වාසනාවන්ත රටක් පුරා වැජඹෙන කාලකන්ණි මිනිස්සු
Posted on October 4th, 2022

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

රට බංකොලොත් බව මෙරට සිටින බොහෝ දේශපාලඥයෝ මන්දිර, මාලිඟ හා මණ්ඩප දෙදරවමින් හඬ තලයි. ඒ හඬ ගලා එන්නේ ඔවුන්ගේ හදවතින් හෝ බුද්ධියෙන්, ඔවුනට ගෙනහැරපාන කරුණු තුලින් නොව, ඔවුනට මෙරට බටහිර තානාපතිවරු, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල නොයෝජිතවරු,හා ඔවුනගේ හෙන්චයියන් විසින් ගෙනහැර පාන කරුණු උපයෝගී කරගෙනය.

මේ දිවයින ඉන්දියන් සාගරයේ මේ ස්ථානයේ, පවතින තුරු, හිරු සඳු පායන තුරු කිසිදා කිසිවෙකුට බංකොලොත් කල නොහැකි සුන්දර රමණිය දිවයිනකි. ඒ බව නොවැටහීම හෝ නොතේරෙනවා සේ කටයුතු කිරීම ඒ ඒ දේශපාලඥයින්ගේ බංකොලොත් බාවයයි. බංකොලොත් වී ඇත්තේ මේ රට නොව මේ රට තුල ගලා යන දේශපාලනයයි. මේ දේශපාන යාන්ත්‍රනය මුළුමනින්ම සමතලා කොට ඒ මත ගොඩනංවන නව දේශපාලන යාන්ත්‍රනයකට මේ රට ගොඩගත හැකි අතර, ඒ මේ පවතින විධායකය ව්‍යාවස්ථාදායකය හා අධිකරණය තුලින් නම් නොවේ.

එසේ කල හැක්කේ කාටද? කෙදිනකද? යන්න තීරණය කරනුයේ, ජාත්‍යන්තර දේශපාලනයයි. ජාත්‍යන්තර දේශපාලනයේ පොරපිටියක් බවට පත්ව ඇති මේ දිවයින,මේ පොරයේ, බලපෑම හේතුවෙන්, මහත් අමාරුවෙන්, අසීරුතා රාශියක් තුලින් ගමන් කලද, ඒ සියල්ලක්ම තාවකාලික,වන අතර, අපට එරෙහිව කටයුතු කරන සියලුම සතුරන් මේ අවස්ථාවේදී, ජාත්‍යන්තර තලයේ, ලබන පරාජයන් අපට අපේ අනාගතය ඉතා සුරක්ෂිත බව පසක් කරයි. පවුමක වටිනාකම, ඩොලරයකට සමාන තත්වයකට කඩා වැටීම, අපිට කියාපාන්නේ, බංකොලොත් වෙලා ඇත්තේ ශ්‍රී ලංකාව නොව, මුලුමහත් යුරෝපය බවයි.

මේ රට අරාජික ලිබියාවකට සමාන තත්වයකට පත් කිරීමට වෙර දැරූ ඇමරිකා අධිරාජ්‍යවාදීන්ට මේ සිදුවුනේ කුමක්දැයි වටහා ගැනීමට බැරිව ගලේ පැහැරූ බළලෙකුගේ තත්වයට පත්ව ඇත. අපේ රටේ කෑල්ලක් කඩා ගැනීමට වෙර දරු උන්ට අනපේක්ෂිත ආකාරයට ඔවුන්ගේ,මර්මස්තානයක විශාල භූමියක් රුසියාවට ලබාදීමට සිදුව ඇත. මේ වෙනස්කම් සියල්ලක්ම අප රටේ දේශපාලනයට ඉතා වැදගත් කරුණු වෙන අතර, නුදුරු අනාගතයේදී අප නොව ඇමරිකන් අධිරාජ්‍යද බංකොලොත්, බාවයට පත්වීමත් සමග මෙරට සිටින සියලුම ඔවුන්ගේ ඉත්තන් හා පෙත්තන්ද අතුරුදන් වෙනු ඇත.

69 ලක්ෂයක්වූ අපේ තේරීමට උරුම කාලය රට පාලනය කිරීමට ඒ තෝරාගත් නායකයාට ඉඩ ලබානොදීම, කියාපාන්නේ, අපේ තේරීම් වලට මේ රට පාලනය කිරීමට ඉඩ නොදෙන බවයි. අප තවදුරටත් තොපේ දේශපාලනය නොකරන අතර, අපේ දේශපාලනය ඉදිරියේ තොප සැමව දැනගස්සවන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඉදිරියේ අප වෙනුවෙන් පෙනී අපේ මිතුරන් හා සන්ධානගතව නව ආසියාවක් ගොඩනැංවීමට දායක වෙන බවද සපත කරමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress