ඊයේ පුවත් පත්වල පලවූ ප්‍රවුර්ති කීපයක් පහතින් දක්වමි. රටේ තත්වය  මෙසේ තිබියදී තව තවත් ඇමතිවරු පත් කරමින් මේ රජය නටන නාඩගම කුමක්ද?
Posted on September 23rd, 2022

සුදත් ගුණසේකර මහනුවර

ජනාධිපතිවරයා මේ සූදුව වහාම නතහර කර කැබිනට් ඇමතිවරුන් 15 ක් පමණක් පත්කොට  අදාල විෂයන් පිලිබඳ පූර්ණ වගකීම ඔවුන්ට පැවරියයුතුයි, එසේකොට සතියෙන් දෙකෙන් අසාර්ථක ඇමතිවරුන් ඉවත් කොට අලුතෙන් අය පත්කලයුතුය.රජයේ වැඩවලට  මාධ්‍යයෙන් පිලිතුරු දියයුත්තේ කැබිනට් අමාත්‍යවරුන් පමණකි. ඊනියාරාජ්‍ය ඇමතිවරුන් වහාම ඉවත් කොට ඇමතිකමක් නොමැතිව ජනාතාවට සේවය කිරීමට බැරි අය වහාම ගෙදර යවා මේ දේශපාලන බරින් රට නිදහස් කළයුතුය.

1 තන්ත්‍රිමලේ පාසැල්වල ලමයින් රෑටත් උදේටත් කාලා නෑ

2 ගම්පහ පැත්තේ ළමයි දවාලට කන්නේ පොල්මඳ

3 ලන්කාවේ මුළු ජනගහනයෙන් 1/3 ආහාර අහේනියෙන් පෙලෙනවා (ලෝක සෞක්‍ය සන්විධානය)

5 ළමා  මඳපෝෂනය ඉහලට

6 පාසැල්වල ලමයි බුදු කුටියේ බුද්ධ පූජාවත් කාලා.

7 රජයේ සේවකයින්ට වැටුප් ගෙවන්ටත්  සල්ලි නෑ.අච්චුගහනටත් බෑ (ප්‍රවාහන ඇමැති බන්ඩුල ගුනවර්ධන)

8 රටේ උද්ධමනය 70%

 9 තෙල් නැව් 5ක් සල්ලි නැතුව මුහුදේ හිරවෙලා

10 මාසප්තා රට හැර ලක්ෂ ගනන් පිට රට රැකියාවලට යනවා

11 හම්බන්ටොට 80% මන්දපෝෂ්නයෙන් පෙළෙනවා

12 වී ගන්ට සල්ලි නෑ ,රජයේ බැන්කු සල්ලි දෙන්නේ නෑ. නෑ,(කෘෂිකර්ම ඇමති සමවීර ) මේ ඇමතිවරයා මේ  රජයේ නොවේද ඔහුත් මේ රජ්යේනම රජයේ බැම්න්කුවලට අමාතය මම්ණ්ඩල තීරණැයක් මගින් අවස්‍ය මුදල් වහාම නිකුත් කරන මෙන් බැකුවලට නියෝගයක් දෙන්ට බැරි. එසේ කිරීමට ඔහුට බැරිනම් වහාම ඉල්ලා අස්වියයුටුයි.

මේ එක් දිනක ප්‍රවුර්ති.  ඇමතිවරු දෙන්නෙක්ම පාපෝච්චාරරණය කරලා

මගේ ප්‍රශනය මෙකයි.රටේ සැබෑ තත්වය මෙය නම්  එම තත්ව යෙන් රට මුදවා ගැනීමට  ක්‍රියා කරණු වෙනුවට ඒවා නොවිසඳා පාපෝච්චාරන කරමින් සිටීමට අමතිවරු මොකටද. ආණ්ඩු මොකටද 60,70 ගනන් ඇමතිවරු මොකටද කොටින්ම 225 ක පාර්ලිමේන්තුවක් මොකටද ඒ මඳිවාට පලාත් සභා 9, අණ්ඩුකරයෝ 9 දෙනෙක්, මහ ඇමතිවරු  9 දෙනෙක් මේ සියළු දෙනාටම කැබිනට් ඇමති වැටුප් සහ සියළු වර ප්‍රසාද.  පලාත් සභා ඇමතිවරු 36 ක් මන්ත්‍රී වරු 638ක්. පලාත් සභා කරත්තය ඇදීමට නිලධාරින් 36,000කි.  ප්‍රාදේශීය සභා 276  සහ සභිකයින්,   3614ක් මේවා කිය කියා රාජ්‍යසේවකයින් 16 ලක්ශයක්ද  නඩත්තුකරමින් පවත්වාගෙන යන්නේ ඇයි.මේ සියල්ලම වහාම  වසා දමා  සේව්‍ය අව්ශ්‍යතා අනුව පමණක් රාජ්‍යසේවකයින් බඳවා ගැනීමේ විධිමත් වැඩපිළිවෙලක් දැන්වත් ඇරඹිය යුතු නොවේද ඒ කාර්‍ය දේශපාලකයින් භාර නොගෙන   භාණ්ඩාගාරයේ සේවක හා සන්ක්‍යා අන්ශයට භාර දුන්නාම ඒ වැඩේ ඔවුන් කරයි. පලාත් සභා  සඳහා 2020 වසර සඳහා පමණක් රුපියල් බිලියන 313 ක් වැයවූ බව වර්තාවී ඇත. රටට සත 5ක වැඩක් නැති, පාර්ලිමේන්තුවේ සිටින 225 ට චන්දය එකතු කිරීම සඳහා සහ රට, පලාත්, දිසා සහ ප්‍රාදේශීය වශයෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ නෑ දෑයන්,හිතවතුන් සහ ආවතේව කාරයින්ට රැකියා ලබාදීම සහ ඔවුන් නඩත්තු කිරීම සඳහා පමනක් පවත්වාගෙන යන  පරපුටු දේශපාලකයින් පිරිසක් නඩත්තු කිරීම සහ වරප්‍රසා ලබාදීම දැන්වත්  ඉහත සඳහන් පරිදි රට බන්ක්ලොත් භාවයේ පතුලටම වැටී ඇති මේ අවස්ථාවේදී හෝ වහාම නතර කළයුතු නොවේද,?

ජනාදිපතිවරයා මේ සූදුව වහාම නතකර. කැබිනෙට් ඇමාත්‍යවරුන් 15 ක් පමනක් පත්කොට ඔවුන්ට අදාල විෂයන් පිලිබඳ පූර්ණ වගකීම පැවරියයුතුයි, එසේකොට සත්යෙන් දෙකෙන් අසාර්ථක ඇමතිවරුන් ඉවත් කොට අලුතෙන් අය පත්කලයුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress