැමිණ අසුන් ගැනීමෙන් පසු පෙරහැර ආරම්භ කරණ ලදී. පෙරහැර අවසන්වීමෙන් පසු දියවඩන නිළමේ ඇතුලු පිරිස අලිඇතුන් සහිත පෙරහැරින් රජගෙදරට ගොස් ආණ්ඩුකාරයා බැහැදැක පෙරහැර  සාර්ථකව අවසන්කළ බව වාර්තාකල බවද සන්දහන්වෙයි. රජ මැදුරේදී ආණ්ඩුකාරයා බැහැදැකීමේ සම්ප්‍රදාය ආම්භවූයේ මේ ආකාරයෙන්ය.

ඉන්ග්රීසි ආණ්ඩුව මින් බලාපොරොත්තුවූ කරුණු කීපකි. ඉන්ග්රීසි ආන්ඩුවේ අධිකාරිය මේ රටතුල තහවුරු කරගැනීම, යටත් විජිතයේ රාජපාක්සික භාවය ඉස්ථිරකරගැනීම  සහ යටත්විජිතවාදී අධිකාරී බලයේ යසෝරාවය ප්‍රදර්ශනය කිරිමද ඒ අතර වේ.

1948 දී මේ රටට නිදහස ලැබීයයි  කයිවාරු ගැසුවද අදද දියවඩන නිලමේවරයා බස්නාක නිලමේ වරුන් පිරිවරාගෙන අලිඇතුන් සහිත පෙරහරකින් ආණ්ඩුකාර නිල නිවසට ගොස් ජනාධිපතිවරයා සහ දිසාපතිවරයා ඇතුලු යටත්විජිතවාදී නෂ්ටාවශේෂ නිලධාරීන් බැහදැක සිදුකරණුයේද මේ දෙයමය. මේ වු කලී අපගේ රජවරුන් තම යුතුකම් ජනතාව සහ භිෂූන් වෙනුවෙන් වාර්ෂිකව ඔවුන්වෙත ගොස් පෙන්වීමේ පෙරදිග විසිෂ්ඨ සන්කෘතිය මුලුමනින්ම කණපිට හැරවීමකි. ඒ නිසා අන්ධානුකරනයෙන් හා ලජ්ජානැතිව  මොවුන් අද මේ සිදුකරන්නේද  යල්පැනගිය එම යටත්විතිත සම්ප්රදායම නොවේද? ඊනියා නිදහස ලබා වසර 71 ට පසුව හෝ යටත්විජිත භාවයේ නෂ්ටාවශේෂයන්ට දැන්වත් තිත තබන්නේ නැත්තේ ඇයි ? එසේ නොකරන්නේ ඔවුන් තවමත් අධිරාජය්වාදීන්ගේ සුවච ඇම්බැට්ටයින් නිසා නොවේද? 1948 සිට සිටි එකම රාජ්ය නායකයෙකුට හෝ මෙබන්දු සිතිවිල්ලක් පහල නොවීම ගැන ඔවුන් ලජ්ජා විය යුතුය.රට ගැන හා අපේකම ගැන ඔවුන්ගේ ඇති ඇපකැපවීම මෙයින්ම පැහැදිළිවේ. සින්හල බෞද්ධ අප තුලනම් ඔවුන් පිලිබන්ද ඇත්තේ බලවත් කලකිරීමක් සහ  පිළිකුලකි.

ඇත්තවශයෙන්ම මේ අධිරාජ්යවාදි දීන බව ප්රදර්ශනය කිරීමේ සම්ප්රදායට තිත තැබීමට පලමු පියවර ගතයුත්තේ නිදහස්යයි කියන මේ රටේ රාජ්ය නායකයින් නොවේද?

එමනිසා තවදුරටත්  ලෝකයේම් විෂිස්ඨ සන්ස්කෘතියකට හිමිකම් කියන මේ නිදහස් රටේ අපි ඉන්ග්රීසි ගැත්තන් නොවී ඔවුන්ගේ දීන ගැත්තන් වන  දේසීය පාලකයින්ගේද ඇම්බැට්ටයන් නොවන බවට වගකීම සමස්ත ලාන්කේය සින්හල බෞධ ජන්තාවගේම ගිහි නායකයා සහ දළදාවන්සේගේ ගිහි භාරකරුවන  දියවඩන නිලමේ ඇතුලු සතරමහා දෙවාලවල බස්නායක නිලමේ වරුන්වත් පියවර ගතයුතුයයි මම යෝජනා කරමි.

දේශපාලන හා වෙනත් හේතුන් නිසා ඔවුන්ටද එසේ කිරීමට පිටකොන්දක් නැතිනම් මේ රටේ හා ජාතියේ  මුරදේවතාවුන්  වහන්සේලා වන අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් ඇතුලු ප්රධාන භික්ෂූන්   වහන්සේලා හෝ මේ අධිරාජ්යවාදී ගැතිකමේ නස්ඨාවශේෂ සම්ප්රදායන්ට වහාම තිත තැබීමටත්  ඒ සන්දහා සින්හල බෞද්ධ රාජ්යක සම්ප්රදායන්ට ගැලපෙන ක්රම වේදයක් ඇති කිරීමටත් සුදුසු කාලය දැන් එළම්බ ඇතැයි මම සිතමි. දැන්වත් ඒ අනුව කටයුතු කරනමෙන් රාජ්ය පාලකයින්ට නොපමාව උපදෙස් දෙන මෙන් උන්වහන්සේලාගෙන් මම ගෞරාව්යෙන්  ඉල්ලා සිටිමි

උන්වහන්සේලාද මේ සන්දහා එවැනි පියවරක් ගැනීමට මැලිවන්නේනම් මේ රටට හා සින්හල බෞද්ධ සන්ස්කෘතියට ආදරේ ඇති සින්හල බෞද්ධ උරුමය  පිලිබඳ උගතුන් හා බුද්ධිමතුන් එක්ව හෝ මේ යටත් විජිත නශ්ඨාවශේසයන් දැන්වත් ඉවත්කොට නිදහස් රටක් හා ජාතියක් වශයෙන් අපගේ අනන්යතාව රැකගතයුතු අතරම ශ්රී දළදා වහන්සේගේ මෙන්ම සින්හල ජාතියේ හා සම්බුද්ධ ශාසනයේ  ගෞරවය නැවතත් ප්රතිශ්ඨාපනය වන පරිදි සුදුසු වැඩ පිලිවෙලක් යෝජනා කළයුතුයැයි මම සිතමි.

 මේ පිලිබන්ද තීරණයක් ගැනිමේ ශක්තියක් මට ඇත්නම් මා යෝජනා  කරණුයේ රටේ රාජ්ය නායකයා විසින් පෙරහැර පවත්වා අවසානයේදී සින්හල ජාතියේ වර්තමාන සම්ප්රදායික නායකයින් හා සාශනභාර මුර දේවතාවුන් වහන්සේලා වන අස්ගිරි මල්වතු මහා නායක හිමිවරුන් ඇතුලු ත්රයිනිකායික මහානායක හිමිවරුන්ගේ ප්රධානත්වයෙන් මහනුවර මඟුල් ම්ණ්ඩුවේදී පැවෙත්වෙන ද්විපාර්ශික කාරක සන්ඝ සභාවකට පෙරහර සාර්ථකව අවසන්කළ බව සැළකර සිටීමයි. එසේම ඊලන්ග වසරේදී පෙරහැර පැවත්වීම පිල්බන්ද  උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීමද සිදුකළයුතු බවය.

රජදවස රජතුමාද ඇතෙකුපිට නැගී පෙරහැරේ ගන්කළ බව සන්දහන් වේ. අද අපට රජෙක් නැත. ඒ වෙනුවට වර්තමානයේ සිටින්නේ ජනාධිපති වරයෙකි. නමුත් ඔහු අද රටේ ජනතාව විසින් පත්කරගත් රටේ හා ජාතියේ  නායකයාය. ඔටුණු නොපලන් රජතුමාය. ඒ නිසා පුරාණ රජතුමාගේ කාර්යභාරය ඉටුකිරීමට ඔහුටද සෑම අයිතියක්ම තිබේ. මෙහිදී ජනාධිපති වරයාද ඊට සුදුසු මුල් ඇන්දුමකින් සැරසී දියවඩන නිලමේ සහ සතර මහා දේවාල බස්නායකවරුන් සහිත  පෙරහැරකින් පැමිණ මෙම සැළකර සිටීම කළ මැනවයි මම යෝජනා කරමි.

එසේ කිරීමෙන් දළදා වහන්සේට කිසිදු සම්බන්ධයක් නැති යටත්විජිත නෂ්ඨාවශේෂයක් වූ ආණ්ඩුකාර නිල නිවසට ගොස් යටත්විජිත ප්රතිරූපකයන්ගේ හා සම්ප්රදායන්ගේ අමිහිරි මතකයන් සිහිගන්වන ජනාධිපතිවරයා සහ දිසාපතිවරයා අතුලු නිලධාරීන් බැහැදැකීමේ නිවට සම්ප්රදාය අවසන්කොට නිදහස් නිවහල් සින්හල බෞද්ධ රාජ්යකට උචිත නව ආගමික, සාමාජික හා සoස්කෘතික සම්ප්රදායක ආරම්භයක් පිලිබන්ද අයිතිහාසික   සටහනක්ද සනිටුහන් වනූ ඇතැයි මම විස්වාශ කරමි. එසේම මේ රටේ තවමත් සින්හල බෞද්ධ රාජ්යක ලක්ෂණ නොනැසී පවතින බව මුලු ලොවටම පෙනීයනු ඇත. එසේ නොකොට ජනාධිපති වරයා සිය පවුල සමඟ රැජිනහෝටලයේ සිව්මැදුරු කවුලුවක වාඩිවි පෙරහැර නැරබීමෙන් ඔහුට සින්හල බෞද්ධ රාජ්යත්වයේ  ආගමික හා සාමාජික යුතුකම් ඉටුකළ නොහැ

1853 දී ඉන්ග්රීසි ආණ්ඩුව විසින් දළදා වහන්සේගේ භාරකාරත්වය අස්ගිරි හා මල්වතු නා හිම්වරුන්ට සහ දියවඩන නිලමේට භාරදීමෙන් සිදුකොට ඇත්තේ අමිල සේවයකි. මන්ද එසේ නොවී අපේ දේසපාලකයින් අතට එයත් ලැබුනේනම් මේ උතුම් රටට්  1948 සිට ඔවුන් විසින්  සිදුකොට ඇති විනාශය දෙස බලනවිට මේ වනවිටත් දළදා වහන්සේද විකුනාගෙන කා අවසන්වීමට සෑම ඉඩක්ම තිබුණ නිසාය.ඊනියා නිදහස ලැබී වසර 71 ක් ගතවී ඇතත් තවමත් යටත්විජිතවාදී මානසිකත්ව ග්රහණයෙන් මුදාගෙන නැති මහනුවර දළදා  පෙරහැර හෝ යටත්විජිතවාදී මානසිකත්ව ග්රහණයෙන් පළමුව මුදාගෙන මේ ශ්රේශ්ඨ සින්හල බෞඩ්ද ජාතියේ ගෞරවය රැකගනිමු. එසේකොට ඒ තුලින් ජාතික පුනරුදයකට මුල පුරමු

ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර ඊනියා නිදහස ලැබී වසර 71 ක් ගතවී ඇතත් තවමත් මේ රටේ පාලකයින් විසින් යටත්විජිතවාදී මානසිකත්ව ග්රහණයෙන් මුදාගෙන නැති මහනුවර ශ්රී දළදා පෙරහැර

ආචාර්ය සුදත් ගුණසේකර

2021 ජූලි 21 දින

ක්‍රි.ව.1815 වන විටත්  වසර 2358 ක් තිස්සේ අඛණ්ඩව පැවති පෙරදිග ලෝකයේ ප්‍රශස්ථ රාජ්‍යක් වූ සින්හලේ රාජධානිය සහ ඉන්ග්‍රීසීන්ගේ එක්සත් රාජධානිය සම තත්වයේ සිට ඉහත සඳහන් ජාත්‍යන්තර ගිවිසුම අත්සන් කළද  බ්‍රවුන් රිග් ආණ්ඩුකාරයා විසින් 1818 අන්ක 21 දරණ බ්‍රතාණ්ය රාජ්‍ය ආආඥාවේ පටන්  1948 දක්වා ඉන්ග්‍රීසී අධිරාජ්‍යවාදීන් විසින් උදුරාගෙන අපට අහිමිකරණළද අපගේ ජාතික උරුමයන්

ශ්රීමත් ජනාධිපති තුමනි, 1815 දී මහනුවරින් අපට අහිමිවූ, සුද්දන් විසින් උදුරාගත් ජාතියේ   ශ්‍රේෂ්ඨ උරුමයන් යලි ආපසු ලබාගැනීම අපි මහනුවරින්ම අරඹා මහා ජාතික පුනරුදයකට මුල පුරමු. එසේම යටත් විජිතවාදී මානසික වහල් භාවයෙන්  දැන්වත් මිදී ජාතියේ නව යුගයක ආරම්හයට මුල පුරමු.

පසුගිය වසරේදීද මේ අරමුණම ඇතිව වර්තමානයේ මහනුවර වාර්ශික දළදා පෙරහැර නිමාවිම්මෙන් පසු දියවඩන නිලමේ අතුලු පිරිස ජනාධිපති මැදුරට ගොස් ඒ බව ජනාධිපතිවරයාට ප්‍රකාශකිරීම කිසිසේත් නොගැලපෙන බව පෙන්වාදෙමින් මවිසින් ලියනලදුව පළකෙරෙනු පහත සදහන් ලිපිය ඔබතුමා නොදකින්නට ඇතැයි මම සිතමි. එසේම ජනාධිපති මාධ්ය අන්ශය හෝ උපදේශකයින් හෝ එම ලිපිය ඔබතුමාගේ අවධානයට යොමු කර නැතයිද මම සිතමි. මන්ද  එය දුටුවේනම් මේ වසරේදීද ඔබතුමා එම යටත්විජිත වහල් භාවය යලිත් ප්‍රසිද්ධියේ ප්‍රදර්ෂනය කිරීමට දියවඩන නිළමේට ඉඩ නොතබන බව මට විශ්වාසය.

එබැවින් එම ලිපිය නැවතත් පලකරන්මෙන් ලන්කාවෙබ් අඩවියෙන් මම ඉල්ලා සිටියෙමි. කරුනාකර එම ලිපිය  කියවා  ලබන වසරේ සිට හෝ එම ලිපියෙන් මවිසින් යෝජිත  වැඩ පිළිවෙල ක්‍රියාත්මකකොට 1815 දී මහනුවරින් අපට අහිමිවූ, සුද්දන් විසින් උදුරාගත් ජාතියේ ඒ  ශ්‍රේෂ්ඨ උරුමයන් යලි ආපසු ලබාගැනීමේ මහන්ගු කාර්ය අපි මහනුවරින්ම අරඹා මහා ජාතික පුනරුදයකට මුල පුරමු

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress