ප‍්‍රකට පන්සලක AC යන්ත‍්‍ර 15ක්.. AC නැතිනම් බිල ඉතා සාමාන්‍යයි.
Posted on September 23rd, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

අගනුවර ආසන්න ප්‍රධාන පෙළේ විහාරස්ථානයක වායු සමීකරණ යන්ත්‍ර 10-15 අතර ප‍්‍රමාණයක් සවිකර ඇති බව වාර්තා වෙයි.

මේ බව හෙළි වී ඇත්තේ මෑතකදී රජය විසින් ආගමික මධ්‍යස්ථාන සඳහා විදුලි බිල නැංවීමත් සමග එම පන්සලට සුර්ය බල පද්ධතියක් සවි කිරීම සඳහා ආයතනයක් ගිය අවස්ථාවේදීය.

ස්ථාන පරීක්ෂාව සඳහා පැමිණි නිලධාරියා දැනුම් දී ඇත්තේ වායුසමීකරණ යන්ත්‍ර වලින් තොරව සෙසු විදුලි උපකරණ ක්‍රියාත්මක කරවීම සඳහා නම් පද්ධතිය ස්ථාපිත කිරීම සාමාන්‍ය මිලකට කළ හැකිව ඇති බවයි.

වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ නම් ඉතා විශාල මුදලක් වැය වනු ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

වායු සමීකරණ යන්ත්‍ර භාවිතා නොකරන්නේ නම් මසකට විදුලි ඒකක පන්සියයක ආසන්න සීමාවේ විදුලි භාවිතයක් රදවා හැකි වනු ඇති බවද නිලධාරියා පෙන්වා දී තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress