මේ අවස්ථාවේදි මහ මැතිවරණයකට යාම කිසිසේත්ම සුදුසු නැත-( ඉහහත සඳහන් ලිපියට කෙටි එකතුවකි)
Posted on August 23rd, 2022

ආචාර්‍ය සුදත් ගුණසේකර -මහනුවර.  23.8.202

ඉහත ලිපියේ සඳහන් ගැටළු කිසිවක් නොසලකා හදිසි මැතිවරණයක් ඉල්ලා වටිනා කාලය සහ මිනිස්දින කා දමමින් ඝෝෂා කරමින්, විරෝධතා පෙළපාලි යන ජේ වී පී එක මැතිවරණයක් තිබ්බොත් ඔවුන්ට දැනට තිබෙන ආසන 3, රජයක් පිහිටුවීමට අවශ්‍ය 113 ක් වෙයි කියා හිතනවාද?  ඒ වගේම දැනට 50 ක් පම්ණ තිබෙණ තව නොබෝ දිනකින් එයද 30 කට පමණ බැසීමට ඉඩ ඇති සජිත් පෙරමුණට 113 කර ගත හැකිද යන ප්‍රශ්නය ඔවුන් විසින් තමන්ගෙන්ම ඇසිය යුතුය.මගේ මතයේ හැටියට ඒ දෙකම හුදු දවල් හීන පමණි.

හැබැයි එකක් නම් ඉස්ථිරවම කිව හැක. එනම් මේ දෙකම කිසි ලෙසකින් මේ අවස්ථාවේදී සිදු නොවන බවය. ජේ.වී.පී 3 ඇතැම්විට 10 ක් හෝ  13 ක් විය හැක. සජිත්ගේ පිළට 25 ක් හෝ 30 ක් ලැබිය හැක. මන්ද ඊ ළඟ මැතිවරණයට තරඟ කරන ප්‍රධාන පක්ශය වනුයේ පොදුපෙරමුණ සහ රනිල්ගේ පරණ එ.ජා. ප යේ සන්ධානයක් වන බැවිණි.

මේ අතර 10 යේ කන්ඩායමට සහ අලහප්පෙරුම කණ්ඩායමටද   ආසන 20 ක් 25 ක් පමණ ලැබීමෙන් මැතිවරණය හමාර වනු ඇත. එසේ වූ විට නැවතත් බලයට පත්වන්නේ පොදුපෙරමුණ+රනිල් එ.ජා.ප කණ්ඩායාමය.

එමනිසා  මේ අවස්ථාවේදී හදිසි මැතිවරණයක් සඳහා රුපියල් කෝටි 1500 ක් පම්ණ ණයට ගත් ජාතික ධනයක් වියදම් කිරීම මෙන්ම කාලය කා දැමීමෙ කිසිදු තේරුමක් නැත යන්න මගේ දැඩි  විශ්වාශයයි.එසේම එය මහා ජාතික අපරාධයක්ද වෙයි. තවද එය ගහෙන් වැටුණු මිනිසාට ගොණාත් ඇන්නා වැනි දෙයකි.

එමනිසා හදිසි චන්ද උනෙන් පෙළෙන සියලුම රෝගීන් දැන්වත් මේ යතාර්ථය තේරුම්ගෙන එම මෝඩ අදහස අත්හැර තාවකාලික සර්වපාක්ෂික රජයකට එකඟ වී, අතිපණ්ඩිතකම් මොහොතකට   පසෙක තබා එම රජයේ ඇමතිකම් ලබාගෙන ජනතා හිතවාදී වැඩ කොටසක් ඉටුකොට ශිල්ප දක්වා ජනතා ප්‍රශාදය ලබාගෙන 2025 මැතිවරණයට සූදානම් වීම වඩා ප්‍රඥාගෝචරයයි මම සිතමි.එවැනි දෑසට පෙනෙන ප්‍රඥාගෝචර මඟක් තිබියදී මේ අවස්ථාවේදි මහ මැතිවරණයකට යාම කිසිසේත්ම සුදුසු නැතැයි මම නැවතත් කියමි. එසේ නොකොට අඳුරේ අතගෑම සහ කාලය කා දැමීමේ කිසිදු තේරුමක් නැත යන්න මගේ දැඩි විශ්වාශයයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress